Friday, February 17, 2023

බුදු දහමේ අයිතිකාරයෝ.



පස්වග තවුසන්ට ධම්මචක්කත් පවත්තන සුත්‍රය දේශනා කිරීමෙන් ඇරඹුන බුදුරදුන්ගේ ධර්ම දේශනය අවසන් වුයේ
අවසන් බුද්ධ වචනය වන  හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" තෙක් යම් වචනයක් උන්  වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුයේද ඒ සියල්ල අවසන් වුයේ නිවන අරමුණු කරගනය. යම් ක්‍රියාවක් කලේද කෙනෙකුට නිවන් දැක්මට උපනිෂධ වනු පිණිසය.

උන්වහන්සේ දේශනා පැවැත්වුයේ ශුද්ධ මාගධී භාෂාවෙන් බව සඳහන්වෙයි. මාගධී භාෂාවේ අකුරු ව්‍යාකරණ  නොමැති අතර හැඟීම් මුලික කොට  ගැන ගොඩ නැගුනු භාෂාවකි. හැඟීම් මගින් අදහස උත්දීපනය වන ආකාරයේ භාෂාවක් නිසා නුගත්  උගත් බාල මහලු සියලු දෙනාට අවබෝධයට පහසු විය. . සුනීත , සෝපාක , රජ්ජුමාලා, ආලවක , වැනි පුද්ගලයින් භාෂාව උගත් අය වුයේ නැත . භාෂාව ඉගනීමට පවා තහනම් සමාජ පෙළක ජිවත් වුවන්ය. ඔවුන් පවා එක බුද්ධ දේශනාවකින් ම මාර්ග පල අවබෝධ කරගැනීමට සමත් විය. මාස හතරක් එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුනු චුල්ලපන්ථක ස්වාමින්වහන්සේට එක කර්මස්ථානයකින්  එක දවසකින් අරිහත්වයට පත්වෙන්න පුළුවන් වුන බව සාසන ඉතිහාසයේ තියනවා.
දැනට පවතින ත්‍රිපිඨකය සකස් කරේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවතී පළමුවන ධර්ම සංගායනාවේදීය . බුද්ධ දේශනා ඇසූ  සියලු ස්වාමින්වහන් සේ ලාගේ එකතුවකින්   එක් එක් දේශනය සාරාංශ කොට කට පාඩමින් තබාගත හැකිලෙස මාත්‍රා ගලපා සකස් කර  සුත්‍ර වශයෙන් සියලු බුද්ධ දේශනා සුත්‍ර විනය අභිධර්ම වශයෙන් පෙළ ගැස්වූ දහම පාලි විය. එක එක ධර්ම කොටස් පාරිභාෂිකව පවත්වාගන යාමට සඟ පරපුරවල් වෙන් වෙන්ව අනුයුක්ත විය. බුදු රදුන් ජීවමාන කාලයේ ගාථා තුබූ නමුත් සුත්‍ර තිබුනේ නැත. භික්ෂුන් වළගම්බා රජ දවස ත්‍රිපිටකය පොතක ලියන තුරු ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේලා සිටියේද නැත. පළමු වරට ත්‍රිපිටකය පොත්වල ලිව්වේද සිංහල වට අකුරු වලින් නොව බ්‍රාහ්මී අක්ෂර වලිනි . ඒවන විට වට අකුරු ශාස්ත්‍රය ලංකාවේ නොතිබුණු බැවිනි. වට අකුරු ශාස්ත්‍රය ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සොයා ගැන මෙරට රැගෙන ආවේ බුද්ධඝෝෂ හිමියන් විසිනි.  උන්වහන්සේ විසින් ත්‍රිපිටකය  බ්‍රාහ්මි අක්ෂර වලින් සිංහල වට අකුරු වලටත් ලියන ලද අතර එය නැවත පාලි භාෂාවෙන් සිංහලටත් පරිවර්තනය කර නැවත සිංහලෙන් පාලි භාෂා වටත් පරිවර්තනය ලදී. දැන් පවතින්නේ එම ත්‍රිපිටකයයි. මේ පරිවර්තන වලදී කොපමණ අඩුපාඩු සිදුවුවාදැයි කිසිවකු නොදනී. මුලික බ්‍රාහ්මි අක්ෂර ත්‍රිපිටකයට ලියන ලද හෙළ අටුවා ග්‍රන්ථ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කරන ලදුව විනාස වී ගියේය.

ත්‍රිපිටකය තුල ධර්ම කරුණු අසු හාර දහසක් ඇති බව කියවේ. මේ බොහෝ සුත්‍ර බුදුරජානන් වහන්සේ එක් එක් පුද්ගලයින් දෙවියන් බ්‍රහ්මයන් සඳහා ඔවුන් මතුකළ ප්‍රශ්න හමුවේ හෝ  පිරිසක් කතාබහක යෙදී සිටි කරුණක් මුල් කරගන දේශනා කරන ලද ඒවාය. ත්‍රිපිටකය පොතක ලියන තුරු භික්ෂුන්වහන්සේලා  දේශනා කරන ලද්දේ ඔවුන්ට අවබෝධවූ ධර්මයි.

දැන් ත්‍රිපිටක හරියටම දොස්තර බෙහෙත් තුන්ඩුවක් වැනිය. තුණ්ඩුවේ හරි ලෙඩේට හරි බෙහෙත ලියා ඇත , ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. නමුත් එය කියවිය හැක්කේ පාමසියේ අයට පමණි.ඉංග්‍රීස් දන්නා ඕනෑම අයෙකුට බෙහෙත් තුණ්ඩුව කියවිය හැකි නමුත් අදාළ බෙහෙත ලබාදිය නොහැක.   ඉංග්‍රීසි දන්නා සිල්ලර කඩ වෙළෙන්දන් පාමසියක් දමාගත් විට සිදු වන්නේ මහා ජන්ජාලයකි.
 ධර්ම දේශනා කරන බොහෝ භික්ෂුන්වහන්සේලා දෙවැනි වර්ගයේය. භාෂාවන් දනී නමුත් අර්ථයන් නොදනී. ඉදින් අකුරු නොමැති වූ මාගධී භාෂාවේ ධර්මයට වචන පද වැල් අල්ලගන අදහස විකුර්ති කරමින් සිටි. ධර්මය තමන්ගේ සංස්කරණයක් ලෙස සකසාගන අනෙකා දෙසන ධර්මයේ අඩුපාඩු කියමින් සිටි. තමන් දෙසන ධර්මය හරි බවත් අනෙකා මින්සුන් මුලා කරන බවත් තමන්ගේ දායක ප්‍රජාවට කියයි.

එසේ වී නම් ~What if 2

 2.පෘථිවියේ භ්‍රමණය නතර වුණොත්

හැමෝම දන්නවා පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ගමන් තමා වටාත් භ්‍රමණය වන බව. ඒකට දින එකක් නැත්නම් පැය විසිහතරක් ගතවෙනව. විශ්කම්භය කි. මී 12000 විතර වෙන පෘථිවියට පැය 24 කදී වටයක් කැරකීමට සාමාන්‍යයෙන් 1600Km/h  තරම් වේගයකින් කැරකෙනව.

අපිට දැනුනට අපි නිශ්චලව ඉන්නවා කියලා අපි ඇතුළු පොළොව මත තියන සියලුම ද්‍රව්‍ය වස්තු වලට අර කී ප්‍රවේගය තියනව. සාගරය වායුගෝලය ඇතුළුව. 

පෘතුවියේ භ්‍රමණය නතර වෙන ක්‍රම දෙකක් තියනව එකක් ක්‍රමිකව අවුරුදු බිලියන ගාණකදි නැත්නම් බාහිර හේතුවක් නිසා ක්ෂණිකව. 

දැනටමත් චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා පෘථිවියේ භ්‍රමණය වේගය අඩු වෙමින් තියනවා ඉතාම සුළු වශයෙන්. 

මුලින්ම බලමු පෘතුවියේ භ්‍රමණය ක්ෂණික නතර වුණොත් මොකද වෙන්නේ කියල. 

ඒක හිතාගන්න පුළුවන් හයිවේ එකේ 100Km/h යන වාහනයක් එක සැරේම බ්‍රේක් කරොත් ඇතුලෙ ඉන්න අයට සිද්ධ වෙන දේ ගැන හිතුවොත්. මං මුලින්ම කිව්ව පෘතුවියට තියෙන්නේ 1600Km/h වේගයක්. 

ඉතින් මේ පෘතුවියේ හදිසි බ්‍රේක් ගැහිල්ල නිසා මතුපිට තියන සියලුම ගහ කොළ ගොඩනැගිලි සුළු මොහොතකින් සුන්නත්දූලි වෙලා යනවා. මුහුද ගොඩබිම එන්නේ අර වේගයෙන්ම තමයි හිතාගන්න බැරි තරම් උස රැල්ලක් එක්ක. ලංකාව වගේ පොඩි දූපත් විතරක් නෙවෙයි සියලු මහාද්වීප සෝදාපාළු වෙලා යන්න පුළුවන්. වායුගෝලයත් කැලඹිල කුණාටුව වෙලා සුළඟේ වේගයත් 1600Km/h වෙනව. 

මේ වගේ ව්‍යවසනයක් වෙද්දී තවදුරටත් පණ තියන ජීවියකුට පෘතුවියේ ඉතුරු වෙන්න නම් විදියක් නෑ. කවුරු හරි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිටියොත් හැරෙන්න. 

එහෙම භ්‍රමණය ක්ෂණික නැතුව ක්‍රමිකව නතර වුනොත් මොකද වෙන්නේ කියල බලමු. 

එතකොට පෘතුවියේ එක පැත්තක් විතරයි සූර්යයාට මුහුණ දෙන්නේ හැමදාම. ඒ පැත්තේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගිහිල්ලා ජලය සිඳිල යනව ගහ කොල විනාශ වෙනව. පොළොවෙන් විෂ වායු පිට වෙන්න පුළුවන්. ඕසෝන් වියන විනාශ වෙලා අහිතකර කිරණ වායුගෝලයට ඇතුළු වෙලා ජීවීන්ට අහිතකර පරිසරයක් ඇතිවෙනවා. 

එතකොට අනිත් පැත්තට සූර්යාලෝකය කවදාවත් ලැබෙන්නේ නැති නිසා අධික ශීත පරිසරයක් ඇති වෙනවා. දෙපැත්තේ උෂ්ණත්ව වෙනස නිසා වායුගෝලය අධික ලෙස කැළඹීලා නිරන්තර කුණාටු ඇතිවෙනවා. 

උෂ්ණ කලාපයේත් ශීත කලාපයේත් අතරමැදි කලාපයේ ගොඩබිම වල යම් තරමකට ජීවීන්ට සුදුසු පරිසරයක් තිබුණත්. ඒවෙනකොට ඉන්න ජනගහනයෙන් ඉතාම සුලු පිරිසකට විතරයි ඒක ප්‍රමාණවත් වෙන්නේ. එකත් පරම්පරා කිපයකට සීමා වේවි ආහාර හිඟය සහ කටුක දේශගුණය නිසා. 










Monday, February 15, 2021

එසේ වී නම් ~what if @1

 මේක ලියන්න හිතුනේ ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ඔලු රාමුවක හිරකරගෙන ඉන්නව කියල තේරෙන නිසා. කැමති නැහැ  out of box හිතන්න. එහෙම හිතන උන්වත් පිස්සන් කියල කොන්කරනව.

FB youtube WhatsApp වගේ සමාජ ජාල ජනප්‍රිය වුනාට පස්සේ මිනිසුන්ගේ මනස විහිදෙන්න විදියක් නෑ. මොකක් හරි post එකක් හරි video එකක් හරි බලල අපි ඒකට හිනා වෙන්න ඕනද අඩන්න ඕනද කියලත් ඒකෙම කියල තියනව. 

YouTube එකේ තියෙන What if කියන නාලිකාවෙ තියන අදහස් ටිකක් තමයි මේකෙ ලියන්න හිතුනේ. ලෝකයේ සමහර දේවල් මේ පවතින විධියට වඩා වෙනස් විධියකට තිබුන නම් කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඒකෙ තියෙන්නෙ. 


1. පෘථිවියේ කුහරයක් 

කිලෝමීටර 12742ක්  විෂ්කම්භයක් තියන පෘථිවියේ මතුපිට එක තැනක ඉදන් මධ්‍ය ලක්ෂය හරහා යන විධියට කුහරයක් හෑරුවොත් අනිත් පැත්තෙන් මතු වෙන්න කොහොමද? 


ප්‍රායෝගිකව නම් කරන්න බැරි වැඩක්

හැබැයි ලෝකෙ මිනිස්සු උත්සාහ කරා. 1970දි සෝවියට් දේශයේ මේ විදියට පොළොව විදල බැලුව කොච්චර යටට යන්න පුළුවන්ද කියලා. එයාලට 12 km විතරයි පුළුවන් වුණේ. ඒක තමයි එතෙක් මෙතෙක් වැඩි ගැඹුර මිනිසා පොළොව විදපු. 

https://www.bbc.com/future/article/20190503-the-deepest-hole-we-have-ever-dug

කොහොම හරි ඒවගේ සිදුරක් විද්ද කියමුකෝ. පෘථිවි ගර්භයේ අභ්‍යන්තර උෂ්ණත්වය නොසලකා හැරල අපි පැන්නොත් අර සිදුර ඇතුලට  මොකද වෙන්නේ? 

විද්‍යාඥයන් ගණනය කරල තියනව විනාඩි 38 කින් විතර අපිට පෘථිවියේ අනිත් පැත්තෙන් මතුවෙන්න පුලුවන් බව. 

ආරම්භක අවස්ථාවේදී මතුපිට ඉඳන් පෘථිවියේ කේන්ද්‍රය තෙක් අපි ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කරල උපරිම ප්‍රවේගය මධ්‍යයේ දී ලබා ගන්නවා. මධ්‍යයය පසු කිරීමත් සමග ත්වරණය මන්දනයක් බවට පත්වෙලා අනිත් පස මතුපිටේදී අපේ ප්‍රවේගය 0 වෙනව. අපිව කවුරු හරි අල්ල ගත්තෙ නැත්නම් වෙන්නේ ආපහු සිදුර තුලටම වැටෙනව. ආපහු හිටපු තැනටම එනව. මේ විදියට දෙපැත්තට දෝලනය වෙවී ඉන්න පුළුවන් කවුරු හරි අල්ල ගන්න කම්. 









Sunday, February 14, 2021

6-3=2

 

සරල ගණිතමය විධියට 1=2 කියලා පෙන්වන විධිය තමයි උඩින් තියෙන්නේ 

පහුගිය දවසක "ස" ටත් ගනන් වැරදුනාම කට්ටිය මේ සූත්‍රෙ දාල පෙන්නල තිබුණා 6-3=2 කියල😜. 

සරලව මේකෙ වැ‍රැද්දක් පෙනුනේ නැති වුණාට වීජ ගණිතය අනුව ලොකු වැ‍රැද්දක් තියෙනවා. 

ගණිතයේදී 0 කියන්නේ හරිම පුදුම සංඛ්‍යාවක්. සාමාන්‍යය ජීවිතේදි 0 කියලා කියන්නේ මුකුත් නැහැ කියන එක. උදාහරණයක් විදියට මං ගාව පොල් ගෙඩි 5ක් තියනව, පොල් ගෙඩි 5ම මම කාට හරි දුන්නොත් මං ගාව පොල් ගෙඩි 0යි. 

ගණිතයේදී 0ට අගයක් තියෙනවා. ඒක තමයි පැවතිය හැකි ඉතාම කුඩාම සංඛ්‍යාව. අපිට ඕන නම් පුලුවන් පොතක් අරගෙන අපි දන්න කුඩාම ඉලක්කම ලියන්න පටන් ගන්න 0.000...........1 කියල, කැමති 0 ගනනක් ලියල. ඒත් 0 අර අපි ලියපු සංඛ්‍යාවට වඩා කුඩායි. 

අගයක් නොදන්න හැබැයි ඉතාම කුඩා සංඛ්‍යාවට සංකල්පීයව  කියන නම තමයි 0 කියන්නේ. 

ගණිතයේදී 1,2,3,4,..... විධියට පූර්ණ සංඛ්‍යා තිබුනට සාමාන්‍ය ජීවිතයේ තියෙන්නේ සංකල්පීය පූර්ණ සංඛ්‍යා විතරයි. 

අපි පොල් ගෙඩියක් හම්බු වෙනව. තව පොල් ගෙඩියක් හම්බු වෙනව. දැන් සරලව අපි කියනව පොල් ගෙඩි 2යි කියල. ඒත් ගණිතමය විධියට පළමු පොල් ගෙඩිය පොල් ගෙඩි 1යි නම් දෙවැනි එකත් පොල් ගෙඩි 1ක් වෙන්නේ නෑ. මොකද පෙනුමෙන් දෙකම පොල් ගෙඩි වුනාට බරෙන්, විශාලත්වයෙන්, කොහෙත්ම සමාන නැත. පොල් ගෙඩි දෙක සර්ව සම නැත. ඒක නිසා දෙවැනි ගෙඩිය පොල් ගෙඩි 1.1 හෝ 0.9 විය හැකිය. 

එතකොට මේ 0 අගය නිශ්චිය නොකල  ස්ථිර නොවන අගයක් නිසා. 0/0 හි අගය ගණිතමය ලෙස විස්තර නොහැකි එකකි. 

ඒක නිසා තමයි අර කලින් ගණිත කර්මයේදි 1=2 කියන වැරදි වියුත්පන්නයක් ලැබුනේ. 

~ අනන්තය කියල ගත්තොත් 

අනන්තය කියන්නේ සංකල්පීය විශාලම සංඛ්‍යාව

බින්දුව කියන්නේ සංකල්පීය කුඩාම සංඛ්‍යාව 

එහෙම නම් පහත මූලික ගණිත කර්ම වලින් යමක් වටහා ගන්න පුළුවන්. 

1÷1=1

1÷0=~

1÷~=0

~÷1=~

~÷~=? 

0÷~=0

~÷0=~

0÷0=?





















Friday, February 12, 2021

නොසැලකිල්ල


 

ඊයේ අපි අතරින් වෙන් වෙලා ගියපු ශ්‍රේෂ්ඨ කලා කරුවෙකු වෙච්ච ජයලාල් රෝහණ වෙනුවෙන් බොහෝ දෙනෙක් නිවන් සුව ප්‍රාර්ථනා කරල  තමන්ගෙ කනගාටුවට ප්‍රකාශ කරල තියෙනවා. 

මට කාලයක කලිනුත් හිතුන දෙයක් වගේම. නිකම්ම ශෝකය පළ කරනවට වඩා මෙවැනි අකල් මරණ අඩුකර ගන්න කිසියම් දැනුමක් බෙදා ගන්න හිතුන. 

මරණය ඕනම කෙනෙකුට නියමයක් සහ ඒක සිද්ධ වෙන කාලය තීරණය වෙන්නේ කරුණු හතරක් පදනම් කරගෙන. කර්මය ක්ෂය වීමෙන්, ආයුෂ ක්ෂය වීමෙන්, ඒ දෙකම එකට සිදුවීමෙන් සහ වෙනත් කර්මජ විපාකයක් ඵල දීමෙන් 

මේ හතරවැනි කාරණය ඇත්තටම බහුතරයකට කල් දාගන්න පුළුවන්. බරපතල කර්මයක් කරල නැත්නම්   ඵල දෙන්න තියෙන අවස්ථාව උදා නොකරගන සිටීමෙන්. 

ලංකාවේ මෑතකදි අපි අතරින් වෙන් වෙලා ගියපු වටිනා කලා කරුවො කීපදෙනෙක්ම දීහා බැලුවොත් අපිට පේනවා එයාල ජීවන ගමන නතර කරේ අකාලයේ බව.

එයාල සේවය රටට අත්‍යවශ්‍ය කාලයක. 

ජෝතිපාල ගේ ඉඳන් 

ක්ලැරන්ස් විජේවර්ධන 

මිල්ටන් මල්ලවආරච්චි 

ග්‍රැන්විල් රොඩ්‍ර්ගු 

ගුණදාස කපුගේ 

ජයලත් මනෝරත්න 

විජය නන්දසිරි 

ඇන්ටන් ජූඩ් 

සහ 

ජයලාල් රෝහණ. 

මේ සියලු දෙනා නතර වෙන්නෙ අවුරුදු  50 සහ 60 අතරෙදි. බහුතරයක් හාර්ට් ඇටෑක් නිසා. 

ඇත්තටම මේ තත්ත්වය ඉතාම අවාසනාවන්තයි. ලෝකයේ සෞඛ්‍යය දැනුම, පහසුකම් ඉතාම ඉහල මට්ටමක තියන කාලයක. ලංකාවේදී මෙවැනි සිදුවීම් බහුල නිසා ඒක සාමාන්‍යකරණය වෙලා. "ආ එයත් මැරිලාද" වගේ වචනෙකට සීමා වෙලා. 


දියුණු රටක මේ වගේ සිදුවීම් ඉතාම විරලයි. බොහෝ විට සිද්ධ වෙන්නේ කලාවට සම්බන්ධ අය සිය දිවි නසා ගැනීම්, අධික ආතතිය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය වගේ දේවල් නිසා. 

කොහොමද ඒ රටවල් මේ දේවල් අවම කරගන තියෙන්නේ 

1. පුද්ගලික සෞඛ්‍යය දැනුම (personal Healthcare) 

බොහෝ අයට තමන් ගන්න ආහාර ගැන අවබෝධයක් තියනව. පෝෂ්‍යදායී වගේම ගුණාත්මක ආහාර ගන්න මිනිස්සු සැලකිලිමත් වෙනවා. තමන් ආහාර වශයෙන් ගත්ත කැලරි ප්‍රමාණය ගැන හිතනවා. කැලරි වැඩි ආහාරයක් නම් ඒක දහනය කර ගන්න ව්‍යායාම කරන්න ඕන කියලා දන්නවා. 

අමු සහ තැම්බූ එළවළු ආහාර වල අනිවාර්යයෙන්ම දිනපතා තියනව. මිල අඩු බාල තෙල් වර්ග පාවිච්චි කරන්නේ නෑ. ලංකාවේ බහුතරයක් පොල්තෙල්  සහ එලවලු තෙල් කියලා තියෙන්නෙත් කටුපොල් තෙල්ය. 

පිටිකිරි භාවිතයක් ඇත්තේම නැත. නැවුම්දියර කිරි ආහාරයේ අනිවාර්ය අංගයක් . ලංකාවේ පිටිකිරි කියන්නේත් කටුපොල් ෆ්ලේවර් එකක්නේ. 

ලංකාවේ බොහෝ අයගෙ ජීවිත සමබර නැහැ. රස්සාවත් පුද්ගලික ජීවිතයත් වෙන්කරගන නැහැ.

විශේෂයෙන්ම කෑම ගැන සැලකිලිමත්කම ඉතාම අඩුයි. 

2. ප්‍රථමාධාර සහ ආරක්ෂාව පිළිබඳ දැනුම (Firstaid and Safety) 

දියුණු රට වල සාමාන්‍ය මිනිස්සුට වුනත් ප්‍රථමාධාර පුහුණුව තියනව. හාර්ට් ඇටෑක් එකකදී වාහනේකට පටව ගන ඉස්පිරිතාලේට දුවනවට වඩා ඉන්න තැන ඉඳන් ගිලන්-රථයකට දැනුම් දීල ඒක එනකම් ප්‍රථමාධාරයක් දෙන එක කොච්චර අර මනුස්සයාගේ ජීවිතේ බේරගන්න වැදගත්ද කියලා මිනිස්සු දන්නවා.

හාර්ට් බ්ලොක් එකකදී පලවෙනි විනාඩි පහ දහය ඉතාය වැදගත්. හැදුන කෙනා හුස්ම ගන්නෙ නැත්නම් මොළේට යන්නේ අපිරිසිදු රුධිරය ඔක්සිජන් රහිත. ඉතාම සංවේදී මොළේ නියුරෝන සයිල විනාඩි කීපයකදි ඔක්සිජන් නැතිකමින් මැරෙණව. අනිත් ඕනම සයිල වර්ගයක් නැවත වර්ධනය වුනාට නියුරෝන සයිල එහෙම අලුතින් හැදෙන්නේ නෑ. 

ඉතින් ප්‍රථමාධාර දන්න කෙනෙක්ට පුළුවන් ලෙඩාට  කෘත්‍රිම ස්වසනය දීල මොළේට ඔක්සිජන් ගමනය පවත්තා ගන්න ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා ඒකේ කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට සම්බන්ධ කරනකම්.

අනිත් අතට දියුණු රටවල හැම ගොඩනැගිල්ලම AED(automated external defibrillator) උපකරණය තියනව. ලංකාවේ කියන කරන්ට් එක අල්ලන එක. 

මේක පොඩි පුහුණුවකින් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්. රොකට් සයන්ස් එකක් නැහැ. AED එකෙන්ම උපදෙස්  දෙනව කරන්න ඕන මොකක්ද කියලා. නැවතිච්ච හාර්ට් එකක් ආයෙ පණ ගන්න පුළුවන් මේකෙන්. 


රජයෙන් අරන් දෙනකම් ඉන්න ඕන නෑ ලංකාවේ ඉහවහා ගිහින් තියන සුභසාධක සමිති වලට පුලුවන් එකක් අරගෙන තියාගන්න. ඇමසොන් එකේ ඩොලර් 650 වගේ වෙන්නෙ. අඩුම තරමේ එක ගමක එක ජීවිතයක් වත් බේරගන්න පුළුවන් වේවි. 

මේ වගේම දවස ගානේ සිද්ධ වෙන විවිධ මරණ වාහන අනතුරු, දියේ ගිලීම්, විස වායු ආඝ්‍රාණය වගේ දේවල් සුළු ප්‍රථමාධාර පුහුණුවකින් වලක්වා ගන්න පුළුවන්. 

ලංකාවේ ඕන තරම් බලාගන්න පුළුවන් වාහන ඇකසිඩන්ට් වලදී ලෙඩාව හතරට පහට නවල ත්‍රී වීල් වල ඔබාගන ඉස්පිරිතාලේ අරන් යනවා. 

ඉක්මනට ඉස්පිරිතාලෙකට යවන එක ගොඩක් හොඳයි. ඊට වඩා පොඩ්ඩක් හිතල වැඩ කරොත් අර ලෙඩාට සමහරවිට ජීවිත කාලෙම ඇඳක් උඩ ඉන්න වෙන එකත් වලක්වගන්න පුළුවන්. 














Sunday, January 31, 2021

ආදරයද මේ..

 දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා

මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා.

මේක ඕනම ආදරේ කරන කෙනෙක්ගේ අත්දැකීමක්, ඇයි   එහෙම බාධා ඇති ආදරය වැඩි දැනෙන්නේ? 

කොහොමද කෙනෙක්ට තව කෙනෙක්ට ආදරයක් හිතන්නේ?

විරහව වේදනාවක් නම් ඇයි ඒක විඳින්න කැමති?

විවිධ අයට විවිධ මත මේකට ඇති මේ මගේ අදහස. 

මනෝවිශ්ලේෂණය අනුව ආදරේ කියන්නේ තමන්ගේ අහිමි දෙය තව කෙනෙකුට ප්‍රක්ෂේපණ කිරීම. නැත්නම් තමන්ගේ හිස්කම අනුන් තුලින් පුරවා ගැනීම. 

මොකක්ද මේ හිස්කම නැත්නමි අපි ලග නැති දේ. 

පොඩි කාලේ ගෑනු ළමයි ආස බෝනික්කන්ට පිරිමි ළමයි ආස යෝධයන්ට, ලොකු වුණාම ගෑනු ළමයි ආස යෝධයො වගේ පිරිමින්ට, පිරිමි ළමයි ආස බෝනික්කො වගේ ගෑනු ළමයින්ට. 

ඒකෙන් තේරුම් ගන්න පුළුවන් යම් දෙයක්. පොඩි කාලේදී ළමයින්ගෙ මනස ලිංගික ඛණ්ඩනයක් සිද්ධ වෙලා නැහැ. හැබයි ජානමය වශයෙන් ලිංගිකත්වය වෙන්වෙලා තියනව. ඒ ඔස්සේ තමයි ගැහැණු ළමයි තම මව තමන්ට ආරෝපණය කර ගන්නේ. ඒ එක්කම පිරිමි ළමයි තම පියාව ආරෝපණය කර ගන්නවා. අවිඥානිකව තමන්ගේ අනාගතය ප්‍රතිනිර්මාණය කරනව. 

මව නැමැති මෘදු නම්‍යශීලි දයාබර බවත් පියා නැමැති දෘඩ සෘජු නොපෙනෙන ආදරයත් මගින් තමයි දරුවෙක් තමන්ගේ ලිංගිකත්වය මනසින් බෙදා වෙන්කර ගන්නෙ. තවත් කියනවා නම් දරුවා තමන් අනාගතයේ විය යුත්තේ ගැහැණියක්ද  පිරිමියෙක්ද මනසින් තීරණය කරන්නේ මේ මව සහ පියාගේ භූමිකාව මතයි. 

මේ යම් භූමිකාවක අහිමි වීමක් හෝ අඩුපාඩුවක් සිදු වූව හොත් දරුවාගේ ලිංගික අනන්‍යතාවය අර්බුදයකට යනවා. ශරීරයෙන් ගැහැණියක් පිරිමියෙක් වුනත් මනසින් 100% එහෙම නොවෙන්න පුළුවන්. 

ළමා විය ඉක්මවන දරුවාගේ ශරීරයේ ඇතිවන වෙනස්‌කම් එක්ක ගැහැණු ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමිවන දේ තමයි පියාගේ ශරීරය, ඒ කියන්නේ දැඩිබව  රලු‌‍ බව. ඒ එක්කම පියාගේ පහස ඈත් කරනවා ගැහැණු ළමයින්ට. 

පිරිමි ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමි වන දේ තමයි මෘදු බව සියුමැලි බව, ඒ එක්කම මවගේ ඇකයත්  පපුවේ උණුසුමත්  වැඩිවිය පත් වන විට අහිමි වෙනවා. 

මව්පිය භූමිකාව හරියට විඳින්න වෙන්නේ නැති ඕනම දරුවෙක් තුලින් බිහිවෙන්නේ අර්බුදයක් තියන ජීවියෙක්. තමන්ගේ ලිංගිකත්වය සුන්නත් කර ගත්තේ නැති. හරියට සර්කිට් එකේ වයර් මාරු වෙච්චි රිමෝට් කාර් එකක් වගේ. හැමවෙලාවෙම අනෙකාව කන්ෆියුස් කරනව. 

ස්ත්‍රිය තම ශරීර සුංගාරය උගසට තියල පිරිමියා ගෙන් බලාපොරොත්තු වෙන්නේ අහිමි වෙච්ච පියාගේ සලකුණ. පිරිමියා සියලුදේ කැප කරන්නේ තමන්ට අහිමි වුන මවගේ සංකේතය යලි ලබා ගැනීමට. 

දෙපාර්ශවයම තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගෙන තියෙන්නේ අහිමි දෙයක්,හිස්කම එක්ක. ඒක නිසා මේ හිස්තැන පිරවූනොත් තමන්ගේ අනන්‍යතාව චකබ්ලාස් වෙනවා. 

ඒක නිසා අනන්‍යතාව පැවත්ම සඳහා හිස්කම පිරෙන්න නොදී  පවත්වන් යෑම අත්‍යවශ්‍ය කරුණක්. 

ඔබේ ආදරය මට දෙන්න ඒත් ඒක පරිපූර්ණ කරන්න එපා මාව විනාස වේවි. ආදරය පැවත්ම තියෙන්නේ ඒ මතයි. 

ඒක නිසා ආදරේ උපරිම වින්දනය විඳින්න නම් උපරිම බාධක තියෙන්න ඕන. බාධක නැත්නම්  තමන් හදා ගන්න ඕන. 

සම්බන්ධතාවයකදි හොයන්නේ සෑබෑ ලෝකයේ ඉන්න පුද්ගලයා නෙවෙයි තමන් මනසින් ගොඩනගාගත් පුද්ගලයාව. අර ගුරාගෙයි ගෝලයගෙයි චිත්‍ර දෙකේ වෙනස හොයනව වගේ නිතරම සැබෑ පුද්ගලයයි මානසික පුද්ගලයයි ගලපනවා.

බඳින්න කලින්  තිබුණු ආදරය බැන්දට පස්සේ අතුරුදන් වෙන මැජික් එකට හේතුව ඕක තමයි. පොතේ අත්සන් කරාට පස්සේ ආදරය කරන්න තියන සියලු සමාජ සංස්කෘතික බාධක ඔක්කොම ඉවරයි. බාධක නැත්නම් ආදරේකුත් නෑ. 

 


ඉතින් ආයෙත් බාධා තියන ආදරයක් හොයනව. අනියම් සම්බන්ධතා ඉහවහා ගිහින් තියෙන හේතුව ඒකයි. 

ලංකාවේ එක දවසකට මිනීමැරුම් අඩුම එකක් හරි සිද්ධ වෙනවා අනියම් සම්බන්ධතා නිසා. 

සම්මත සමාජයේ ආදරය උත්තරීතර දෙයක් විදිහට සලකන්නේ. කවියො, ගීත රචකයො, මල් පත්තර කාරයෝ, මල් නවකතා පොත් ලියන, FB කතා ලියන අය බොහෝ දෙනෙක්  එක්ක කරන්නේ පුද්ගලික මානසික රෝග ආදරය කියල වැරදියට වටහාගෙන ඒවට සමාජ වටිනාකම් දෙන එක. 
























Saturday, January 11, 2020

සොක්‍රටීස්



මේ බුද්ධ වර්ෂ 2563යි. සොක්‍රටීස් ග්‍රීසියේ ඉපදෙන්නේ බුද්ධ වර්ෂ 100දී විතර. එයත් තමන්ට අවබෝධ වෙච්ච අලුත් දර්ශනයක් ගැන දේශනා පැවැත්තුවා. ඒ කාලේ බොහොම ජනප්‍රිය විෂයක් වුනු තාරකා විද්‍යාව වෙනුවට මිනිස්සුන්ගේ අදහස් ගැන දර්ශන වාදයක් තමයි සොක්‍රටීස් දේශනා කරේ. එක නිසා දර්ශනවාදයේ පියා විදියට එයාව සලකනවා. ඒකාලේ ග්‍රීසියේ දැඩි ආගමික මුලික සමාජයක් තිබුන නිසා පල්ලි වලට සැහෙන්න සමාජ බලයක් තිබුනා. බයිබලයේ පරණ තෙස්තමේන්තුව මුල් බැහැගත්ත පරිසරේක තමයි සොක්‍රටීස් තමන්ගේ අලුත් අදහස් සමාජ ගතකරේ. දෙවියන් විසින් නිර්මාණය කරපු දේවල් විමර්ශනය කිරීම මරණිය දණ්ඩනය ලැබෙන වරදක් වෙලා තිබුනා. යේසුස් වහන්සේ නව ක්‍රිස්තියානි ධර්මය ඉදිරිපත් කරලා අවුරුදු 500කට පස්සේ ජිවත් වෙච්ච ගැලීලියෝ  ගැලිලි ට පවා නිවාස අඩස්සියේ ඉන්නත් එයාගේ නව අදහස් වැරදියි කියලා උසාවියේදී ප්‍රසිද්ධියේ කියන්නත් වුනා මේ පල්ලි වල බලපෑම නිසා. බයිබලේ විදියට සියලු ග්‍රහ වස්තුන් පෘතුවිය වටා භ්‍රමණය වෙන එක නෙවෙයි සත්‍යය සුර්යා වටා අනෙක් ග්‍රහ ලෝක භ්‍රමණය වෙනවා මුලින්ම ප්‍රකාශ කරේ ගැලීලියෝ ගැලීලි එයා හොයා ගත්ත දුරේක්ෂය කියන උපකරණය ආධාරයෙන්. සොක්‍රටීස් ඒ අතින් ශ්‍රේෂ්ඨ වෙන්නේ එයා කොහෙත්තම එයාගේ අදහස් වැරදියි කියලා කියලා පිළිගත්තේ නැහැ පල්ලියේ බලපෑම් නිසා. සොක්‍රටීස් ටත් විරුද්ධව නඩු විභාගයක් පැවැත්වුනා. පල්ලියේ ඉගැන්වීම් වලට පිටස්තරව දේශනා තියලා තරුණ පිරිස් නොමග යැවීම චෝදනා මත. ජූරියේ බහුතරයෙන් සොක්‍රටීස්ට මරණ දඬුවම හිමිවෙනවා. මරණ දඬුවමෙන් මිදෙන්න නම් ක්‍රම දෙකක් තිබුනා එකක් එයා අදහස් වැරදියි කියලා පිළිගන්න එක නැත්තම් හොරෙන් පැනල යන එක . එයාගේ ශිෂ්‍යයෙක් වුනු ප්ලේටෝ සොක්‍රටීස්ට පැනල යන මාර්ගයක් හදලා තිබුනා.
හැබැයි සොක්‍රටීස් බාර ගත්තේ මරණය. මොකද එයා පැනල ගියා නම් එයාගේ ප්‍රකාශන වලට වටිනාකමක් නැති වෙනවා කියලා එයා දැනගන හිටියා . ගැලීලියෝ පස්සේ කාලෙකදී කරා වගේ උසාවියේ පිළිගත්තෙත් නෑ වැරැද්දක් කරා කියලා.
 සොක්‍රටීස්ට තිබුනේ එයාගෙම අතින් උග්‍ර විස කුප්පියක් බිලා මරණයට පත්වෙන්න. ප්ලේටෝ ඇතුළු එයාගේ ශිෂ්‍යයෝ ඉදිරියේ සොක්‍රටීස් තමන් අතින්ම මරණය උරුම කරගත්තා.

දැන් ඉන්න සුලුදේකට පවා තමන්ගේ ආත්මය පාවා දෙන මිනිස්සු අතරේ සොක්‍රටීස් කියන්නේ ශ්‍රේෂ්ඨයන් අතරත් ශ්‍රේෂ්ඨයෙක්.