Monday, May 11, 2026

බුදු දහමේ අයිතිකාරයෝ.



පස්වග තවුසන්ට ධම්මචක්කත් පවත්තන සුත්‍රය දේශනා කිරීමෙන් ඇරඹුන බුදුරදුන්ගේ ධර්ම දේශනය අවසන් වුයේ
අවසන් බුද්ධ වචනය වන  හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" තෙක් යම් වචනයක් උන්  වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුයේද ඒ සියල්ල අවසන් වුයේ නිවන අරමුණු කරගනය. යම් ක්‍රියාවක් කලේද කෙනෙකුට නිවන් දැක්මට උපනිෂධ වනු පිණිසය.

උන්වහන්සේ දේශනා පැවැත්වුයේ ශුද්ධ මාගධී භාෂාවෙන් බව සඳහන්වෙයි. මාගධී භාෂාවේ අකුරු ව්‍යාකරණ  නොමැති අතර හැඟීම් මුලික කොට  ගැන ගොඩ නැගුනු භාෂාවකි. හැඟීම් මගින් අදහස උත්දීපනය වන ආකාරයේ භාෂාවක් නිසා නුගත්  උගත් බාල මහලු සියලු දෙනාට අවබෝධයට පහසු විය. . සුනීත , සෝපාක , රජ්ජුමාලා, ආලවක , වැනි පුද්ගලයින් භාෂාව උගත් අය වුයේ නැත . භාෂාව ඉගනීමට පවා තහනම් සමාජ පෙළක ජිවත් වුවන්ය. ඔවුන් පවා එක බුද්ධ දේශනාවකින් ම මාර්ග පල අවබෝධ කරගැනීමට සමත් විය. මාස හතරක් එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුනු චුල්ලපන්ථක ස්වාමින්වහන්සේට එක කර්මස්ථානයකින්  එක දවසකින් අරිහත්වයට පත්වෙන්න පුළුවන් වුන බව සාසන ඉතිහාසයේ තියනවා.
දැනට පවතින ත්‍රිපිඨකය සකස් කරේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවතී පළමුවන ධර්ම සංගායනාවේදීය . බුද්ධ දේශනා ඇසූ  සියලු ස්වාමින්වහන් සේ ලාගේ එකතුවකින්   එක් එක් දේශනය සාරාංශ කොට කට පාඩමින් තබාගත හැකිලෙස මාත්‍රා ගලපා සකස් කර  සුත්‍ර වශයෙන් සියලු බුද්ධ දේශනා සුත්‍ර විනය අභිධර්ම වශයෙන් පෙළ ගැස්වූ දහම පාලි විය. එක එක ධර්ම කොටස් පාරිභාෂිකව පවත්වාගන යාමට සඟ පරපුරවල් වෙන් වෙන්ව අනුයුක්ත විය. බුදු රදුන් ජීවමාන කාලයේ ගාථා තුබූ නමුත් සුත්‍ර තිබුනේ නැත. භික්ෂුන් වළගම්බා රජ දවස ත්‍රිපිටකය පොතක ලියන තුරු ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේලා සිටියේද නැත. පළමු වරට ත්‍රිපිටකය පොත්වල ලිව්වේද සිංහල වට අකුරු වලින් නොව බ්‍රාහ්මී අක්ෂර වලිනි . ඒවන විට වට අකුරු ශාස්ත්‍රය ලංකාවේ නොතිබුණු බැවිනි. වට අකුරු ශාස්ත්‍රය ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සොයා ගැන මෙරට රැගෙන ආවේ බුද්ධඝෝෂ හිමියන් විසිනි.  උන්වහන්සේ විසින් ත්‍රිපිටකය  බ්‍රාහ්මි අක්ෂර වලින් සිංහල වට අකුරු වලටත් ලියන ලද අතර එය නැවත පාලි භාෂාවෙන් සිංහලටත් පරිවර්තනය කර නැවත සිංහලෙන් පාලි භාෂා වටත් පරිවර්තනය ලදී. දැන් පවතින්නේ එම ත්‍රිපිටකයයි. මේ පරිවර්තන වලදී කොපමණ අඩුපාඩු සිදුවුවාදැයි කිසිවකු නොදනී. මුලික බ්‍රාහ්මි අක්ෂර ත්‍රිපිටකයට ලියන ලද හෙළ අටුවා ග්‍රන්ථ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කරන ලදුව විනාස වී ගියේය.

ත්‍රිපිටකය තුල ධර්ම කරුණු අසු හාර දහසක් ඇති බව කියවේ. මේ බොහෝ සුත්‍ර බුදුරජානන් වහන්සේ එක් එක් පුද්ගලයින් දෙවියන් බ්‍රහ්මයන් සඳහා ඔවුන් මතුකළ ප්‍රශ්න හමුවේ හෝ  පිරිසක් කතාබහක යෙදී සිටි කරුණක් මුල් කරගන දේශනා කරන ලද ඒවාය. ත්‍රිපිටකය පොතක ලියන තුරු භික්ෂුන්වහන්සේලා  දේශනා කරන ලද්දේ ඔවුන්ට අවබෝධවූ ධර්මයි.

දැන් ත්‍රිපිටක හරියටම දොස්තර බෙහෙත් තුන්ඩුවක් වැනිය. තුණ්ඩුවේ හරි ලෙඩේට හරි බෙහෙත ලියා ඇත , ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. නමුත් එය කියවිය හැක්කේ පාමසියේ අයට පමණි.ඉංග්‍රීස් දන්නා ඕනෑම අයෙකුට බෙහෙත් තුණ්ඩුව කියවිය හැකි නමුත් අදාළ බෙහෙත ලබාදිය නොහැක.   ඉංග්‍රීසි දන්නා සිල්ලර කඩ වෙළෙන්දන් පාමසියක් දමාගත් විට සිදු වන්නේ මහා ජන්ජාලයකි.
 ධර්ම දේශනා කරන බොහෝ භික්ෂුන්වහන්සේලා දෙවැනි වර්ගයේය. භාෂාවන් දනී නමුත් අර්ථයන් නොදනී. ඉදින් අකුරු නොමැති වූ මාගධී භාෂාවේ ධර්මයට වචන පද වැල් අල්ලගන අදහස විකුර්ති කරමින් සිටි. ධර්මය තමන්ගේ සංස්කරණයක් ලෙස සකසාගන අනෙකා දෙසන ධර්මයේ අඩුපාඩු කියමින් සිටි. තමන් දෙසන ධර්මය හරි බවත් අනෙකා මින්සුන් මුලා කරන බවත් තමන්ගේ දායක ප්‍රජාවට කියයි.

ආදරයද මේ..

 දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා

මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා.

මේක ඕනම ආදරේ කරන කෙනෙක්ගේ අත්දැකීමක්, ඇයි   එහෙම බාධා ඇති ආදරය වැඩි දැනෙන්නේ? 

කොහොමද කෙනෙක්ට තව කෙනෙක්ට ආදරයක් හිතන්නේ?

විරහව වේදනාවක් නම් ඇයි ඒක විඳින්න කැමති?

විවිධ අයට විවිධ මත මේකට ඇති මේ මගේ අදහස. 

මනෝවිශ්ලේෂණය අනුව ආදරේ කියන්නේ තමන්ගේ අහිමි දෙය තව කෙනෙකුට ප්‍රක්ෂේපණ කිරීම. නැත්නම් තමන්ගේ හිස්කම අනුන් තුලින් පුරවා ගැනීම. 

මොකක්ද මේ හිස්කම නැත්නමි අපි ලග නැති දේ. 

පොඩි කාලේ ගෑනු ළමයි ආස බෝනික්කන්ට පිරිමි ළමයි ආස යෝධයන්ට, ලොකු වුණාම ගෑනු ළමයි ආස යෝධයො වගේ පිරිමින්ට, පිරිමි ළමයි ආස බෝනික්කො වගේ ගෑනු ළමයින්ට. 

ඒකෙන් තේරුම් ගන්න පුළුවන් යම් දෙයක්. පොඩි කාලේදී ළමයින්ගෙ මනස ලිංගික ඛණ්ඩනයක් සිද්ධ වෙලා නැහැ. හැබයි ජානමය වශයෙන් ලිංගිකත්වය වෙන්වෙලා තියනව. ඒ ඔස්සේ තමයි ගැහැණු ළමයි තම මව තමන්ට ආරෝපණය කර ගන්නේ. ඒ එක්කම පිරිමි ළමයි තම පියාව ආරෝපණය කර ගන්නවා. අවිඥානිකව තමන්ගේ අනාගතය ප්‍රතිනිර්මාණය කරනව. 

මව නැමැති මෘදු නම්‍යශීලි දයාබර බවත් පියා නැමැති දෘඩ සෘජු නොපෙනෙන ආදරයත් මගින් තමයි දරුවෙක් තමන්ගේ ලිංගිකත්වය මනසින් බෙදා වෙන්කර ගන්නෙ. තවත් කියනවා නම් දරුවා තමන් අනාගතයේ විය යුත්තේ ගැහැණියක්ද  පිරිමියෙක්ද මනසින් තීරණය කරන්නේ මේ මව සහ පියාගේ භූමිකාව මතයි. 

මේ යම් භූමිකාවක අහිමි වීමක් හෝ අඩුපාඩුවක් සිදු වූව හොත් දරුවාගේ ලිංගික අනන්‍යතාවය අර්බුදයකට යනවා. ශරීරයෙන් ගැහැණියක් පිරිමියෙක් වුනත් මනසින් 100% එහෙම නොවෙන්න පුළුවන්. 

ළමා විය ඉක්මවන දරුවාගේ ශරීරයේ ඇතිවන වෙනස්‌කම් එක්ක ගැහැණු ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමිවන දේ තමයි පියාගේ ශරීරය, ඒ කියන්නේ දැඩිබව  රලු‌‍ බව. ඒ එක්කම පියාගේ පහස ඈත් කරනවා ගැහැණු ළමයින්ට. 

පිරිමි ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමි වන දේ තමයි මෘදු බව සියුමැලි බව, ඒ එක්කම මවගේ ඇකයත්  පපුවේ උණුසුමත්  වැඩිවිය පත් වන විට අහිමි වෙනවා. 

මව්පිය භූමිකාව හරියට විඳින්න වෙන්නේ නැති ඕනම දරුවෙක් තුලින් බිහිවෙන්නේ අර්බුදයක් තියන ජීවියෙක්. තමන්ගේ ලිංගිකත්වය සුන්නත් කර ගත්තේ නැති. හරියට සර්කිට් එකේ වයර් මාරු වෙච්චි රිමෝට් කාර් එකක් වගේ. හැමවෙලාවෙම අනෙකාව කන්ෆියුස් කරනව. 

ස්ත්‍රිය තම ශරීර සුංගාරය උගසට තියල පිරිමියා ගෙන් බලාපොරොත්තු වෙන්නේ අහිමි වෙච්ච පියාගේ සලකුණ. පිරිමියා සියලුදේ කැප කරන්නේ තමන්ට අහිමි වුන මවගේ සංකේතය යලි ලබා ගැනීමට. 

දෙපාර්ශවයම තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගෙන තියෙන්නේ අහිමි දෙයක්,හිස්කම එක්ක. ඒක නිසා මේ හිස්තැන පිරවූනොත් තමන්ගේ අනන්‍යතාව චකබ්ලාස් වෙනවා. 

ඒක නිසා අනන්‍යතාව පැවත්ම සඳහා හිස්කම පිරෙන්න නොදී  පවත්වන් යෑම අත්‍යවශ්‍ය කරුණක්. 

ඔබේ ආදරය මට දෙන්න ඒත් ඒක පරිපූර්ණ කරන්න එපා මාව විනාස වේවි. ආදරය පැවත්ම තියෙන්නේ ඒ මතයි. 

ඒක නිසා ආදරේ උපරිම වින්දනය විඳින්න නම් උපරිම බාධක තියෙන්න ඕන. බාධක නැත්නම්  තමන් හදා ගන්න ඕන. 

සම්බන්ධතාවයකදි හොයන්නේ සෑබෑ ලෝකයේ ඉන්න පුද්ගලයා නෙවෙයි තමන් මනසින් ගොඩනගාගත් පුද්ගලයාව. අර ගුරාගෙයි ගෝලයගෙයි චිත්‍ර දෙකේ වෙනස හොයනව වගේ නිතරම සැබෑ පුද්ගලයයි මානසික පුද්ගලයයි ගලපනවා.

බඳින්න කලින්  තිබුණු ආදරය බැන්දට පස්සේ අතුරුදන් වෙන මැජික් එකට හේතුව ඕක තමයි. පොතේ අත්සන් කරාට පස්සේ ආදරය කරන්න තියන සියලු සමාජ සංස්කෘතික බාධක ඔක්කොම ඉවරයි. බාධක නැත්නම් ආදරේකුත් නෑ. 

 


ඉතින් ආයෙත් බාධා තියන ආදරයක් හොයනව. අනියම් සම්බන්ධතා ඉහවහා ගිහින් තියෙන හේතුව ඒකයි. 

ලංකාවේ එක දවසකට මිනීමැරුම් අඩුම එකක් හරි සිද්ධ වෙනවා අනියම් සම්බන්ධතා නිසා. 

සම්මත සමාජයේ ආදරය උත්තරීතර දෙයක් විදිහට සලකන්නේ. කවියො, ගීත රචකයො, මල් පත්තර කාරයෝ, මල් නවකතා පොත් ලියන, FB කතා ලියන අය බොහෝ දෙනෙක්  එක්ක කරන්නේ පුද්ගලික මානසික රෝග ආදරය කියල වැරදියට වටහාගෙන ඒවට සමාජ වටිනාකම් දෙන එක. 
























ඇම කෑම

      මම දෙහිඅත්තකණ්ඩියේ  වැඩ කරන කාලෙදි  ඒ වැඩ කරපු කොම්පැනියේ  මිනිස්සු දවසක් වැඩ කරන එක නැවැත්තුවා . ඒ කියන්නේ ස්ට්‍රයික් කරා පහුගිය මාසෙ පඩිය දෙන්න පරක්කු වුන නිසා. මිනිස්සුන්ට මාසෙක වුනාට අපිට ඒ වෙනකොට මාස දෙකක පඩි හම්බුවෙලා තිබුනේ නෑ.


උදේ වැඩට ආපු මිනිස්සු ඔෆිස් එක ගාවට ඇවිත් අපේ අකව්න්ටනුයි මහත්තයයි  PM මහත්තයයි ඔෆිස් එකේ නිවාස අඩස්සියේ තියාගත්තා  පඩි දෙනකම්.



මිනිස්සුන්ට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ.



ඇත්ටම මටත් දූකයි වැඩේට. අපිනේ මිනිස්සුන් ගෙන් වැඩ ගත්තේ. අනිත් එක මං දැකපු සුන්දරම මිනිස්සු හිටපු පළාතක්.



අන්තිමට හෙඩ් ඔෆිස් එකෙන් පොරොන්දු වුණා හවස් වෙන්න කලින් එදා වෙනකම් පඩි බේරන්න මිනිස්සුන්ට.



උදේ ඉඳන් වතුරත් නැතුව ඔෆිස් එකට වෙලා හිටපු මේ මිනිස්සු ගැන මට දුක හිතුනා. මං ගාව තිබුණු රු 300න් මං මනුස්සයෙක්ට කියලා පාන් ගෙන්න ගත්තා. මොනවා හරි කන්න දෙන්න හිතාගන.



අපේ චමරියත් තිබුනේ ඔෆිස්ම වූනාට  එකේ හොද්දක් හදන්න දෙයක් තිබුණේ නෑ ඒ වෙලාවේ.


ඉතින් කට්ටිය කිව්ව ලඟ තිබුණ වැවට ගියානම් පැයෙන් මාලු ටිකක් අල්ල ගන්න පුළුවන් කියලා. ඒකාලේ ජොලියටත් එක්ක මමත් ගියා. එක්කෙනෙක් ගෙහුං  බිලී පිති ටිකකුත් හොයා ගෙන ආවා තකහනියක් . සමහරු නම්  පිත්ත  වතුරට දානවා ගන්නවා මාලුවෙක් ඉන්නවා එල්ලිලා . මං පිත්ත දාගන හිටියාට මොකෙක් වත් කන්නේ නෑ මගේ ඇම. යන්තම් කරුමෙට දෙකේ කාසියක් විතර එකෙක් අහුවුනා අනිත් කට්ටිය වැඩේ ඉවර කරන්න කලින්.
කොහොම හරි අල්ල ගත්ත මාළු ටික චමරියේ තියාගන හදලා කට්ටිය තිබුණ පාන් ටික බෙදා හදාගන කෑවා.

මේ මාළු අල්ලනකොට  බිලි පිත්ත තියනවා තංගුස් නුල තියනවා, උඩ පාවෙන ඉපිල්ලක් තියනවා ,බිලී කොක්ක තියනවා, ඒක අල්ලගන ඉන්න මනුස්සයෙක් ඉන්නවා. හැබැයි කිසිම මාලුවෙක් ඔය ටික තිබුනට අල්ල ගන්න බැහැ , මොකද මාළුවා දන්නවා මේ එකතුව තමන්ට ගේන්නේ මරණය බව , ඒක නිසා ඔය ටිකට  අමතරව තව පොඩි දෙයක් අවශ්‍යය කරනවා මාලුවෙක් අල්ලගන්න, ඒක  තමයි ඇම, ඇමෙන් කරන්නේ මාලුවාව වසඟයට පත් කරන එක  ,අර තියුණු බිලී කටුව වහනවා මාළුවාට ප්‍රණීත ආහාරයකින් , ප්‍රිය දෙයක රස බලන්න ඇම ගිලින මාළුවාට සිද්ද වෙන්නේ ඇමෙන් වහලා තිබුන බිලි කටුව උගුරේ හිරකරගන්න . හිර වෙච්ච බිලිකටුව තංගුස් නුලෙන් සම්බන්ධ වෙලා තියන නිසා එකෙන් ගැලවෙන්න පස්සට අදින්න අදින්න තවත් කටුව උගුරේ හිර වෙනවා. ඊළඟට පිත්ත අතේ තියන කෙනා අදින්නේ කොහෙටද ඒ පැත්තට යන්න සිද්ධ වෙනවා . මාලුවාව වතුරෙන් උඩට ගත්තම මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා,


ඇත්තටම මාළුවාට මරණය උදාකරේ තියුණු බිලි කොක්කද නැත්තම් ප්‍රණීත  ඇමද , ඇම නැතුව මාළුවා නිකම් බිලි කොක්ක ගිලින්නේ නැහැනේ.   මරණය හෝ ඊට සමාන දුකකට පත්වෙන දේ පුංචි ප්‍රිය මධුර දෙයකින් වහලා දුන්නම මාළුවා එකේ ගොදුරක් බවට පත් වුණා.

ඒ වගේ ලෝකය කියන්නේ දුක් ගොඩකින් වැසුණු දෙයක්  ඒ වුනාට ඒ දුක් ස්වභාවය මධුර බවකින් වැහිලා තියෙන්නේ. තව කතාවක් කියන්නම් මේක තව තේරුම් ගන්න .
අපේ ගම්වල තියනවා ගම්දෙල් , අහලත් ඇති සමහරවිට, ගම්දෙල් ගෙඩිය හරියට ලා පොලොස් ගැටයක් වගේ පුංචි පුංචි මදුළු තියෙන්නේ , හැබැයි හරිම හරිම  රස ව්‍යංජනයක්  හදා ගත්තොත්, ගම්දෙල් ගෙඩි අමු ඒවා ගහෙන් කඩාගන්න ඕන උයන්න නම් ඉදිලා වැටෙන ඒවා උයන්න බැහැ , ගම්දෙල් ගහ මහා රූස්ස ගහක් නගින්න පුළුවන් එකකුත් නෙවෙයි ලේසියෙන්, කලාතුරකින් තමයි පහත් වුනු අත්තක් තිබිලා අමු  ගෙඩි ටිකක් කඩාගන්න පුළුවන්, එක ගෙඩියක මදුළු  තියෙන්නේ කීපයක් විතරයි, ව්‍යංජනයකට අඩුම ගානේ ගෙඩි 15ක් 20ක්වත් ඕන, පොලොස් ගැටයක් වගේ හයිය නිසා මදුළු වෙන්කරගන්න එකත් ලේසි නැහැ. පොලොස් වගේ මුළු ගෙඩියම උයන්නත් බැහැ. ගම්දෙල් ඇටයත් කඩල ඇටයක් තරම් උනාට කොස් ඇටයක් වගේ පොත්තක් තියනවා ව්‍යංජනයට එකත් සුද්ධ කරගන්න ඕන.
ඔබ  හිතන්න මෙහෙම හදාගත්ත ව්‍යංජනය  රස විඳින්න කලින් තව කෙන් හම්බු උනොත් කොහොමද කියන්නේ කියල, දන්නවද මං  අද හැදුවා ගම්දෙල් ව්‍යංජනයක් එනවද කාල බලන්න කියල කියාවි හරිම ආඩම්බරෙන්. දැන් ඔබ ටික වෙලාවක පස්සේ  කුස්සියට ගිහින් බලන කොට පුසෙක් පැනල අර ව්‍යංජන හට්ටියම බිමට පෙරලිලා නම් දැන් කොහොමද ඔබට දැනෙන්නේ. දැන් කියන්නේ මොනවද, බලන්න අයියෝ මං  උදේ ඉඳන් මහන්සි වෙලා හදා ගත්ත ව්‍යංජනය මගේ අතත් කැපුන සුද්ද කරන්නන ගිහින්, නියපොතු ටික ඉවරයි කහට ගැවීලා ,ඔයවගේ අදෝනාවක් තමයි අහන්න වෙන්නේ.
ඇයි එහෙම වුණේ ? මුලින් මේක රසවිඳින්න තිබුණ බලාපොරොත්තුව නිසා අර විඳපු දුක් ටික අමතක වෙලා තිබුනේ ව්‍යංජනය සකස් කරගන්න. හැබැයි ඒ බලාපොරොත්තුව බිඳ වැටුනා විතරයි අර විඳපු දුක් සියල්ල මතක් වෙනවා.

එතකොට මේ රස විඳීමේ අපිට දැනෙන්නේ කොච්චර සුළු වේලාවකද ව්‍යංජනය රස වින්ද කියල හිතමු , පින්ගානට බෙදා ගන්න කොට රස දැනුනද ,නැහැ බත් එක්ක අනාගන්න කොට ඇඟිලි වලට රස දැනුනද, නැහැ, කටට ලං කරනකොට තොලේ ස්පර්ශ වෙනකොට රස දැනුනද ,නැහැ, කටේ තියන අඟල් 2ක්‌ 3ක් විතර ඇති දිවේ ස්පර්ශ වෙනකොට විතරයි රස දැනුනේ, තත්පර කීයක්ද දිවේ තියෙන්නේ ,අපි ගිලිනවා ඊළඟට , උගුරට රස දැනෙනවද ,අමාශයේ පැය ගානක් තියනවා රස දැනෙනවද නැහැ.
 මොහොතක රස තෘෂ්ණාව නිසා අපි පෙලීම් ගොඩක් ඉවසන්න පුරුදුවෙලා  අපි සැපක් විදියට විඳින්නේ පෙලීමක් සමනය කිරීමක් විතරයි , වැඩිපුර සැපක් විඳින්න නම් වැඩිපුර පෙලීමක් විඳින්න වෙනවා,
සීතල වතුර වීදුරුවක් සැපක් වෙන්නේ අපි අව්වේ පැය ගානක් ඉඳලා දිව ගිලෙන්න තරමට තිබහ වෙලාවක, සීතල රෑක නුවර එළියේදී ඒක  අපිට තවත් පෙලීමක් විතරයි. එක නිසා සැප තිබුනේ වතුර වීදුරුවේ නෙවෙයි අපේ ස්වභාවයේ,
එතකොට මේ සැප මාත්‍රය තමයි ලෝක සත්වයාව මහා දුක් ගොඩකට ඇදල දානේ හරියට බිලී කොක්කේ එල්ලපු ඇම වගේ.
කව්ද මේ බිලී පිත්ත අල්ලගන ඉන්නේ ,මාරයා . සැප මාත්‍රය උගුරේ හිරවුනාට පස්සේ එයා අදින අදින පැත්තට සසරේ ගමන් කරනවා, එහෙට අදිනකොට මනුස්සයෙක් වෙනවා මෙහෙට අදිනකොට තිරිසනෙක් වෙනවා අයෙත් දෙවියෙක් වෙනවා , අපාගත වෙනවා ඔයවගේ අනන්ත කාලයක්.
 ලෝකේ  මතු පිටින් තියන  දුක් තමයි ,ප්‍රියයන්ගෙන් වෙන්වීම , අප්‍රියයන් හා එක්විම , කැමැත්ත ඉටු නොවීම, ඉපදීම , ජරාවට පත්වීම , මරණයට පත් වීම. මේ දුක් ස්වභාවය ඕනෑම සත්වයෙක් දන්නවා, බැල්ලියෙක්ගෙන්  පැටියෙක් අරගන යනකොට උටත්  දුක දැනෙනවා , පුසෙක් කැමති නෑ ගෙදරට බල්ලෙක් අරන් එනවට උ නොකා නොබී ඉන්නවා ටිකදවසක්  , මරන්න අරගන යන හරකෙක් දන්නවා තමන් මරන්න අරන්යන බව උගේ ඇස දෙකේ කඳුළු වැක්කෙරෙනවා අපිට පේනවා. 
බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ මේ මතු පිටින් පේන දුක විග්‍රහ කරන්න නෙවෙයි , ලෝක සත්වයා නොදකින් සැප තුල හැංගුන දුක විග්‍රහ කරන්නයි උන්වහන්සේ පහලවුණේ .

බුදු රජාණන් වහන්සේගේ කාලේදී විශාකා සිටු දුව ආවා එක සැරයක් බුදු පියාණන් හමුවට තෙත ඇදුම් පිටින් . උන් වහන්සේ ඇහුවා අයි මේ කවදාවත් නැතුව තෙත ඇඳුම් ඇඳගන කියලා. එතකොට විශාකාව කියනවා ස්වාමිනි මගේ මිනිපිරියක් මරණයට පත් උනා . මේක අපේ චාරිත්‍රයක් කියලා. ඉතින් මෙහි ආවේ මොකද කියලා බුදු පියාණන් වහන්සේ ඇහුවා විශාකාවගෙන්. ස්වාමිනි මට දුකයි ඒක සමනය කරගන්නයි ආවේ , එතකොට විශාකාව ඔබ මේ මියගිය මිනිපිරියට ආදරෙයිද , ඔව් ස්වාමිනි මම මහත්සේ ඇයට සෙනෙහසයි ,ඇය  වැනි තවත් මිනිපිරියන් ඔබට ලැබුනොත් කොහොමද , ස්වාමිනි මම තවත් සතුටුයි . එතකොට විශාකාව ඔවුන් සියලු දෙනාත් මරණයට පත් වුනොත්  තියන දුකද   ඔබට දැන් තියන දුක වැඩි ?  ස්වාමිනි අර සියලු දෙනා මියගිය විට දුකද වැඩියි.  එහෙනම්  ඔබ නොදන්නා පවුලක මෙවැනි දරුවෙක් මිය යනවා ඔබට මෙවැනි දුකක් දැනෙනවද විශාකාවනි? නැහැ ස්වාමිනි, එහෙනම් ඔබට වැටහෙනවද ඔබට වඩාත් දුක ගෙන දීල තියෙන්නේ ඔබේ ප්‍රියයන් බව. 

මේ වගේ ලෝක සත්වයා සසර ගමනට ඇද බැඳ තබා ගන්නේ මෙහි ඇති ප්‍රිය මධුර ස්වභාවය කියලා දකින පුද්ගලයා . ලෝකයේ  යථා ස්වරුපය දකිනවා . මේ දුකට හේතුව ප්‍රිය භාවය කියලා දකිනවා. දුක උදාවීම නතර කලයුතුයි කියලා දකිනවා . දුක උදාවීම නතරකිරීමට අනුගමනය කලයුතු මාර්ගය මේ යැයි දකිනවා. 




එසේ වී නම් ~what if @1

 මේක ලියන්න හිතුනේ ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ඔලු රාමුවක හිරකරගෙන ඉන්නව කියල තේරෙන නිසා. කැමති නැහැ  out of box හිතන්න. එහෙම හිතන උන්වත් පිස්සන් කියල කොන්කරනව.

FB youtube WhatsApp වගේ සමාජ ජාල ජනප්‍රිය වුනාට පස්සේ මිනිසුන්ගේ මනස විහිදෙන්න විදියක් නෑ. මොකක් හරි post එකක් හරි video එකක් හරි බලල අපි ඒකට හිනා වෙන්න ඕනද අඩන්න ඕනද කියලත් ඒකෙම කියල තියනව. 

YouTube එකේ තියෙන What if කියන නාලිකාවෙ තියන අදහස් ටිකක් තමයි මේකෙ ලියන්න හිතුනේ. ලෝකයේ සමහර දේවල් මේ පවතින විධියට වඩා වෙනස් විධියකට තිබුන නම් කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඒකෙ තියෙන්නෙ. 


1. පෘථිවියේ කුහරයක් 

කිලෝමීටර 12742ක්  විෂ්කම්භයක් තියන පෘථිවියේ මතුපිට එක තැනක ඉදන් මධ්‍ය ලක්ෂය හරහා යන විධියට කුහරයක් හෑරුවොත් අනිත් පැත්තෙන් මතු වෙන්න කොහොමද? 


ප්‍රායෝගිකව නම් කරන්න බැරි වැඩක්

හැබැයි ලෝකෙ මිනිස්සු උත්සාහ කරා. 1970දි සෝවියට් දේශයේ මේ විදියට පොළොව විදල බැලුව කොච්චර යටට යන්න පුළුවන්ද කියලා. එයාලට 12 km විතරයි පුළුවන් වුණේ. ඒක තමයි එතෙක් මෙතෙක් වැඩි ගැඹුර මිනිසා පොළොව විදපු. 

https://www.bbc.com/future/article/20190503-the-deepest-hole-we-have-ever-dug

කොහොම හරි ඒවගේ සිදුරක් විද්ද කියමුකෝ. පෘථිවි ගර්භයේ අභ්‍යන්තර උෂ්ණත්වය නොසලකා හැරල අපි පැන්නොත් අර සිදුර ඇතුලට  මොකද වෙන්නේ? 

විද්‍යාඥයන් ගණනය කරල තියනව විනාඩි 38 කින් විතර අපිට පෘථිවියේ අනිත් පැත්තෙන් මතුවෙන්න පුලුවන් බව. 

ආරම්භක අවස්ථාවේදී මතුපිට ඉඳන් පෘථිවියේ කේන්ද්‍රය තෙක් අපි ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කරල උපරිම ප්‍රවේගය මධ්‍යයේ දී ලබා ගන්නවා. මධ්‍යයය පසු කිරීමත් සමග ත්වරණය මන්දනයක් බවට පත්වෙලා අනිත් පස මතුපිටේදී අපේ ප්‍රවේගය 0 වෙනව. අපිව කවුරු හරි අල්ල ගත්තෙ නැත්නම් වෙන්නේ ආපහු සිදුර තුලටම වැටෙනව. ආපහු හිටපු තැනටම එනව. මේ විදියට දෙපැත්තට දෝලනය වෙවී ඉන්න පුළුවන් කවුරු හරි අල්ල ගන්න කම්. 









සොක්‍රටීස්



මේ බුද්ධ වර්ෂ 2563යි. සොක්‍රටීස් ග්‍රීසියේ ඉපදෙන්නේ බුද්ධ වර්ෂ 100දී විතර. එයත් තමන්ට අවබෝධ වෙච්ච අලුත් දර්ශනයක් ගැන දේශනා පැවැත්තුවා. ඒ කාලේ බොහොම ජනප්‍රිය විෂයක් වුනු තාරකා විද්‍යාව වෙනුවට මිනිස්සුන්ගේ අදහස් ගැන දර්ශන වාදයක් තමයි සොක්‍රටීස් දේශනා කරේ. එක නිසා දර්ශනවාදයේ පියා විදියට එයාව සලකනවා. ඒකාලේ ග්‍රීසියේ දැඩි ආගමික මුලික සමාජයක් තිබුන නිසා පල්ලි වලට සැහෙන්න සමාජ බලයක් තිබුනා. බයිබලයේ පරණ තෙස්තමේන්තුව මුල් බැහැගත්ත පරිසරේක තමයි සොක්‍රටීස් තමන්ගේ අලුත් අදහස් සමාජ ගතකරේ. දෙවියන් විසින් නිර්මාණය කරපු දේවල් විමර්ශනය කිරීම මරණිය දණ්ඩනය ලැබෙන වරදක් වෙලා තිබුනා. යේසුස් වහන්සේ නව ක්‍රිස්තියානි ධර්මය ඉදිරිපත් කරලා අවුරුදු 500කට පස්සේ ජිවත් වෙච්ච ගැලීලියෝ  ගැලිලි ට පවා නිවාස අඩස්සියේ ඉන්නත් එයාගේ නව අදහස් වැරදියි කියලා උසාවියේදී ප්‍රසිද්ධියේ කියන්නත් වුනා මේ පල්ලි වල බලපෑම නිසා. බයිබලේ විදියට සියලු ග්‍රහ වස්තුන් පෘතුවිය වටා භ්‍රමණය වෙන එක නෙවෙයි සත්‍යය සුර්යා වටා අනෙක් ග්‍රහ ලෝක භ්‍රමණය වෙනවා මුලින්ම ප්‍රකාශ කරේ ගැලීලියෝ ගැලීලි එයා හොයා ගත්ත දුරේක්ෂය කියන උපකරණය ආධාරයෙන්. සොක්‍රටීස් ඒ අතින් ශ්‍රේෂ්ඨ වෙන්නේ එයා කොහෙත්තම එයාගේ අදහස් වැරදියි කියලා කියලා පිළිගත්තේ නැහැ පල්ලියේ බලපෑම් නිසා. සොක්‍රටීස් ටත් විරුද්ධව නඩු විභාගයක් පැවැත්වුනා. පල්ලියේ ඉගැන්වීම් වලට පිටස්තරව දේශනා තියලා තරුණ පිරිස් නොමග යැවීම චෝදනා මත. ජූරියේ බහුතරයෙන් සොක්‍රටීස්ට මරණ දඬුවම හිමිවෙනවා. මරණ දඬුවමෙන් මිදෙන්න නම් ක්‍රම දෙකක් තිබුනා එකක් එයා අදහස් වැරදියි කියලා පිළිගන්න එක නැත්තම් හොරෙන් පැනල යන එක . එයාගේ ශිෂ්‍යයෙක් වුනු ප්ලේටෝ සොක්‍රටීස්ට පැනල යන මාර්ගයක් හදලා තිබුනා.
හැබැයි සොක්‍රටීස් බාර ගත්තේ මරණය. මොකද එයා පැනල ගියා නම් එයාගේ ප්‍රකාශන වලට වටිනාකමක් නැති වෙනවා කියලා එයා දැනගන හිටියා . ගැලීලියෝ පස්සේ කාලෙකදී කරා වගේ උසාවියේ පිළිගත්තෙත් නෑ වැරැද්දක් කරා කියලා.
 සොක්‍රටීස්ට තිබුනේ එයාගෙම අතින් උග්‍ර විස කුප්පියක් බිලා මරණයට පත්වෙන්න. ප්ලේටෝ ඇතුළු එයාගේ ශිෂ්‍යයෝ ඉදිරියේ සොක්‍රටීස් තමන් අතින්ම මරණය උරුම කරගත්තා.

දැන් ඉන්න සුලුදේකට පවා තමන්ගේ ආත්මය පාවා දෙන මිනිස්සු අතරේ සොක්‍රටීස් කියන්නේ ශ්‍රේෂ්ඨයන් අතරත් ශ්‍රේෂ්ඨයෙක්.

සැබෑ ලෝක ආරම්භය හා ජනප්‍රවාද





සැබෑ ලෝක ආරම්භය හා අනෙකුත් මතවාද

ලෝක ආරම්භය බුදු රජාණන් වහන්සේ   විස්තර කරලා අග්‍රඥ්ඥ සුත්‍ර දේශනාවේදී . මම මේ උත්සාහ කරන්නේ ඒ සුත්‍රය පැහැදිලි කරන්නම නෙවෙයි. අග්‍රඥ්ඥ සුත්‍රයේ තියන සමහර කරුණු ජනප්‍රවාද, අනිත් ආගම් වල තියන මතවාද එක්ක ගැලපෙන තැන් කීපයක් මතක් කරලා දෙන්න.

බුද්ධ දේශනාවට අනුව ලෝකය කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක් අන්තඃක් කල්ප 80ක,  ලෝකය බිහි වීමට අන්තඃක් කල්ප  20කුත් බිහිවෙලා පැවතීමට අන්තඃක්  කල්ප 20කුත් ලෝකය වැනසීමට අන්තඃක්  කල්ප 20කුත් වැනසිලා පැවතීමට අන්තඃක්  කල්ප 20කුත් විදියට .
අන්තඃක් කල්පයක්  කියන්නේ කොච්චර කාලයක් කියන එක විස්තර කරන්න උපමාවක් දීල තියනවා උන්වහන්සේ. එකක් තමයි යොදුනක් උස යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියකට අබ ඇට පුරවල අවරුදු 100කට සැරයක් එක ඇටයක් අයින් කරලා අර පෙට්ටියම හිස් වෙන්න යම් කාලයක් යනවද ඒ කාලය කල්පයක් කියල.
එතකොට දැන් මේ පවතින්නේ දෙවෙනි අවස්ථාවේ ඒ කියන්නේ ලෝකය බිහිවෙලා පවතින කල්ප 20 තුල, ඊට පස්සේ තමයි ලෝක විනාසයක් සිද්ධ වෙන්නේ.
ලෝක විනාසෙකදී විනාස නොවන තැන්  දෙකක් තියෙනවා අටමහ නරකයත් ආභස්සර බ්‍රහ්ම ලෝකයත්. ලෝකය උපාදාන කරගන බිහිවෙච්ච සියලු සත්ව කොටස් ඒ කියන්නේ මිනිස් , දේව ,සතර අපාගත සියලු ප්‍රේත අසුර ,නිරී, තිරිසන් සත්වයන්ට තව දුරටත් උපාදාන කරන්න දෙයක් නැති කම නිසා ඉතිරි වෙලා තියෙන අර ලෝක දෙකෙන් එකකට යන්න සිද්ධ වෙනවා.
එතැනදී ආනත්තරිය පාප කරපු කොටස් නිරයටත් අනෙක් සත්ව කොටස් ආභස්සර බ්‍රහ්ම ලෝකයටත් ඇදී යනවා.


මේක අනෙක් ආගම් වල අවසාන විනිශ්චයේ දවස විදියට විස්තර කරලා තියනවා. එදාට තමයි දෙවියන් වහන්සේ  වර්ග  කරන්නේ සත්වයින්  යායුත්තේ ස්වර්ගයටද අපායටද කියල. මෙතෙක් ඔවුන් කරලා තියන කියවන සලකා බලලා සියලු සත්වයින් විනිශ්චයකට ලක් කරන දවස විදියට. ඒක  සිද්ධියක් විතරක් විධියට දැකල කියල තිබුනත් එතනින් එහාට වෙන්නේ මොකක්ද කියල හේතු පල සහිතව විස්තර කරලා තියෙන්න බුදු දහමේදී.

මේ බ්‍රහ්ම ලෝකයට ගිහිපු සත්වයින් ඇත්තටම එහේ ගියේ එයාලගේ පංච ඉන්ද්‍රියන් පිනවන්න තව දුරටත් ලෝකයක් එහෙම නැත්තම් ද්‍රව්‍ය වස්තු නැති කම නිසා හට ගත්ත චිත්ත පාරිශුද්ධත්වයක් මිසක් විඳීමේ ආසාව සන්සිඳවල නෙමෙයි. ඒක නිසා නැවත ලෝකයක් හට ගත්ත මොහොතක ලෝකය විඳීමේ ආසාව යටපත් වෙලා තියනවා.

විනාස වෙච්ච ලෝකය නැවත ගොඩ නැගෙන්න කල්ප 40ක් යනවා , විනාස වෙවී 20කුත් විනාස වෙලා 20 කුත් විදියට. නැවත ලෝකය හට ගන්න කාලය වෙනකොට අර අභාස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයින්ගේත් ආයුෂ ගෙවිලා පල්ලම් බහින්න ගන්නව. ඒ කියන්නේ නැවත තමන් කලින් හිටපු ආත්මභාව වලට පරිවර්තනය වෙන්න පටන්ගන්නව.
මුල්ම කාලේදී ඉර හඳ හටගන නැති නිසා ආකාස චාරී ස්වයං ප්‍රභා ආලෝකයක් සහිත බ්‍රහ්ම කල්පික  මිනිසුන් හට ගන්න බව තමයි දහමේ විස්තර වෙන්නේ.
බ්‍රහ්මයින්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැති නිසා මේ බ්‍රහ්ම කල්පික මිනිස්සුන්ටත් එහෙම එකක් නෑ . සියුම් කයක් නිසා ආහාර අවශ්‍ය වෙන්නෙත් නෑ , ප්‍රීතිය අහාර කරගන තමයි ජිවත් වෙන්නේ.


  අපි බැලුවොත් බටහිර සාහිත්‍යයේ තියන සුරංගනාවියන් විස්තර මේ බ්‍රහ්ම කල්පික මිනිස් ස්වභාවයත් එක්ක හොදටම ගැලපෙනවා , ඔවුන් යන යන තැන ආලෝකය විහිදෙනවා ඔවුන්ගේම ශරීරයෙන් , පියාඹගන තමයි යන්නේ විනිවිද පෙනෙන ශරීරයක් තියෙන්නෙත්. එතකොට මේ කතා ප්‍රබන්ධම විතරක්ද කියල පොඩි සැකයක් මටනම් තියනවා.

ඊළගට බැලුවොත් ලෝකය නිර්මාණය වෙන විදිය බුදු දහමේ විස්තර වෙන ආකාරයට ,මුලින් වායු ගෝලයක් විදියට හටගන එක ඝනීභවනය වෙනවා, මේ ඝනීභවනය වෙච්ච ලෝකය මතුපිට කිරි යොදය වැනි අධික සුවඳකින් සහ රසකින්  ද්‍රව්‍යයකින් වැහිලා තියනවා. තවම ඉර හඳ තාරකා හටගන නෑ . මේ අධික සුවඳ ආඝ්‍රහණ වෙච්ච බ්‍රහ්ම කල්පික මිනිස්සු මෙතනට ඇදිල ඇවිල්ල මේ ද්‍රව්‍යය කටගාල බලනවා. මේ සුවඳට සහ රසට ඇති කරගත්ත තන්හාව නිසා ඔවුන්ගේ ස්වයං ප්‍රභා ආලෝකය නැති වෙලා ගිහිල්ල ඉර හඳ හට ගත්තා කියල දේශනාවේ තියෙන්නේ.

 අපේ චක්‍රාවාටයේ  නම ක්ෂීරපථය , කිරි සයුර , Milkyway එතකොට බුද්ධ දේශනාවේ තියනවා බ්‍රහ්ම කල්පික මිනිස්සු කිරි වැනි දෙයකට තන්හාවෙන් ලෝකයට ඇදිල ආපු බව. බුදු දහමේ ලෝකය කියන්නේ එක ග්‍රහ ලෝකයක් නෙවෙයි  ඉන්ද්‍රිය ගෝචර සියල්ල තමයි ලෝකය.



හින්දු ආගමේ මේ කිරි සයුර ගැන තියන විස්තරෙත් හරිම ආකර්ශනීයයි. සුර අසුර යුද්ධය වෙලාවේදී විෂ්ණු දෙවියෝ කිරි සයුර කැලම්බුව කියල කියනවා අමෘතය හොයන්න , විෂ්ණු ඉබ්බෙක් වෙලා කිරි සයුරේ කිමිදිලා ඉන්න කොට මහමෙරු පර්වතය එයාගේ පිට උඩ තියල එකට කඹයක් දාල දෙපැත්තට ඇද්ද කියල සඳහන් වෙනවා.
මේ වෙලාවේ කිරි සයුරෙන් පහල වෙලා තියනවා ලක්ෂ්මි දෙව්දුව. ඊට අමතරව චන්ද්‍ර කියන අයගේ සහෝදරයත් පහල වෙලා තියනවා. ලක්ෂ්මි කියන්නේ ආලෝකයට සහ  සෞභායයට අධිපති දෙවගන.

තව තැන්වල තියනවා ආලක්ෂ්මි කියන අභාග්‍යයට අධිපති දෙව්දුවත් පහල උනා කියල. කොහොම උනත් අනුමාන කරන්න පුළුවන් ඉර සහ හඳ පහල වීම මේ කිරි සයුර කැළඹීමෙන්  සිද්ධ උන බවට සංකේතවත් කරන බව. 
 දෙවැනි කාරණේ නම් අපේ ක්ෂිරපථයේ හැඩය ගත්තොත් ඕනෑම කෙනෙකුට පේනවා එක නිකම් සුලියක් ස්වභාවයට තමයි ග්‍රහ තාරකා පිහිටලා තියෙන්නේ.


ඊළගට බලමු බුද්ධ දේශනාවේ තියන විදියට බ්‍රහ්ම කල්පික සත්වයින්ට  මොකද වෙන්නේ කියල. ස්වයං ප්‍රභා ආලෝකය නැති උනාට පස්සේ එයාලගේ ශරීර ටිකෙන් ටික ඝනීභවනය වෙන්න පටන් ගන්නවා අර කිරි යොදය පරිහරණය කරන්න පටන්ගත්තට පස්සේ , පහු වෙනකොට අර කිරි යොදය වැනි ද්‍රව්‍ය නැති වෙලා භුමි පඨක කියන තරමක් ඝන ආහාරය බවට ඒවා පත්වෙනවා, එකත් අර වගේම රස සුවඳින් යුක්තයි, ඒවා ආහාරයට ගන්නකොට ශරීර තවත් ඝනීභවනය වෙලා පැහැපත් සහ අවපැහ විදියට දෙකොට්ටාසයකට බෙදෙනවා. පැහැපත් අය  අනිත් අයට අවමන් කරන්න ගන්නවා . නැවතත් අර භුමි පඨක අතුරුදහන් වෙලා බදාලතා කියන වැල් වර්ගයක් හටගන්නවා ඒවත් අර වගේම රස සුවඳින් යුක්තයි. නැවතත් අර විදියට සමේ පැහැය අනුව බෙදිලා එකිනෙකට අපහාස කරගන්න කොට බදාලතාත් අතුරුදහන් වෙලා ස්වයං ජාත හැල් හට ගන්නවා මේවා අර සියලු දේට වඩා ඝන ආහාරයක් නිසා ශරිරත්  ඒ විධියට ඝන බාවයට පත් වෙනවා. ඒ එක්කම ශරීර තුල ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ හටගන්නවා
මේ වෙනස් වීම් වාක්‍ය දෙක තුනකින් විස්තර කරාට සිද්ධ වෙන්න කල්ප 20 ගිය බව අමතක කරන්න එපා.
ස්ත්‍රී පුරුෂ ලක්ෂණ හට ගත්තට පස්සේ සත්වයින් තුල රාගය හට ගන්නවා. පිරිසක් කාම සම්බෝගය අනුමත කරනවා පිරිසක් බැහැර කරනවා. කාම සම්බෝගය අනුමත කරපු අය වෙනම ජිවත් වෙන්නටත් අනිත් අය ඒ පිරිසට අපහාස කරමින් වෙනමත් ජිවත් වෙන්න පටන් ගන්නවා.

මේ බෙදීම අපිට දැකගන්න පුළුවන් අතීත ග්‍රීක සහ හින්දු චිත්‍ර වල. සමහර හින්දු දෙවොල් වල අපිට දකින්න පුළුවන් කාම සම්බෝගී කැටයම් , ඒවගේම අතීත ඉන්දියානු සාහිත්‍යයේත් ලොකු කොටසක් වෙන්කරලා තියනවා කාම සම්බෝගය පිලිබඳ විස්තර . අනෙක් අතට ග්‍රීක චිත්‍ර සහ කැටයම් දිහා බැලුවම බොහෝ චිත්‍ර අඩ හෝ පුර්ණ නිරුවත් උනත් කොහෙවත් කාම සම්බෝගී  දේවල් පිළිඹිබු කරලා නෑ.




අග්‍රඥ්ඥ සුත්‍ර දේශන්වේ පැහැදිලිව සඳහන් වෙනවා සත්වයින් ගේ දුෂ්‍යතාවය වැඩි වීමත් එක්ක ඔවුන් තුල තිබු බ්‍රහ්ම ගති පහවෙලා ගිහින් ආහාර වල රස අඩු උන බවත්, ඒවගේම ස්වයං පහල වෙන ආහාර වෙනුවට වගා කරගන ආහාර ලබා ගැනීමට සිදුවූ බවත්.
අපි බැලුවොත් බයිබලයේ එන ආදම් සහ ඒව කතාවේත් ඔවුන් දෙවියන් විසින් තහනම් කරපු ගහේ ගෙඩි කෑම සමග රාගය ඇති වෙලා තමන් ඉන්නේ නිරුවතින් බව පේන්න ගන්නවා.  ඒ එක්කම දෙවියන් විසින් ඔවුන්ව පාරදිසයෙන් පන්නා දානවා. ඒක නිසා තාමත් මිනිසුන් දුක පිඩා වලට මුණ දිදී ජිවත් වෙන්න සිද්ධ වෙලා තියනවකියල බයිබලේ කියන්නේ. දෙවියන්ගේ අණට කීකරු නොවෙච්ච හින්ද.


ඒ අනුව පේනවා අනෙකුත් ආගම් වලත් ලෝකයේ ආරම්භය පිලිබඳ  යම් සිද්ධීන් විස්තර කරලා තිබුනත් ඒවා හේතු පල විදියට දැකල විස්තර කරලා නැහැ කියල , ඒවා හුදෙක් ප්‍රබන්ධම කියල  බැහැර කරන්නත් බැරි බව පේනවා.  

කොන්ඩයගේ කතාවස්තුව


 කාලෙකට කලින් රටේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කොන්ඩයා කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධ වුනා මතක  ඇති.
මේක ඔහුට කරන අපහාසයක් නෙවෙයි අවශ්‍යය කාරණේ පැහැදිලි කරන්න නිධාන කතාවක් විතරයි.

මේ අපරාදෙට කොණ්ඩයත් එයාගේ සහෝදරයෙකුත් අත්අඩංගුවට ගත්තා සැක පිට, ඉතින් තහවුරු කරගන්න මේ දෙන්නගෙම DNA පරීක්ෂාවක් කරා, එතකොට තව කාරණයක් එලිවුනා , ඒ තමයි මේ දෙන්නගෙම තාත්තා එක්කෙනෙක් නෙවෙයි කියලා . ගම්වල නම් ඕක මහලොකු දෙයක් නෙවෙයි,
කොහොමහරි එකම තාත්තා මේ ළමයි දෙන්නවම හදාවඩා ගත්තනේ. එතකොට මේ එක දරුවෙක් තමන්ගේ තාත්තා බව නොදැන ඇත්තටම තමන්ව බිහිකරන දායකවුන කෙනාව මැරුවොත් එයාට සිද්ධ වෙන්නේ කොහොම පාපයක්ද. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංග භේදය ,බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම ආනන්තරීය  පවක් කියල.
 ඒවගේම තවත් දේශනා කරලා තියනවා තමන්ව මේලෝකෙට ජාතක කරන්න සම්බන්ධ වෙච්ච දෙන්නව  තමන්ට පුළුවන් වෙච්ච දවසේ  ඉඳලා උරහිස් දෙකේ දෙපෙත්තේ තියාගන  සාත්තු සප්පායම් කරත් තමන්ට මේ ලෝකෙට එන්න කරපු උදව්වට ණය ගෙවන්න බෑ කියලා.
එතකොට ළමයින්ව ඉපදුන ගමන් කැලේට විසි කරලා යන අම්මලටත් එහෙම සලකන්න ඕනද. ගැහැනියක් බලෙන් දුෂණය කරලා ජාතක වුන දරුවෙක් තමන් සැබෑ පියාට  එහෙම සලකන ඕනද.
නැත්තම් තමන් ඉපදුනාට පස්සේ හදාවඩා ගත්ත කවුරු හරි කෙනෙක්ටද එහෙම සලකන්න ඕන.
ආනන්තරීය පවක් වෙන්නේ තමන් හදාවඩා ගත්ත දෙමාපියෙක් ඝාතනය කරෝත්ද?
නැත්තම් කවදා හරි තමන්ව අවජාතක කරපු තාත්තව  හොයාගන ගිහින් ඝාතනය කරෝත්ද?
තමන්ව ඉපදුන ගමන් කැලේට විසිකරපු අම්මව ඝාතනය කරෝත්ද?
නැත්තම් තමන් අතින් ඝාතනය වෙච්ච කෙනා තමන්ගේ සැබෑ අම්මා හරි තාත්තා හරි නොදැන සිටියත් ආනන්තරිය පවක් සිද්ධ වෙනවද?
කොහොමද මේ මව්පියන්ගේ ගුණ මහත්වය තීරණය කරන්නේ, එකට අපිට නොපෙනෙන පැත්තක් දිහා පොඩ්ඩක් හොයල බලන්න වෙනවා
එතකොට අපිට අර සියලු ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන් වේවි.
ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්න කලින් හිටියේ කොහෙද ? අන්තරාභවයක  හිටියේ,
කොහොමද හිටියේ ? ගන්ධබ්බ කයකින් හිටියේ.
කොච්චර කාලයක් එහෙම හිටියද? තමන්ගේ කර්ම වලට ගැලපෙන තැනක් හම්බු වෙනකම්,සමහර විට සුළු වෙලාවක්  සමහර විට අවුරුදු  දාස් ගානක්
එහෙම මිනිස් කයක් බලාපොරොත්තුවෙන් කොච්චර පිරිසක් ඉන්නවද ගන්ධබ්බ වෙලා ? අනන්ත පිරිසක් ගණන් කරන්න බැරි තරමක්.
එතැන ඉන්නේ මිනිස් කයක් බලාපොරොත්තුවෙන් ඉන්න අය විතරද ? නැහැ ලෝකේ ඉන්න ක්ෂුද්‍ර ජීවියාගේ ඉඳලා නිල්තල්මසා වෙනකම් සියලුම සත්වයින්ගේ ගන්ධබ්බ කායික ජීවියෝ ඉන්නවා .
මරණින් පස්සේ සියලු දෙනා ගන්ධබ්බ බවට පත් වෙනවද? නැහැ දේව අත් බැව් සහ ප්‍රේත අසුර අත් බැව් ලබන අය කෙලින්ම ඒ තත්වෙට පත් වෙනවා.අපා ගත වෙන අයත් කෙලින්ම ඒ තැන වල උපදිනවා , හැබැයි ඒ ඒ තැන් වල කර්මය ගෙවලා හරි ඉවර වෙලා හරි මිනිස් තිරිසන් අත් බැවක් ලබා ගන්න ගන්ධ්බ්බයෙක් වෙලා බලා ඉන්න වෙනවා.
ගන්ධබ්බ කායික ජීවියාගේ මානසික ස්වභාවය කොහොමද. හිතන්න  කවුරු හරි ඔබට දඬුවමක් දෙන්න මුළු ඇඟම අර අත පය කැඩුනම දාන ප්ලාස්ටර් වලින් වහනවා .කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැති වෙන්න . දිව කපලා දානවා කිසිම රසයක් නොදැනෙන්න. ඇස දෙක බඳිනවා ආලෝකය කියලා මාත්‍රයක්වත් නොපෙනෙන්න . කන්දෙකේ ඇබ  දෙකක් ගහනවා කිසිම ශබ්දයක් නොඇසෙන්න . නාසයත් වහලා කටින් හුස්ම ගන්න සලස්වනවා කිසිම ගඳ සුවඳක් දැනෙන්නෙත් නෑ  එතකොට. හැබැයි ඔබේ මනස හොදින් වැඩ කරනවා බාහිර ලෝකේ මන වඩන  රූප ,ශබ්ද ,රස, ස්පර්ශ තියනවා කියල මනස දන්නාවා .මැරෙන්න හිතුවත් ඒක කරන්නත් බෑ. කොහොම පෙළීමක් දැනෙනවාද මනසට. අන්න ඒ මානසික ස්වභාවය තමයි ගන්ධබ්බ කායිකයට තියෙන්නේ.
ඇයි එහෙම වෙන්නේ ? එයාට කර්මජව හටගත්ත අභ්‍යන්තර ආයතන 6 පිහිටලා තිබුනට  බාහිර ආයතන නැහැ ඉතින් ඒකට මස් ලේ කයක් අවශ්‍යයි ,  චක්ඛු ,ජිව්හා  සෝත  ඝාන කාය     විඤ්ඤාන විදියට බිහිවෙලා තිබුනට එකට අවශ්‍ය කරන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ලබාගන්න බාහිර ඉන්ද්‍රියන්  පහල වෙලා නැහැ.
එතකොට ගන්ධබ්බයා ගැබකට ඔක්කන්ති වෙන්නේ ස්ව කැමැත්තෙන්ද ? නැහැ ගන්ධබ්බයා හරියට හුළඟට අහුවුණ පුළුන් පොදක් වගේ කර්ම ප්‍රවාහය මගින් ඔහේ ගහගන යනවා. කොහේ හරි ඔක්කන්ති වෙන්න සුදුසු පරිසරයක් හැදෙන කොට ( මව්පිය සංවාසයක් ) කෝටී ගානක් ගන්ධබ්බයෝ එතනට ඇදිල එනවා අවස්තාවක් ලබා ගන්න ,ඒවුනාට  අවස්ථාව ලැබෙන්නේ එක්කෙනාටයි කලාතුරකින්  දෙන්නෙක් තුන්දෙනෙක්ට අවස්ථාව හම්බු වෙනවා

ඇයි  එතකොට අඳ ගොළු බිහිරි , මන්දබුද්ධික ළමයි බිහිවෙන්නේ ? එයාලට පුළුවන්නේ ඒ  කළලයට ඔක්කන්ති නොවී ඉන්න . කර්මයෙන් දෙන අවස්තාව මග අරින්න කාටවත් බෑ , අවස්තාව දුන්නේ කාන්තාවක්ව බලෙන් දුෂණය කරන වෙලාවක නම් එකට ඔක්කන්ති වෙන කර්මය අදාළ සංජාතිකයාගේ මිසක් දුෂණය කරන පිරිමියගේවත් දුෂණය වෙච්ච කාන්තාවගේවත් නෙවෙයි.  මහා ගන්වතුරක ගහගන යන මනුස්සයෙක් එල්ලෙන්න මොකක් හරි දෙයක් හොයන කොට ගඟේ පාවෙලා එන කුණු වෙච්ච මළ මිනියක් ආවත් එකේ එල්ලිලා හරි ගොඩට එන්න හදනවා . අර විධියට ලෝකේ කිසිම දැනීමක් ගන්න බැරි විදියට දඬුවමක් දීල ඉන්න වෙලාවක කවුරු හරි කිව්වොත් මං  ඕකෙන් එක ඉන්ද්‍රියක් අරින්නම් කියලා එකත් කොච්චර දෙයක්ද වෙලාවේ හැටියට . නැත්තම් කිව්වොත් මන් ඔයාව නිදහස් කරන්නම් හැබැයි අතාරින්නෙ ඇන්ටාක්ටිකාව මැදට ගිහින් කියලා කව්ද ඒකට  අකමැති වෙන්නේ. අර පංච කාම විඳගන්න බැරුව තියන මානසික පිඩාව මේ ලෝකෙට ඇවිල්ල වැසිකිලි වලක ජිවත් වෙන්න ඉඩ දෙනවටත්  වඩා සැහෙන්න විශාලයි.

 මෙහෙම  බලනකොට ස්ත්‍රී පුරුෂයෝ දෙන්නෙක් මොන පරමාර්ථ යෙන් සංවාසයක යෙදුනත්  අර ගන්ධබ්බ ලෝකේ ඉන්න සංජාතික කට දෙන ලෝකේ තියන උතුම්ම අවස්ථාව තමයි ඒක. එතැන තමයි මව්පිය ගුණ මහත්වය තියෙන්නේ නැතුව මස් ලේ කයක් අරගන ලෝකෙට බිහි වුනාට පස්සේ සලකන විදිය අනුව නෙවෙයි.
ඒ මස් ලේ කයක් අරගන මේ ලෝකෙට එන්න අවස්ථාව දුන්න කෙනෙක්ව ඝාතනය කරොත් පන පිටින අපාගත වෙන කර්මයක් සිද්ධ කරගත්තා වෙනවා.