Monday, May 11, 2026
බුදු දහමේ අයිතිකාරයෝ.
පස්වග තවුසන්ට ධම්මචක්කත් පවත්තන සුත්‍රය දේශනා කිරීමෙන් ඇරඹුන බුදුරදුන්ගේ ධර්ම දේශනය අවසන් වුයේ
අවසන් බුද්ධ වචනය වන හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" තෙක් යම් වචනයක් උන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුයේද ඒ සියල්ල අවසන් වුයේ නිවන අරමුණු කරගනය. යම් ක්‍රියාවක් කලේද කෙනෙකුට නිවන් දැක්මට උපනිෂධ වනු පිණිසය.
උන්වහන්සේ දේශනා පැවැත්වුයේ ශුද්ධ මාගධී භාෂාවෙන් බව සඳහන්වෙයි. මාගධී භාෂාවේ අකුරු ව්‍යාකරණ නොමැති අතර හැඟීම් මුලික කොට ගැන ගොඩ නැගුනු භාෂාවකි. හැඟීම් මගින් අදහස උත්දීපනය වන ආකාරයේ භාෂාවක් නිසා නුගත් උගත් බාල මහලු සියලු දෙනාට අවබෝධයට පහසු විය. . සුනීත , සෝපාක , රජ්ජුමාලා, ආලවක , වැනි පුද්ගලයින් භාෂාව උගත් අය වුයේ නැත . භාෂාව ඉගනීමට පවා තහනම් සමාජ පෙළක ජිවත් වුවන්ය. ඔවුන් පවා එක බුද්ධ දේශනාවකින් ම මාර්ග පල අවබෝධ කරගැනීමට සමත් විය. මාස හතරක් එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුනු චුල්ලපන්ථක ස්වාමින්වහන්සේට එක කර්මස්ථානයකින් එක දවසකින් අරිහත්වයට පත්වෙන්න පුළුවන් වුන බව සාසන ඉතිහාසයේ තියනවා.
දැනට පවතින ත්‍රිපිඨකය සකස් කරේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවතී පළමුවන ධර්ම සංගායනාවේදීය . බුද්ධ දේශනා ඇසූ සියලු ස්වාමින්වහන් සේ ලාගේ එකතුවකින් එක් එක් දේශනය සාරාංශ කොට කට පාඩමින් තබාගත හැකිලෙස මාත්‍රා ගලපා සකස් කර සුත්‍ර වශයෙන් සියලු බුද්ධ දේශනා සුත්‍ර විනය අභිධර්ම වශයෙන් පෙළ ගැස්වූ දහම පාලි විය. එක එක ධර්ම කොටස් පාරිභාෂිකව පවත්වාගන යාමට සඟ පරපුරවල් වෙන් වෙන්ව අනුයුක්ත විය. බුදු රදුන් ජීවමාන කාලයේ ගාථා තුබූ නමුත් සුත්‍ර තිබුනේ නැත. භික්ෂුන් වළගම්බා රජ දවස ත්‍රිපිටකය පොතක ලියන තුරු ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේලා සිටියේද නැත. පළමු වරට ත්‍රිපිටකය පොත්වල ලිව්වේද සිංහල වට අකුරු වලින් නොව බ්රාහ්මී අක්ෂර වලිනි . ඒවන විට වට අකුරු ශාස්ත්‍රය ලංකාවේ නොතිබුණු බැවිනි. වට අකුරු ශාස්ත්‍රය ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සොයා ගැන මෙරට රැගෙන ආවේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. උන්වහන්සේ විසින් ත්‍රිපිටකය බ්‍රාහ්මි අක්ෂර වලින් සිංහල වට අකුරු වලටත් ලියන ලද අතර එය නැවත පාලි භාෂාවෙන් සිංහලටත් පරිවර්තනය කර නැවත සිංහලෙන් පාලි භාෂා වටත් පරිවර්තනය ලදී. දැන් පවතින්නේ එම ත්රිපිටකයයි. මේ පරිවර්තන වලදී කොපමණ අඩුපාඩු සිදුවුවාදැයි කිසිවකු නොදනී. මුලික බ්‍රාහ්මි අක්ෂර ත්‍රිපිටකයට ලියන ලද හෙළ අටුවා ග්රන්ථ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කරන ලදුව විනාස වී ගියේය.
ත්‍රිපිටකය තුල ධර්ම කරුණු අසු හාර දහසක් ඇති බව කියවේ. මේ බොහෝ සුත්‍ර බුදුරජානන් වහන්සේ එක් එක් පුද්ගලයින් දෙවියන් බ්‍රහ්මයන් සඳහා ඔවුන් මතුකළ ප්‍රශ්න හමුවේ හෝ පිරිසක් කතාබහක යෙදී සිටි කරුණක් මුල් කරගන දේශනා කරන ලද ඒවාය. ත්‍රිපිටකය පොතක ලියන තුරු භික්ෂුන්වහන්සේලා දේශනා කරන ලද්දේ ඔවුන්ට අවබෝධවූ ධර්මයි.
දැන් ත්‍රිපිටක හරියටම දොස්තර බෙහෙත් තුන්ඩුවක් වැනිය. තුණ්ඩුවේ හරි ලෙඩේට හරි බෙහෙත ලියා ඇත , ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. නමුත් එය කියවිය හැක්කේ පාමසියේ අයට පමණි.ඉංග්‍රීස් දන්නා ඕනෑම අයෙකුට බෙහෙත් තුණ්ඩුව කියවිය හැකි නමුත් අදාළ බෙහෙත ලබාදිය නොහැක. ඉංග්‍රීසි දන්නා සිල්ලර කඩ වෙළෙන්දන් පාමසියක් දමාගත් විට සිදු වන්නේ මහා ජන්ජාලයකි.
ධර්ම දේශනා කරන බොහෝ භික්ෂුන්වහන්සේලා දෙවැනි වර්ගයේය. භාෂාවන් දනී නමුත් අර්ථයන් නොදනී. ඉදින් අකුරු නොමැති වූ මාගධී භාෂාවේ ධර්මයට වචන පද වැල් අල්ලගන අදහස විකුර්ති කරමින් සිටි. ධර්මය තමන්ගේ සංස්කරණයක් ලෙස සකසාගන අනෙකා දෙසන ධර්මයේ අඩුපාඩු කියමින් සිටි. තමන් දෙසන ධර්මය හරි බවත් අනෙකා මින්සුන් මුලා කරන බවත් තමන්ගේ දායක ප්‍රජාවට කියයි.
ආදරයද මේ..
දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා.
මේක ඕනම ආදරේ කරන කෙනෙක්ගේ අත්දැකීමක්, ඇයි එහෙම බාධා ඇති ආදරය වැඩි දැනෙන්නේ?
කොහොමද කෙනෙක්ට තව කෙනෙක්ට ආදරයක් හිතන්නේ?
විරහව වේදනාවක් නම් ඇයි ඒක විඳින්න කැමති?
විවිධ අයට විවිධ මත මේකට ඇති මේ මගේ අදහස.
මනෝවිශ්ලේෂණය අනුව ආදරේ කියන්නේ තමන්ගේ අහිමි දෙය තව කෙනෙකුට ප්රක්ෂේපණ කිරීම. නැත්නම් තමන්ගේ හිස්කම අනුන් තුලින් පුරවා ගැනීම.
මොකක්ද මේ හිස්කම නැත්නමි අපි ලග නැති දේ.
පොඩි කාලේ ගෑනු ළමයි ආස බෝනික්කන්ට පිරිමි ළමයි ආස යෝධයන්ට, ලොකු වුණාම ගෑනු ළමයි ආස යෝධයො වගේ පිරිමින්ට, පිරිමි ළමයි ආස බෝනික්කො වගේ ගෑනු ළමයින්ට.
ඒකෙන් තේරුම් ගන්න පුළුවන් යම් දෙයක්. පොඩි කාලේදී ළමයින්ගෙ මනස ලිංගික ඛණ්ඩනයක් සිද්ධ වෙලා නැහැ. හැබයි ජානමය වශයෙන් ලිංගිකත්වය වෙන්වෙලා තියනව. ඒ ඔස්සේ තමයි ගැහැණු ළමයි තම මව තමන්ට ආරෝපණය කර ගන්නේ. ඒ එක්කම පිරිමි ළමයි තම පියාව ආරෝපණය කර ගන්නවා. අවිඥානිකව තමන්ගේ අනාගතය ප්‍රතිනිර්මාණය කරනව.
මව නැමැති මෘදු නම්‍යශීලි දයාබර බවත් පියා නැමැති දෘඩ සෘජු නොපෙනෙන ආදරයත් මගින් තමයි දරුවෙක් තමන්ගේ ලිංගිකත්වය මනසින් බෙදා වෙන්කර ගන්නෙ. තවත් කියනවා නම් දරුවා තමන් අනාගතයේ විය යුත්තේ ගැහැණියක්ද පිරිමියෙක්ද මනසින් තීරණය කරන්නේ මේ මව සහ පියාගේ භූමිකාව මතයි.
මේ යම් භූමිකාවක අහිමි වීමක් හෝ අඩුපාඩුවක් සිදු වූව හොත් දරුවාගේ ලිංගික අනන්‍යතාවය අර්බුදයකට යනවා. ශරීරයෙන් ගැහැණියක් පිරිමියෙක් වුනත් මනසින් 100% එහෙම නොවෙන්න පුළුවන්.
ළමා විය ඉක්මවන දරුවාගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් එක්ක ගැහැණු ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමිවන දේ තමයි පියාගේ ශරීරය, ඒ කියන්නේ දැඩිබව රලු බව. ඒ එක්කම පියාගේ පහස ඈත් කරනවා ගැහැණු ළමයින්ට.
පිරිමි ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමි වන දේ තමයි මෘදු බව සියුමැලි බව, ඒ එක්කම මවගේ ඇකයත් පපුවේ උණුසුමත් වැඩිවිය පත් වන විට අහිමි වෙනවා.
මව්පිය භූමිකාව හරියට විඳින්න වෙන්නේ නැති ඕනම දරුවෙක් තුලින් බිහිවෙන්නේ අර්බුදයක් තියන ජීවියෙක්. තමන්ගේ ලිංගිකත්වය සුන්නත් කර ගත්තේ නැති. හරියට සර්කිට් එකේ වයර් මාරු වෙච්චි රිමෝට් කාර් එකක් වගේ. හැමවෙලාවෙම අනෙකාව කන්ෆියුස් කරනව.
ස්ත්‍රිය තම ශරීර සුංගාරය උගසට තියල පිරිමියා ගෙන් බලාපොරොත්තු වෙන්නේ අහිමි වෙච්ච පියාගේ සලකුණ. පිරිමියා සියලුදේ කැප කරන්නේ තමන්ට අහිමි වුන මවගේ සංකේතය යලි ලබා ගැනීමට.
දෙපාර්ශවයම තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගෙන තියෙන්නේ අහිමි දෙයක්,හිස්කම එක්ක. ඒක නිසා මේ හිස්තැන පිරවූනොත් තමන්ගේ අනන්‍යතාව චකබ්ලාස් වෙනවා.
ඒක නිසා අනන්‍යතාව පැවත්ම සඳහා හිස්කම පිරෙන්න නොදී පවත්වන් යෑම අත්‍යවශ්‍ය කරුණක්.
ඔබේ ආදරය මට දෙන්න ඒත් ඒක පරිපූර්ණ කරන්න එපා මාව විනාස වේවි. ආදරය පැවත්ම තියෙන්නේ ඒ මතයි.
ඒක නිසා ආදරේ උපරිම වින්දනය විඳින්න නම් උපරිම බාධක තියෙන්න ඕන. බාධක නැත්නම් තමන් හදා ගන්න ඕන.
සම්බන්ධතාවයකදි හොයන්නේ සෑබෑ ලෝකයේ ඉන්න පුද්ගලයා නෙවෙයි තමන් මනසින් ගොඩනගාගත් පුද්ගලයාව. අර ගුරාගෙයි ගෝලයගෙයි චිත්‍ර දෙකේ වෙනස හොයනව වගේ නිතරම සැබෑ පුද්ගලයයි මානසික පුද්ගලයයි ගලපනවා.
බඳින්න කලින් තිබුණු ආදරය බැන්දට පස්සේ අතුරුදන් වෙන මැජික් එකට හේතුව ඕක තමයි. පොතේ අත්සන් කරාට පස්සේ ආදරය කරන්න තියන සියලු සමාජ සංස්කෘතික බාධක ඔක්කොම ඉවරයි. බාධක නැත්නම් ආදරේකුත් නෑ.
ඉතින් ආයෙත් බාධා තියන ආදරයක් හොයනව. අනියම් සම්බන්ධතා ඉහවහා ගිහින් තියෙන හේතුව ඒකයි.
ලංකාවේ එක දවසකට මිනීමැරුම් අඩුම එකක් හරි සිද්ධ වෙනවා අනියම් සම්බන්ධතා නිසා.
සම්මත සමාජයේ ආදරය උත්තරීතර දෙයක් විදිහට සලකන්නේ. කවියො, ගීත රචකයො, මල් පත්තර කාරයෝ, මල් නවකතා පොත් ලියන, FB කතා ලියන අය බොහෝ දෙනෙක් එක්ක කරන්නේ පුද්ගලික මානසික රෝග ආදරය කියල වැරදියට වටහාගෙන ඒවට සමාජ වටිනාකම් දෙන එක.
ඇම කෑම
උදේ වැඩට ආපු මිනිස්සු ඔෆිස් එක ගාවට ඇවිත් අපේ අකව්න්ටනුයි මහත්තයයි PM මහත්තයයි ඔෆිස් එකේ නිවාස අඩස්සියේ තියාගත්තා පඩි දෙනකම්.
මිනිස්සුන්ට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
ඇත්ටම මටත් දූකයි වැඩේට. අපිනේ මිනිස්සුන් ගෙන් වැඩ ගත්තේ. අනිත් එක මං දැකපු සුන්දරම මිනිස්සු හිටපු පළාතක්.
අන්තිමට හෙඩ් ඔෆිස් එකෙන් පොරොන්දු වුණා හවස් වෙන්න කලින් එදා වෙනකම් පඩි බේරන්න මිනිස්සුන්ට.
උදේ ඉඳන් වතුරත් නැතුව ඔෆිස් එකට වෙලා හිටපු මේ මිනිස්සු ගැන මට දුක හිතුනා. මං ගාව තිබුණු රු 300න් මං මනුස්සයෙක්ට කියලා පාන් ගෙන්න ගත්තා. මොනවා හරි කන්න දෙන්න හිතාගන.
අපේ චමරියත් තිබුනේ ඔෆිස්ම වූනාට එකේ හොද්දක් හදන්න දෙයක් තිබුණේ නෑ ඒ වෙලාවේ.
ඉතින් කට්ටිය කිව්ව ලඟ තිබුණ වැවට ගියානම් පැයෙන් මාලු ටිකක් අල්ල ගන්න පුළුවන් කියලා. ඒකාලේ ජොලියටත් එක්ක මමත් ගියා. එක්කෙනෙක් ගෙහුං බිලී පිති ටිකකුත් හොයා ගෙන ආවා තකහනියක් . සමහරු නම් පිත්ත වතුරට දානවා ගන්නවා මාලුවෙක් ඉන්නවා එල්ලිලා . මං පිත්ත දාගන හිටියාට මොකෙක් වත් කන්නේ නෑ මගේ ඇම. යන්තම් කරුමෙට දෙකේ කාසියක් විතර එකෙක් අහුවුනා අනිත් කට්ටිය වැඩේ ඉවර කරන්න කලින්.කොහොම හරි අල්ල ගත්ත මාළු ටික චමරියේ තියාගන හදලා කට්ටිය තිබුණ පාන් ටික බෙදා හදාගන කෑවා.
මේ මාළු අල්ලනකොට බිලි පිත්ත තියනවා තංගුස් නුල තියනවා, උඩ පාවෙන ඉපිල්ලක් තියනවා ,බිලී කොක්ක තියනවා, ඒක අල්ලගන ඉන්න මනුස්සයෙක් ඉන්නවා. හැබැයි කිසිම මාලුවෙක් ඔය ටික තිබුනට අල්ල ගන්න බැහැ , මොකද මාළුවා දන්නවා මේ එකතුව තමන්ට ගේන්නේ මරණය බව , ඒක නිසා ඔය ටිකට අමතරව තව පොඩි දෙයක් අවශ්‍යය කරනවා මාලුවෙක් අල්ලගන්න, ඒක තමයි ඇම, ඇමෙන් කරන්නේ මාලුවාව වසඟයට පත් කරන එක ,අර තියුණු බිලී කටුව වහනවා මාළුවාට ප්‍රණීත ආහාරයකින් , ප්‍රිය දෙයක රස බලන්න ඇම ගිලින මාළුවාට සිද්ද වෙන්නේ ඇමෙන් වහලා තිබුන බිලි කටුව උගුරේ හිරකරගන්න . හිර වෙච්ච බිලිකටුව තංගුස් නුලෙන් සම්බන්ධ වෙලා තියන නිසා එකෙන් ගැලවෙන්න පස්සට අදින්න අදින්න තවත් කටුව උගුරේ හිර වෙනවා. ඊළඟට පිත්ත අතේ තියන කෙනා අදින්නේ කොහෙටද ඒ පැත්තට යන්න සිද්ධ වෙනවා . මාලුවාව වතුරෙන් උඩට ගත්තම මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා,
ඇත්තටම මාළුවාට මරණය උදාකරේ තියුණු බිලි කොක්කද නැත්තම් ප්‍රණීත ඇමද , ඇම නැතුව මාළුවා නිකම් බිලි කොක්ක ගිලින්නේ නැහැනේ. මරණය හෝ ඊට සමාන දුකකට පත්වෙන දේ පුංචි ප්‍රිය මධුර දෙයකින් වහලා දුන්නම මාළුවා එකේ ගොදුරක් බවට පත් වුණා.ඒ වගේ ලෝකය කියන්නේ දුක් ගොඩකින් වැසුණු දෙයක් ඒ වුනාට ඒ දුක් ස්වභාවය මධුර බවකින් වැහිලා තියෙන්නේ. තව කතාවක් කියන්නම් මේක තව තේරුම් ගන්න .
අපේ ගම්වල තියනවා ගම්දෙල් , අහලත් ඇති සමහරවිට, ගම්දෙල් ගෙඩිය හරියට ලා පොලොස් ගැටයක් වගේ පුංචි පුංචි මදුළු තියෙන්නේ , හැබැයි හරිම හරිම රස ව්‍යංජනයක් හදා ගත්තොත්, ගම්දෙල් ගෙඩි අමු ඒවා ගහෙන් කඩාගන්න ඕන උයන්න නම් ඉදිලා වැටෙන ඒවා උයන්න බැහැ , ගම්දෙල් ගහ මහා රූස්ස ගහක් නගින්න පුළුවන් එකකුත් නෙවෙයි ලේසියෙන්, කලාතුරකින් තමයි පහත් වුනු අත්තක් තිබිලා අමු ගෙඩි ටිකක් කඩාගන්න පුළුවන්, එක ගෙඩියක මදුළු තියෙන්නේ කීපයක් විතරයි, ව්‍යංජනයකට අඩුම ගානේ ගෙඩි 15ක් 20ක්වත් ඕන, පොලොස් ගැටයක් වගේ හයිය නිසා මදුළු වෙන්කරගන්න එකත් ලේසි නැහැ. පොලොස් වගේ මුළු ගෙඩියම උයන්නත් බැහැ. ගම්දෙල් ඇටයත් කඩල ඇටයක් තරම් උනාට කොස් ඇටයක් වගේ පොත්තක් තියනවා ව්‍යංජනයට එකත් සුද්ධ කරගන්න ඕන.
ඔබ හිතන්න මෙහෙම හදාගත්ත ව්‍යංජනය රස විඳින්න කලින් තව කෙන් හම්බු උනොත් කොහොමද කියන්නේ කියල, දන්නවද මං අද හැදුවා ගම්දෙල් ව්‍යංජනයක් එනවද කාල බලන්න කියල කියාවි හරිම ආඩම්බරෙන්. දැන් ඔබ ටික වෙලාවක පස්සේ කුස්සියට ගිහින් බලන කොට පුසෙක් පැනල අර ව්‍යංජන හට්ටියම බිමට පෙරලිලා නම් දැන් කොහොමද ඔබට දැනෙන්නේ. දැන් කියන්නේ මොනවද, බලන්න අයියෝ මං උදේ ඉඳන් මහන්සි වෙලා හදා ගත්ත ව්‍යංජනය මගේ අතත් කැපුන සුද්ද කරන්නන ගිහින්, නියපොතු ටික ඉවරයි කහට ගැවීලා ,ඔයවගේ අදෝනාවක් තමයි අහන්න වෙන්නේ.
ඇයි එහෙම වුණේ ? මුලින් මේක රසවිඳින්න තිබුණ බලාපොරොත්තුව නිසා අර විඳපු දුක් ටික අමතක වෙලා තිබුනේ ව්‍යංජනය සකස් කරගන්න. හැබැයි ඒ බලාපොරොත්තුව බිඳ වැටුනා විතරයි අර විඳපු දුක් සියල්ල මතක් වෙනවා.
එතකොට මේ රස විඳීමේ අපිට දැනෙන්නේ කොච්චර සුළු වේලාවකද ව්‍යංජනය රස වින්ද කියල හිතමු , පින්ගානට බෙදා ගන්න කොට රස දැනුනද ,නැහැ බත් එක්ක අනාගන්න කොට ඇඟිලි වලට රස දැනුනද, නැහැ, කටට ලං කරනකොට තොලේ ස්පර්ශ වෙනකොට රස දැනුනද ,නැහැ, කටේ තියන අඟල් 2ක් 3ක් විතර ඇති දිවේ ස්පර්ශ වෙනකොට විතරයි රස දැනුනේ, තත්පර කීයක්ද දිවේ තියෙන්නේ ,අපි ගිලිනවා ඊළඟට , උගුරට රස දැනෙනවද ,අමාශයේ පැය ගානක් තියනවා රස දැනෙනවද නැහැ.
මොහොතක රස තෘෂ්ණාව නිසා අපි පෙලීම් ගොඩක් ඉවසන්න පුරුදුවෙලා අපි සැපක් විදියට විඳින්නේ පෙලීමක් සමනය කිරීමක් විතරයි , වැඩිපුර සැපක් විඳින්න නම් වැඩිපුර පෙලීමක් විඳින්න වෙනවා,
සීතල වතුර වීදුරුවක් සැපක් වෙන්නේ අපි අව්වේ පැය ගානක් ඉඳලා දිව ගිලෙන්න තරමට තිබහ වෙලාවක, සීතල රෑක නුවර එළියේදී ඒක අපිට තවත් පෙලීමක් විතරයි. එක නිසා සැප තිබුනේ වතුර වීදුරුවේ නෙවෙයි අපේ ස්වභාවයේ,
එතකොට මේ සැප මාත්‍රය තමයි ලෝක සත්වයාව මහා දුක් ගොඩකට ඇදල දානේ හරියට බිලී කොක්කේ එල්ලපු ඇම වගේ.
කව්ද මේ බිලී පිත්ත අල්ලගන ඉන්නේ ,මාරයා . සැප මාත්‍රය උගුරේ හිරවුනාට පස්සේ එයා අදින අදින පැත්තට සසරේ ගමන් කරනවා, එහෙට අදිනකොට මනුස්සයෙක් වෙනවා මෙහෙට අදිනකොට තිරිසනෙක් වෙනවා අයෙත් දෙවියෙක් වෙනවා , අපාගත වෙනවා ඔයවගේ අනන්ත කාලයක්.
එසේ වී නම් ~what if @1
මේක ලියන්න හිතුනේ ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ඔලු රාමුවක හිරකරගෙන ඉන්නව කියල තේරෙන නිසා. කැමති නැහැ out of box හිතන්න. එහෙම හිතන උන්වත් පිස්සන් කියල කොන්කරනව.
FB youtube WhatsApp වගේ සමාජ ජාල ජනප්‍රිය වුනාට පස්සේ මිනිසුන්ගේ මනස විහිදෙන්න විදියක් නෑ. මොකක් හරි post එකක් හරි video එකක් හරි බලල අපි ඒකට හිනා වෙන්න ඕනද අඩන්න ඕනද කියලත් ඒකෙම කියල තියනව.
YouTube එකේ තියෙන What if කියන නාලිකාවෙ තියන අදහස් ටිකක් තමයි මේකෙ ලියන්න හිතුනේ. ලෝකයේ සමහර දේවල් මේ පවතින විධියට වඩා වෙනස් විධියකට තිබුන නම් කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඒකෙ තියෙන්නෙ.
1. පෘථිවියේ කුහරයක්
කිලෝමීටර 12742ක් විෂ්කම්භයක් තියන පෘථිවියේ මතුපිට එක තැනක ඉදන් මධ්‍ය ලක්ෂය හරහා යන විධියට කුහරයක් හෑරුවොත් අනිත් පැත්තෙන් මතු වෙන්න කොහොමද?
ප්‍රායෝගිකව නම් කරන්න බැරි වැඩක්
හැබැයි ලෝකෙ මිනිස්සු උත්සාහ කරා. 1970දි සෝවියට් දේශයේ මේ විදියට පොළොව විදල බැලුව කොච්චර යටට යන්න පුළුවන්ද කියලා. එයාලට 12 km විතරයි පුළුවන් වුණේ. ඒක තමයි එතෙක් මෙතෙක් වැඩි ගැඹුර මිනිසා පොළොව විදපු.
https://www.bbc.com/future/article/20190503-the-deepest-hole-we-have-ever-dug
කොහොම හරි ඒවගේ සිදුරක් විද්ද කියමුකෝ. පෘථිවි ගර්භයේ අභ්‍යන්තර උෂ්ණත්වය නොසලකා හැරල අපි පැන්නොත් අර සිදුර ඇතුලට මොකද වෙන්නේ?
විද්‍යාඥයන් ගණනය කරල තියනව විනාඩි 38 කින් විතර අපිට පෘථිවියේ අනිත් පැත්තෙන් මතුවෙන්න පුලුවන් බව.
ආරම්භක අවස්ථාවේදී මතුපිට ඉඳන් පෘථිවියේ කේන්ද්‍රය තෙක් අපි ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කරල උපරිම ප්‍රවේගය මධ්‍යයේ දී ලබා ගන්නවා. මධ්‍යයය පසු කිරීමත් සමග ත්වරණය මන්දනයක් බවට පත්වෙලා අනිත් පස මතුපිටේදී අපේ ප්‍රවේගය 0 වෙනව. අපිව කවුරු හරි අල්ල ගත්තෙ නැත්නම් වෙන්නේ ආපහු සිදුර තුලටම වැටෙනව. ආපහු හිටපු තැනටම එනව. මේ විදියට දෙපැත්තට දෝලනය වෙවී ඉන්න පුළුවන් කවුරු හරි අල්ල ගන්න කම්.
සොක්රටීස්
මේ බුද්ධ වර්ෂ 2563යි. සොක්රටීස් ග්‍රීසියේ ඉපදෙන්නේ බුද්ධ වර්ෂ 100දී විතර. එයත් තමන්ට අවබෝධ වෙච්ච අලුත් දර්ශනයක් ගැන දේශනා පැවැත්තුවා. ඒ කාලේ බොහොම ජනප්‍රිය විෂයක් වුනු තාරකා විද්‍යාව වෙනුවට මිනිස්සුන්ගේ අදහස් ගැන දර්ශන වාදයක් තමයි සොක්රටීස් දේශනා කරේ. එක නිසා දර්ශනවාදයේ පියා විදියට එයාව සලකනවා. ඒකාලේ ග්‍රීසියේ දැඩි ආගමික මුලික සමාජයක් තිබුන නිසා පල්ලි වලට සැහෙන්න සමාජ බලයක් තිබුනා. බයිබලයේ පරණ තෙස්තමේන්තුව මුල් බැහැගත්ත පරිසරේක තමයි සොක්රටීස් තමන්ගේ අලුත් අදහස් සමාජ ගතකරේ. දෙවියන් විසින් නිර්මාණය කරපු දේවල් විමර්ශනය කිරීම මරණිය දණ්ඩනය ලැබෙන වරදක් වෙලා තිබුනා. යේසුස් වහන්සේ නව ක්‍රිස්තියානි ධර්මය ඉදිරිපත් කරලා අවුරුදු 500කට පස්සේ ජිවත් වෙච්ච ගැලීලියෝ ගැලිලි ට පවා නිවාස අඩස්සියේ ඉන්නත් එයාගේ නව අදහස් වැරදියි කියලා උසාවියේදී ප්‍රසිද්ධියේ කියන්නත් වුනා මේ පල්ලි වල බලපෑම නිසා. බයිබලේ විදියට සියලු ග්‍රහ වස්තුන් පෘතුවිය වටා භ්‍රමණය වෙන එක නෙවෙයි සත්‍යය සුර්යා වටා අනෙක් ග්‍රහ ලෝක භ්‍රමණය වෙනවා මුලින්ම ප්‍රකාශ කරේ ගැලීලියෝ ගැලීලි එයා හොයා ගත්ත දුරේක්ෂය කියන උපකරණය ආධාරයෙන්. සොක්රටීස් ඒ අතින් ශ්‍රේෂ්ඨ වෙන්නේ එයා කොහෙත්තම එයාගේ අදහස් වැරදියි කියලා කියලා පිළිගත්තේ නැහැ පල්ලියේ බලපෑම් නිසා. සොක්රටීස් ටත් විරුද්ධව නඩු විභාගයක් පැවැත්වුනා. පල්ලියේ ඉගැන්වීම් වලට පිටස්තරව දේශනා තියලා තරුණ පිරිස් නොමග යැවීම චෝදනා මත. ජූරියේ බහුතරයෙන් සොක්රටීස්ට මරණ දඬුවම හිමිවෙනවා. මරණ දඬුවමෙන් මිදෙන්න නම් ක්‍රම දෙකක් තිබුනා එකක් එයා අදහස් වැරදියි කියලා පිළිගන්න එක නැත්තම් හොරෙන් පැනල යන එක . එයාගේ ශිෂ්‍යයෙක් වුනු ප්ලේටෝ සොක්රටීස්ට පැනල යන මාර්ගයක් හදලා තිබුනා.
හැබැයි සොක්රටීස් බාර ගත්තේ මරණය. මොකද එයා පැනල ගියා නම් එයාගේ ප්‍රකාශන වලට වටිනාකමක් නැති වෙනවා කියලා එයා දැනගන හිටියා . ගැලීලියෝ පස්සේ කාලෙකදී කරා වගේ උසාවියේ පිළිගත්තෙත් නෑ වැරැද්දක් කරා කියලා.
සොක්රටීස්ට තිබුනේ එයාගෙම අතින් උග්‍ර විස කුප්පියක් බිලා මරණයට පත්වෙන්න. ප්ලේටෝ ඇතුළු එයාගේ ශිෂ්‍යයෝ ඉදිරියේ සොක්රටීස් තමන් අතින්ම මරණය උරුම කරගත්තා.
දැන් ඉන්න සුලුදේකට පවා තමන්ගේ ආත්මය පාවා දෙන මිනිස්සු අතරේ සොක්රටීස් කියන්නේ ශ්‍රේෂ්ඨයන් අතරත් ශ්‍රේෂ්ඨයෙක්.
සැබෑ ලෝක ආරම්භය හා ජනප්‍රවාද
සැබෑ ලෝක ආරම්භය හා අනෙකුත් මතවාද
ලෝක ආරම්භය බුදු රජාණන් වහන්සේ විස්තර කරලා අග්‍රඥ්ඥ සුත්‍ර දේශනාවේදී . මම මේ උත්සාහ කරන්නේ ඒ සුත්‍රය පැහැදිලි කරන්නම නෙවෙයි. අග්‍රඥ්ඥ සුත්‍රයේ තියන සමහර කරුණු ජනප්‍රවාද, අනිත් ආගම් වල තියන මතවාද එක්ක ගැලපෙන තැන් කීපයක් මතක් කරලා දෙන්න.
බුද්ධ දේශනාවට අනුව ලෝකය කියන්නේ චක්‍රීය ක්‍රියාවලියක් අන්තඃක් කල්ප 80ක, ලෝකය බිහි වීමට අන්තඃක් කල්ප 20කුත් බිහිවෙලා පැවතීමට අන්තඃක් කල්ප 20කුත් ලෝකය වැනසීමට අන්තඃක් කල්ප 20කුත් වැනසිලා පැවතීමට අන්තඃක් කල්ප 20කුත් විදියට .
අන්තඃක් කල්පයක් කියන්නේ කොච්චර කාලයක් කියන එක විස්තර කරන්න උපමාවක් දීල තියනවා උන්වහන්සේ. එකක් තමයි යොදුනක් උස යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියකට අබ ඇට පුරවල අවරුදු 100කට සැරයක් එක ඇටයක් අයින් කරලා අර පෙට්ටියම හිස් වෙන්න යම් කාලයක් යනවද ඒ කාලය කල්පයක් කියල.
එතකොට දැන් මේ පවතින්නේ දෙවෙනි අවස්ථාවේ ඒ කියන්නේ ලෝකය බිහිවෙලා පවතින කල්ප 20 තුල, ඊට පස්සේ තමයි ලෝක විනාසයක් සිද්ධ වෙන්නේ.
ලෝක විනාසෙකදී විනාස නොවන තැන් දෙකක් තියෙනවා අටමහ නරකයත් ආභස්සර බ්‍රහ්ම ලෝකයත්. ලෝකය උපාදාන කරගන බිහිවෙච්ච සියලු සත්ව කොටස් ඒ කියන්නේ මිනිස් , දේව ,සතර අපාගත සියලු ප්‍රේත අසුර ,නිරී, තිරිසන් සත්වයන්ට තව දුරටත් උපාදාන කරන්න දෙයක් නැති කම නිසා ඉතිරි වෙලා තියෙන අර ලෝක දෙකෙන් එකකට යන්න සිද්ධ වෙනවා.
එතැනදී ආනත්තරිය පාප කරපු කොටස් නිරයටත් අනෙක් සත්ව කොටස් ආභස්සර බ්‍රහ්ම ලෝකයටත් ඇදී යනවා.
මේක අනෙක් ආගම් වල අවසාන විනිශ්චයේ දවස විදියට විස්තර කරලා තියනවා. එදාට තමයි දෙවියන් වහන්සේ වර්ග කරන්නේ සත්වයින් යායුත්තේ ස්වර්ගයටද අපායටද කියල. මෙතෙක් ඔවුන් කරලා තියන කියවන සලකා බලලා සියලු සත්වයින් විනිශ්චයකට ලක් කරන දවස විදියට. ඒක සිද්ධියක් විතරක් විධියට දැකල කියල තිබුනත් එතනින් එහාට වෙන්නේ මොකක්ද කියල හේතු පල සහිතව විස්තර කරලා තියෙන්න බුදු දහමේදී.
මේ බ්‍රහ්ම ලෝකයට ගිහිපු සත්වයින් ඇත්තටම එහේ ගියේ එයාලගේ පංච ඉන්ද්‍රියන් පිනවන්න තව දුරටත් ලෝකයක් එහෙම නැත්තම් ද්‍රව්‍ය වස්තු නැති කම නිසා හට ගත්ත චිත්ත පාරිශුද්ධත්වයක් මිසක් විඳීමේ ආසාව සන්සිඳවල නෙමෙයි. ඒක නිසා නැවත ලෝකයක් හට ගත්ත මොහොතක ලෝකය විඳීමේ ආසාව යටපත් වෙලා තියනවා.
විනාස වෙච්ච ලෝකය නැවත ගොඩ නැගෙන්න කල්ප 40ක් යනවා , විනාස වෙවී 20කුත් විනාස වෙලා 20 කුත් විදියට. නැවත ලෝකය හට ගන්න කාලය වෙනකොට අර අභාස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්රහ්මයින්ගේත් ආයුෂ ගෙවිලා පල්ලම් බහින්න ගන්නව. ඒ කියන්නේ නැවත තමන් කලින් හිටපු ආත්මභාව වලට පරිවර්තනය වෙන්න පටන්ගන්නව.
මුල්ම කාලේදී ඉර හඳ හටගන නැති නිසා ආකාස චාරී ස්වයං ප්‍රභා ආලෝකයක් සහිත බ්‍රහ්ම කල්පික මිනිසුන් හට ගන්න බව තමයි දහමේ විස්තර වෙන්නේ.
බ්‍රහ්මයින්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැති නිසා මේ බ්‍රහ්ම කල්පික මිනිස්සුන්ටත් එහෙම එකක් නෑ . සියුම් කයක් නිසා ආහාර අවශ්‍ය වෙන්නෙත් නෑ , ප්‍රීතිය අහාර කරගන තමයි ජිවත් වෙන්නේ.
අපි බැලුවොත් බටහිර සාහිත්‍යයේ තියන සුරංගනාවියන් විස්තර මේ බ්‍රහ්ම කල්පික මිනිස් ස්වභාවයත් එක්ක හොදටම ගැලපෙනවා , ඔවුන් යන යන තැන ආලෝකය විහිදෙනවා ඔවුන්ගේම ශරීරයෙන් , පියාඹගන තමයි යන්නේ විනිවිද පෙනෙන ශරීරයක් තියෙන්නෙත්. එතකොට මේ කතා ප්‍රබන්ධම විතරක්ද කියල පොඩි සැකයක් මටනම් තියනවා.
ඊළගට බැලුවොත් ලෝකය නිර්මාණය වෙන විදිය බුදු දහමේ විස්තර වෙන ආකාරයට ,මුලින් වායු ගෝලයක් විදියට හටගන එක ඝනීභවනය වෙනවා, මේ ඝනීභවනය වෙච්ච ලෝකය මතුපිට කිරි යොදය වැනි අධික සුවඳකින් සහ රසකින් ද්‍රව්‍යයකින් වැහිලා තියනවා. තවම ඉර හඳ තාරකා හටගන නෑ . මේ අධික සුවඳ ආඝ්‍රහණ වෙච්ච බ්‍රහ්ම කල්පික මිනිස්සු මෙතනට ඇදිල ඇවිල්ල මේ ද්‍රව්‍යය කටගාල බලනවා. මේ සුවඳට සහ රසට ඇති කරගත්ත තන්හාව නිසා ඔවුන්ගේ ස්වයං ප්‍රභා ආලෝකය නැති වෙලා ගිහිල්ල ඉර හඳ හට ගත්තා කියල දේශනාවේ තියෙන්නේ.
අපේ චක්‍රාවාටයේ නම ක්ෂීරපථය , කිරි සයුර , Milkyway එතකොට බුද්ධ දේශනාවේ තියනවා බ්‍රහ්ම කල්පික මිනිස්සු කිරි වැනි දෙයකට තන්හාවෙන් ලෝකයට ඇදිල ආපු බව. බුදු දහමේ ලෝකය කියන්නේ එක ග්‍රහ ලෝකයක් නෙවෙයි ඉන්ද්රිය ගෝචර සියල්ල තමයි ලෝකය.
හින්දු ආගමේ මේ කිරි සයුර ගැන තියන විස්තරෙත් හරිම ආකර්ශනීයයි. සුර අසුර යුද්ධය වෙලාවේදී විෂ්ණු දෙවියෝ කිරි සයුර කැලම්බුව කියල කියනවා අමෘතය හොයන්න , විෂ්ණු ඉබ්බෙක් වෙලා කිරි සයුරේ කිමිදිලා ඉන්න කොට මහමෙරු පර්වතය එයාගේ පිට උඩ තියල එකට කඹයක් දාල දෙපැත්තට ඇද්ද කියල සඳහන් වෙනවා.
ඊළගට බලමු බුද්ධ දේශනාවේ තියන විදියට බ්‍රහ්ම කල්පික සත්වයින්ට මොකද වෙන්නේ කියල. ස්වයං ප්‍රභා ආලෝකය නැති උනාට පස්සේ එයාලගේ ශරීර ටිකෙන් ටික ඝනීභවනය වෙන්න පටන් ගන්නවා අර කිරි යොදය පරිහරණය කරන්න පටන්ගත්තට පස්සේ , පහු වෙනකොට අර කිරි යොදය වැනි ද්‍රව්‍ය නැති වෙලා භුමි පඨක කියන තරමක් ඝන ආහාරය බවට ඒවා පත්වෙනවා, එකත් අර වගේම රස සුවඳින් යුක්තයි, ඒවා ආහාරයට ගන්නකොට ශරීර තවත් ඝනීභවනය වෙලා පැහැපත් සහ අවපැහ විදියට දෙකොට්ටාසයකට බෙදෙනවා. පැහැපත් අය අනිත් අයට අවමන් කරන්න ගන්නවා . නැවතත් අර භුමි පඨක අතුරුදහන් වෙලා බදාලතා කියන වැල් වර්ගයක් හටගන්නවා ඒවත් අර වගේම රස සුවඳින් යුක්තයි. නැවතත් අර විදියට සමේ පැහැය අනුව බෙදිලා එකිනෙකට අපහාස කරගන්න කොට බදාලතාත් අතුරුදහන් වෙලා ස්වයං ජාත හැල් හට ගන්නවා මේවා අර සියලු දේට වඩා ඝන ආහාරයක් නිසා ශරිරත් ඒ විධියට ඝන බාවයට පත් වෙනවා. ඒ එක්කම ශරීර තුල ස්ත්‍රී පුරුෂ ගති ලක්ෂණ හටගන්නවා
මේ වෙනස් වීම් වාක්‍ය දෙක තුනකින් විස්තර කරාට සිද්ධ වෙන්න කල්ප 20 ගිය බව අමතක කරන්න එපා.
ස්ත්‍රී පුරුෂ ලක්ෂණ හට ගත්තට පස්සේ සත්වයින් තුල රාගය හට ගන්නවා. පිරිසක් කාම සම්බෝගය අනුමත කරනවා පිරිසක් බැහැර කරනවා. කාම සම්බෝගය අනුමත කරපු අය වෙනම ජිවත් වෙන්නටත් අනිත් අය ඒ පිරිසට අපහාස කරමින් වෙනමත් ජිවත් වෙන්න පටන් ගන්නවා.
මේ බෙදීම අපිට දැකගන්න පුළුවන් අතීත ග්‍රීක සහ හින්දු චිත්‍ර වල. සමහර හින්දු දෙවොල් වල අපිට දකින්න පුළුවන් කාම සම්බෝගී කැටයම් , ඒවගේම අතීත ඉන්දියානු සාහිත්‍යයේත් ලොකු කොටසක් වෙන්කරලා තියනවා කාම සම්බෝගය පිලිබඳ විස්තර . අනෙක් අතට ග්‍රීක චිත්‍ර සහ කැටයම් දිහා බැලුවම බොහෝ චිත්‍ර අඩ හෝ පුර්ණ නිරුවත් උනත් කොහෙවත් කාම සම්බෝගී දේවල් පිළිඹිබු කරලා නෑ.
අග්‍රඥ්ඥ සුත්‍ර දේශන්වේ පැහැදිලිව සඳහන් වෙනවා සත්වයින් ගේ දුෂ්‍යතාවය වැඩි වීමත් එක්ක ඔවුන් තුල තිබු බ්‍රහ්ම ගති පහවෙලා ගිහින් ආහාර වල රස අඩු උන බවත්, ඒවගේම ස්වයං පහල වෙන ආහාර වෙනුවට වගා කරගන ආහාර ලබා ගැනීමට සිදුවූ බවත්.
අපි බැලුවොත් බයිබලයේ එන ආදම් සහ ඒව කතාවේත් ඔවුන් දෙවියන් විසින් තහනම් කරපු ගහේ ගෙඩි කෑම සමග රාගය ඇති වෙලා තමන් ඉන්නේ නිරුවතින් බව පේන්න ගන්නවා. ඒ එක්කම දෙවියන් විසින් ඔවුන්ව පාරදිසයෙන් පන්නා දානවා. ඒක නිසා තාමත් මිනිසුන් දුක පිඩා වලට මුණ දිදී ජිවත් වෙන්න සිද්ධ වෙලා තියනවකියල බයිබලේ කියන්නේ. දෙවියන්ගේ අණට කීකරු නොවෙච්ච හින්ද.
ඒ අනුව පේනවා අනෙකුත් ආගම් වලත් ලෝකයේ ආරම්භය පිලිබඳ යම් සිද්ධීන් විස්තර කරලා තිබුනත් ඒවා හේතු පල විදියට දැකල විස්තර කරලා නැහැ කියල , ඒවා හුදෙක් ප්‍රබන්ධම කියල බැහැර කරන්නත් බැරි බව පේනවා.
කොන්ඩයගේ කතාවස්තුව
කාලෙකට කලින් රටේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කොන්ඩයා කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධ වුනා මතක ඇති.
මේක ඔහුට කරන අපහාසයක් නෙවෙයි අවශ්‍යය කාරණේ පැහැදිලි කරන්න නිධාන කතාවක් විතරයි.
මේ අපරාදෙට කොණ්ඩයත් එයාගේ සහෝදරයෙකුත් අත්අඩංගුවට ගත්තා සැක පිට, ඉතින් තහවුරු කරගන්න මේ දෙන්නගෙම DNA පරීක්ෂාවක් කරා, එතකොට තව කාරණයක් එලිවුනා , ඒ තමයි මේ දෙන්නගෙම තාත්තා එක්කෙනෙක් නෙවෙයි කියලා . ගම්වල නම් ඕක මහලොකු දෙයක් නෙවෙයි,
කොහොමහරි එකම තාත්තා මේ ළමයි දෙන්නවම හදාවඩා ගත්තනේ. එතකොට මේ එක දරුවෙක් තමන්ගේ තාත්තා බව නොදැන ඇත්තටම තමන්ව බිහිකරන දායකවුන කෙනාව මැරුවොත් එයාට සිද්ධ වෙන්නේ කොහොම පාපයක්ද. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංග භේදය ,බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම ආනන්තරීය පවක් කියල.
ඒවගේම තවත් දේශනා කරලා තියනවා තමන්ව මේලෝකෙට ජාතක කරන්න සම්බන්ධ වෙච්ච දෙන්නව තමන්ට පුළුවන් වෙච්ච දවසේ ඉඳලා උරහිස් දෙකේ දෙපෙත්තේ තියාගන සාත්තු සප්පායම් කරත් තමන්ට මේ ලෝකෙට එන්න කරපු උදව්වට ණය ගෙවන්න බෑ කියලා.
එතකොට ළමයින්ව ඉපදුන ගමන් කැලේට විසි කරලා යන අම්මලටත් එහෙම සලකන්න ඕනද. ගැහැනියක් බලෙන් දුෂණය කරලා ජාතක වුන දරුවෙක් තමන් සැබෑ පියාට එහෙම සලකන ඕනද.
නැත්තම් තමන් ඉපදුනාට පස්සේ හදාවඩා ගත්ත කවුරු හරි කෙනෙක්ටද එහෙම සලකන්න ඕන.
ආනන්තරීය පවක් වෙන්නේ තමන් හදාවඩා ගත්ත දෙමාපියෙක් ඝාතනය කරෝත්ද?
නැත්තම් කවදා හරි තමන්ව අවජාතක කරපු තාත්තව හොයාගන ගිහින් ඝාතනය කරෝත්ද?
තමන්ව ඉපදුන ගමන් කැලේට විසිකරපු අම්මව ඝාතනය කරෝත්ද?
නැත්තම් තමන් අතින් ඝාතනය වෙච්ච කෙනා තමන්ගේ සැබෑ අම්මා හරි තාත්තා හරි නොදැන සිටියත් ආනන්තරිය පවක් සිද්ධ වෙනවද?
කොහොමද මේ මව්පියන්ගේ ගුණ මහත්වය තීරණය කරන්නේ, එකට අපිට නොපෙනෙන පැත්තක් දිහා පොඩ්ඩක් හොයල බලන්න වෙනවා
එතකොට අපිට අර සියලු ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන් වේවි.
ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්න කලින් හිටියේ කොහෙද ? අන්තරාභවයක හිටියේ,
කොහොමද හිටියේ ? ගන්ධබ්බ කයකින් හිටියේ.
කොච්චර කාලයක් එහෙම හිටියද? තමන්ගේ කර්ම වලට ගැලපෙන තැනක් හම්බු වෙනකම්,සමහර විට සුළු වෙලාවක් සමහර විට අවුරුදු දාස් ගානක්
එහෙම මිනිස් කයක් බලාපොරොත්තුවෙන් කොච්චර පිරිසක් ඉන්නවද ගන්ධබ්බ වෙලා ? අනන්ත පිරිසක් ගණන් කරන්න බැරි තරමක්.
එතැන ඉන්නේ මිනිස් කයක් බලාපොරොත්තුවෙන් ඉන්න අය විතරද ? නැහැ ලෝකේ ඉන්න ක්ෂුද්‍ර ජීවියාගේ ඉඳලා නිල්තල්මසා වෙනකම් සියලුම සත්වයින්ගේ ගන්ධබ්බ කායික ජීවියෝ ඉන්නවා .
මරණින් පස්සේ සියලු දෙනා ගන්ධබ්බ බවට පත් වෙනවද? නැහැ දේව අත් බැව් සහ ප්‍රේත අසුර අත් බැව් ලබන අය කෙලින්ම ඒ තත්වෙට පත් වෙනවා.අපා ගත වෙන අයත් කෙලින්ම ඒ තැන වල උපදිනවා , හැබැයි ඒ ඒ තැන් වල කර්මය ගෙවලා හරි ඉවර වෙලා හරි මිනිස් තිරිසන් අත් බැවක් ලබා ගන්න ගන්ධ්බ්බයෙක් වෙලා බලා ඉන්න වෙනවා.
ගන්ධබ්බ කායික ජීවියාගේ මානසික ස්වභාවය කොහොමද. හිතන්න කවුරු හරි ඔබට දඬුවමක් දෙන්න මුළු ඇඟම අර අත පය කැඩුනම දාන ප්ලාස්ටර් වලින් වහනවා .කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැති වෙන්න . දිව කපලා දානවා කිසිම රසයක් නොදැනෙන්න. ඇස දෙක බඳිනවා ආලෝකය කියලා මාත්‍රයක්වත් නොපෙනෙන්න . කන්දෙකේ ඇබ දෙකක් ගහනවා කිසිම ශබ්දයක් නොඇසෙන්න . නාසයත් වහලා කටින් හුස්ම ගන්න සලස්වනවා කිසිම ගඳ සුවඳක් දැනෙන්නෙත් නෑ එතකොට. හැබැයි ඔබේ මනස හොදින් වැඩ කරනවා බාහිර ලෝකේ මන වඩන රූප ,ශබ්ද ,රස, ස්පර්ශ තියනවා කියල මනස දන්නාවා .මැරෙන්න හිතුවත් ඒක කරන්නත් බෑ. කොහොම පෙළීමක් දැනෙනවාද මනසට. අන්න ඒ මානසික ස්වභාවය තමයි ගන්ධබ්බ කායිකයට තියෙන්නේ.
ඇයි එහෙම වෙන්නේ ? එයාට කර්මජව හටගත්ත අභ්‍යන්තර ආයතන 6 පිහිටලා තිබුනට බාහිර ආයතන නැහැ ඉතින් ඒකට මස් ලේ කයක් අවශ්‍යයි , චක්ඛු ,ජිව්හා සෝත ඝාන කාය විඤ්ඤාන විදියට බිහිවෙලා තිබුනට එකට අවශ්‍ය කරන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ලබාගන්න බාහිර ඉන්ද්‍රියන් පහල වෙලා නැහැ.
එතකොට ගන්ධබ්බයා ගැබකට ඔක්කන්ති වෙන්නේ ස්ව කැමැත්තෙන්ද ? නැහැ ගන්ධබ්බයා හරියට හුළඟට අහුවුණ පුළුන් පොදක් වගේ කර්ම ප්‍රවාහය මගින් ඔහේ ගහගන යනවා. කොහේ හරි ඔක්කන්ති වෙන්න සුදුසු පරිසරයක් හැදෙන කොට ( මව්පිය සංවාසයක් ) කෝටී ගානක් ගන්ධබ්බයෝ එතනට ඇදිල එනවා අවස්තාවක් ලබා ගන්න ,ඒවුනාට අවස්ථාව ලැබෙන්නේ එක්කෙනාටයි කලාතුරකින් දෙන්නෙක් තුන්දෙනෙක්ට අවස්ථාව හම්බු වෙනවා
ඇයි එතකොට අඳ ගොළු බිහිරි , මන්දබුද්ධික ළමයි බිහිවෙන්නේ ? එයාලට පුළුවන්නේ ඒ කළලයට ඔක්කන්ති නොවී ඉන්න . කර්මයෙන් දෙන අවස්තාව මග අරින්න කාටවත් බෑ , අවස්තාව දුන්නේ කාන්තාවක්ව බලෙන් දුෂණය කරන වෙලාවක නම් එකට ඔක්කන්ති වෙන කර්මය අදාළ සංජාතිකයාගේ මිසක් දුෂණය කරන පිරිමියගේවත් දුෂණය වෙච්ච කාන්තාවගේවත් නෙවෙයි. මහා ගන්වතුරක ගහගන යන මනුස්සයෙක් එල්ලෙන්න මොකක් හරි දෙයක් හොයන කොට ගඟේ පාවෙලා එන කුණු වෙච්ච මළ මිනියක් ආවත් එකේ එල්ලිලා හරි ගොඩට එන්න හදනවා . අර විධියට ලෝකේ කිසිම දැනීමක් ගන්න බැරි විදියට දඬුවමක් දීල ඉන්න වෙලාවක කවුරු හරි කිව්වොත් මං ඕකෙන් එක ඉන්ද්‍රියක් අරින්නම් කියලා එකත් කොච්චර දෙයක්ද වෙලාවේ හැටියට . නැත්තම් කිව්වොත් මන් ඔයාව නිදහස් කරන්නම් හැබැයි අතාරින්නෙ ඇන්ටාක්ටිකාව මැදට ගිහින් කියලා කව්ද ඒකට අකමැති වෙන්නේ. අර පංච කාම විඳගන්න බැරුව තියන මානසික පිඩාව මේ ලෝකෙට ඇවිල්ල වැසිකිලි වලක ජිවත් වෙන්න ඉඩ දෙනවටත් වඩා සැහෙන්න විශාලයි.
මෙහෙම බලනකොට ස්ත්‍රී පුරුෂයෝ දෙන්නෙක් මොන පරමාර්ථ යෙන් සංවාසයක යෙදුනත් අර ගන්ධබ්බ ලෝකේ ඉන්න සංජාතික කට දෙන ලෝකේ තියන උතුම්ම අවස්ථාව තමයි ඒක. එතැන තමයි මව්පිය ගුණ මහත්වය තියෙන්නේ නැතුව මස් ලේ කයක් අරගන ලෝකෙට බිහි වුනාට පස්සේ සලකන විදිය අනුව නෙවෙයි.
ඒ මස් ලේ කයක් අරගන මේ ලෝකෙට එන්න අවස්ථාව දුන්න කෙනෙක්ව ඝාතනය කරොත් පන පිටින අපාගත වෙන කර්මයක් සිද්ධ කරගත්තා වෙනවා.
ජිග් සෝ පසල් - jig saw puzzle
මම හරිම කැමති සෙල්ලමක් තමයි මේක පොඩි කාලේ කරපු . පසල් එකේ මොකක් හරි චිත්‍රයක් තියනවා කලින් අන්දපු ඒක කෑලි වලට කපලා තියෙන්නේ කෑලි හුඟක් ඒවා හැඩයෙන් වෙනස එකිනෙකට. සමහර කෑලි එකම හැඩය තියෙන්නේ එත් චිත්‍රෙට ගැලපෙන්නේ එක කෑල්ලක් විතරයි හිඩැස තියන තැනට අනුව. ඒක නිසා අපිට චිත්‍රය සම්පුර්ණ කරන්න තැනට අදාළ හරිම කෑල්ල තෝරගන , හරි තැනින් තියන්න ඕන . එතකොට තමයි චිත්‍රය සම්පුර්ණ වෙන්නේ. චිත්‍රය කලින් කව්රු හරි අන්දපු එකක් නිසා අපිට බෑ අපිට ඕන ඕන තැන්වල කෑලි තියල චිත්‍රෙ වෙනස් කරන්න.
අපේ හැඩයයි චිත්රේ කොටසයි අපි දන්නේ නැති නිසා අපි බොහොම ලේසියෙන් චෝදනා කරනවා තව කාට හරි අපි දුක් විඳින්නේ එයා නිසා කියලා.
එතකොට කොහොමද අර ජිග් සෝ පසල් එකේ කැල්ලකට වගේ අපිට හැඩයක් සහ ලෝකය කියන චිත්‍රෙ අපිට තැනක් නිර්මාණය උනේ.
ඒක වෙන්නේ ලෝකේ තියන ප්‍රත්‍ය දෙකක් නිසා එකක් අනන්තර ප්‍රත්‍ය අනිත් එක සමනන්තර ප්‍රත්‍ය
අනන්තර = අන්+ අන්තර - අන් කියන්නේ ආහාරය අන්තර කියන්නේ අඩංගු වෙනවා කියන එක
සමනන්තර = සම+අන්+අන්තර- සම ආහාරයක් අඩංගු වෙනවා
අනන්තරය තමයි අපේ හැඩය එකියන්නේ අපි කරපු කර්ම බීජ, ගන්ධබ්බයෙක් වෙලා හිටපු අපි මේ ලෝකෙට එන්න බලාගන.
කොච්චර කාලයක් හිටියද කියල අපි දන්නේ නෑ අපිට හරියන හිස්තැනක ලෝකේ හැදෙනකම්. අනන්ත කාලයක් නොඉවසිල්ලෙන් බලා ගන ඉඳල ලැබුන තැන තමයි දැන් අපි මේ ඉන්නේ. ඒකට කොහොමද තව කෙනෙක්ට චෝදනා කරන්නේ. සමනන්තරය තමයි ලෝකේ අපට හිමි තැන.
අනන්තරය හරියට අටුවක තියෙන බිත්තර වී වගේ ,ගොයම් ගහක් බවට පත් වීමට අවශ්‍ය කරන ගුණාංග , එකේ අඩංගු වෙලා තියනවා , සමනන්ත්රය හරියට සීසාල පිළියෙළ කරපු කුඹුරක් වගේ. දෙක එකට ගලපුනාම පලය විදියට ගොයම් ගහක් ලැබෙනවා. අටුවේ තියන කාර්ම බීජ අපිට වෙනස් කරන්න බෑ දැන් අපිට , කරන්න පුළුවන් කුඹුර වෙනස් කරන එක,
අපල කාලයක් ආවම නක්ෂශ්ත්‍ර කාරයෝ කියන්නේ බෝධි පුජා තියන්න කියලා ඒ අර කුඹුර වෙනස් කරගන්න.
ගොවියෙක් කොහොමද කැලෑවක හේනක් කුඹුරක් මුලින්ම සකස් කරගන්නේ , අන්න ඒ විදියට තමයි අපිත් අපේ සිත සකස් කරගන්න ඕන ධර්ම අවබෝදයක් ලබා ගන්න. එවං උප සංහරති
මුලින්ම ගොවියා තමන් වගා කරන්න යන සාවිය ලකුණු කරලා වල් කොටනවා, වල් කොටන කොට ඒ සාවියේ හිටියනම් සතා සිව්පාවෝ උන් පැනලා යනවා තාවකාලිකව. ඊළඟට රොඩු බොඩු ටික එක තැනකට එකතු කරලා ගිනි තියලා දානවා දැන් ගොවියට තමන් වගා කරන්න යන භුමිය දළ වශයෙන් පේනවා. දැන් තියෙන්නේ මුල් බැහැ ගත්ත මහා රූස්ස ගස් ටික ඉතුරු වෙලා . ඒවා එක සැරේ ගලවලා අයින් කරන්න අමාරුයි. මුලින්ම කඳ මුලින් කපලා බිමට පෙරලනවා , කඳ හසුරවන්න පුළුවන්
තරමේ කුට්ටි වලට කපලා වගා බිමේ වටේට දඬු වැටක් හිටව ගන්නවා, එතකොට අර පැනල ගිය සතා සිව්පාවෝ ආයේ එන්නේ නැහැ වගාවට හානි කරන්න.
එවං උප සංහරති කියන බුද්ධ වචනයට අනුව සංසන්දනය කරලා බැලුවොත් , අපේ කෙලෙස් වලින් වල වැදිලා තියන හිතේ ධර්ම බීජය පැල කරන්න බැහැ එක සැරේ , එක හරියට මහා කාලයක් මැද්දේ තක්කාලි පැලයක් හිටෙව්වා වගේ වැඩක් , ගොළු බෙල්ලෙකුට උනත් පුළුවන් ලේසියෙන්ම ඒක විනාශ කරලා දාන්න,
කොහොමද කෙලෙස් අර කැලේ සුද්ද කරනවා වගේ හිතෙන් අයින් කරගන්නේ, සතර සතිපට්ටානය තමයි ඒකායන මාර්ගය, මුලින් ලොකු දෙයක් නෙවෙයි, අපි කරන සියලු ක්‍රියා ගැන සෙවිල්ලෙන් ඉන්නවා සිහියෙන් ඉන්නවා , අර රූස්ස ගස් තමයි අපේ ඇබ්බැහිවීම් ඒවා එක සැරේ ඇත අරගන්න බැහැ ටික ටික අවබෝධයත් එක්ක අත් ඇරිලා යනවා . දඬු වැට තමයි ධර්මය , තාවකාලිකව ඉවත් වෙච්ච කෙලෙස් නැවත මතු වෙනකොට ධර්මය සිහිකරනවා. එතකොට සත්තු වගේ හිටපු අපේ කෙලෙස් වලට නැවත මේ වගා භූමියට ඇතුල් වෙන්න්න තියන ඉඩකඩ ඇහිරෙනවා.
දැන් ගොවියා පොලොව හොදින් සුද්ද කරගන්නවා , අර රූස්ස ගස් වල මුලට රොඩු එකතු කර කර ගිනි තියනවා , නැවත පැල නොවෙන්න. දැන් පොලොව සුදුසුයි වගා බීජයක් සිටුවන්න සුදුසු කාලය බලලා.
කෙලෙස් තවා හැරපු සිත සුදුසුයි ධර්ම අවබෝධයට , කල්‍යාණ මිත්‍රයෙක් ලඟට ගිහින් ධර්මය අහන්න .
මෙතන තියෙන්නේ අසු හාර දහසක් වෙච්ච ධර්ම කාරනා වලින් එක ධර්ම කරුණක් , හැම ධර්ම කරුණක්ම කෙලවර වෙන්නේ නිවන් මාර්ගයෙන් , බුදු රජාණන් වහන්සේ නිවන් දකින්න ක්‍රම අසූහාර දහසක් තමයි දේශනා කරේ, ධර්ම අවබෝදයට අවශ්‍යය එක ධර්ම කාරණයක් ප්රත්යක්ෂයෙන් දැනගැනීමට පමණයි. ගාථා සුත්‍ර කටපාඩමින් දැන ගැනීම ධර්ම අවබෝධය නොවෙයි. ධර්ම විභාග සමත් වීමත් ධර්ම අවබෝදය නොවෙයි.
ආනන්ද සර්පයා දුටුවාද?
එක්තරා අවස්තාවක බුදු රජාණන් වහන්සේ ගාවට එනවා ඒකාලේ හිටපු රංගන ශිල්පියෙක් , ඇවිල්ල අහනවා ස්වාමීනී අපේ පරම්පරාවේ සියලු දෙනාම කරේ මේ රංගන කලාව , එයාල නාට්‍ය හදලා ඒවා රඟපාලා වේදිකාවල පෙන්නලා මිනිස්සුන්ව පිනෙව්වා , ඉතින් අපේ අය කියනවා අපි එහෙම මිනිස්සුන්ව පිනවපු නිසා මරණින් පසු දිව්‍ය උත්පතියක් ලබනවා කියලා. මේක සත්‍යක්ද කියලා .
උන්වහන්සේ කියනවා ඕක මගෙන් අහන්න එපා කියලා,
අර මනුස්සයා නැවතත් ඒ ප්‍රශ්නෙම අහනවා ,
බුදුන්වහන්සේ අයෙත් කියනවා ඕක මගෙන් අහන්න එපා කියල,
ඒ උනාට අර මනුස්සයා නැවතත් ඒ ප්‍රශ්නෙම විමසනවා.
මේ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා ඔබේ පරම්පරාවේ අය කියන දෙය සත්‍යයෙන් තොරයි. ඔබේ පරම්පරාවේ අය මරණින් පසු පහාස නම් නරකයේ උපදිනවා කියල .
ඔබේ අය සිදු නොවුණු දෑ සිදු වුනු දෑ විදියට පෙන්වලා මිනිසුන්ව මුලාවට පත් කරනවා.
කාමය උපද්දන කතාවෙන් කාමය උපද්දන සිනාවෙන්
කාමය උපද්දන බැල්මෙන්
කාමය උපද්දන දර්ශන වලින්
මිනිසුන්ගේ මෙතෙක් නොතිබූ කාමයන් සිත් තුල පැල කරවනවා.
ඔබේ රැකියාවේ ආදායම වැඩිකර ගැනීමට මිනිසුන්ව නැවත නැවත ඔබ වෙත ගෙන්වා ගැනීමට උපක්‍රම බාවිතා කරනවා, මිනිසුන් තුල ලෝභය ඇතිකරවනවා.
ඔබේ සමහර නාට්‍ය වල කෙනෙක් වීරත්වයට පත් කර තව කෙනෙක් සතුරෙක් කරනවා.
ඒ තුලින් මිනිසුන් සතුරු පාර්ශවයට ද්වේශය ඇති කරවනවා.
ඉතින් මිනිසුන් තුල පෙර නොතිබූ ලෝභය ද්වේශය මෝහය ඇති කරවන ,
තිබු ලෝභ ද්වේශ මෝහ මෝරන ක්‍රියාවන් සිදුකරන කෙනෙක් මරණින් පසු දිව්‍ය අත් බැවක් ලැබීමට හේතු නැහැ.
මේ අත් බවේදී ධර්ම අවබෝධයට හේතු ඇති කෙනෙක් ඔබේ රසිකයෙක් වෙලා ඒ අවස්ථාව මග අරවා ගත්තොත් ඔබ ඔහුට මහා අවැඩක් සිදු කළා වෙනවා ,
එයින් ඔබට පාප කර්මයක් සිද්ධ වෙනවා නොවේදැයි උන් වහන්සේ අර රංගන ශිල්පියාගේන් ඇහුවා.
එසේය ස්වාමිනි වැසී තිබු යමක් ඇරලා පෙන්නුවා වගේ , යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ මට සියල්ල වැටහුනා කියලා රංගන ශිල්පියා යන්න ගියා.
මිනිස් සිත කියන්නේ ශක්ති ප්‍රභවයක් සෑම සිතිවිල්ලකින්ම චිත්තජ ශක්තියක් නිෂ්පාදනය කරලා විශ්වයට මුදාහරිනවා , මුදාහරින්නේ සුද්ධාෂ්ඨක විදියට ,
සුද්ධාෂ්ඨකය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ගති ලක්ෂණ අටකින් යුක්ත අති සියුම් අංශුවක්,
නිෂ්පානය වෙන සුද්ධාෂ්ඨකය නිපදවුනේ අලෝභ අමෝහ අද්වේශ චිත්තයකින් නම් විහිදෙන කිරණය සුදු කිරණයක් කියනවා , නිපදෙව්වේ ලෝභ ද්වේශ මෝහ චිත්තයකින් නම් විහිදෙන කිරණය කළු කිරණයක් කියනවා.
විශ්වයට එකතු වෙන සුදු කිරණ මිනිසුන්ට යහපත උදාවෙන්න හේතු වෙනවා .
ඒවගේම කළු කිරණ ලෝකය අඳුරු කරන්න නැත්තම් අයහපත උදාකරන්න හේතු වෙනවා.
බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා රටක පාලකයා දුෂ්‍ය නම් එහි දේශගුණය පවා වෙනස් වෙනවා කියලා අකලට වැසි වහිනවා .කලට වැසි නොලැබී යනවා අස්වනු කෘමි සතුන්ගෙන් විනාශ වෙනවා .
රට වැසියෝ දුෂ්‍ය වෙනකොටයි දුෂ්‍ය රජ කෙනෙක් බිහි වෙන්නේ , දුෂ්‍ය මිනිසුන් වැඩිපුර ඉන්නවා නම් වැඩි පුර කළු කිරණ ඒ ප්‍රදේශයේ එකතු වෙන්නේ. නිතැතින්ම ඒ රටට ප්‍රදේශයට අභාග්‍යය උදාවෙනවා.
ලෝකයේ රටාව දිහා බැලුවත් අපිට බලාගන්න පුළුවන් මේ වෙනස.
සමකයට ආසන්න රටවල් වල ආර්ථික දේශපාලන තත්වයත් බහුතර මිනිසුන්ගේ චිත්ත ස්වභාවයත් ද්‍රැව ආසන්න රටවල මිනිසුන්ගේ චිත්ත ස්වභාවයත් ඒ රටවල් වල ආර්ථික දේශපාලන තත්වයත් සංසන්දනය කරොත් යමක් වටහාගන්න පිළිවන් වේවි.
මේ මාතෘකාවට අදාලා නොවෙන කරුණු ගොඩක් විස්තර කරගන ආවේ යමක් ඔබටම අවබෝධ කරගන්න ඉඩ අරින්න.
මුහුණු පොත ඇතුළු සමාජ ජාල සහ රුපවාහිනි සන්නිවේදන මාධ්‍ය දැන් බොහෝ වෛරය පතුරන, කාමය උද්දීපනය කරන මිනිසුන් මෝහයට පත් කරන දේවල් වලින් පිරිලා , රුපහිනියෙන් පෙන්වන දෙයක් මිනිසුන් දකින්නේ එකවරයි නමුත් දැන් කිසියම් ද්වේශය උපද්දන රූප රාමුවක් ,කාමය උපද්දන රූප රාමුවක් මෝහ උපද්දන රූප රාමුවක් ක්ෂණයකින් සමාජ මාධ්‍ය තුල කවුරුන් හෝ ඇතුලත් කරනවා. ඔබ එය බෙදා හරිනවා , රටේ සිද්ධ වෙන කිසියම් සිද්ධියක් විවිධ පුද්ගලයින් තම තමන්ගේ මතිමතාන්තර විදියට සමාජ මාධ්‍යය මුදාහරිනවා .ඔබ එය විඳගන ලෝභ ද්වේශ මෝහ සිතිවිල්ලක් පහල කරනවා .කළු කිරණයක් ලෝකයට මුදා හරිනවා, ඊළඟට ඔබේ මිතුරන්ට එය බෙදා හරිනවා ඔවුනුත් කළු කිරණ ලෝකයට මුදා හරිනවා, ඊළඟට මිතුරන් ඔවුන්ගේ මිතුරන්ට ,ඔය වගේ මහා විශාල පිරිසක් එක රුපයක් රුප රාමුවක් දැකල ලෝකයට කළු කිරණ මුදා හරිනවා.
පහුගිය කාලේ අරගන බලන්න රටේ සමහර පැති වලට අධික වැසි ලැබෙනකොට සමහර පැති නියඟයට මුණ දීල . වැස්ස පටන්ගත්තාම කෙළවරක් නැතුව වහිනවා රෙදි ටිකක්වත් වේලාගන්න බැරි තරමට. ජලවිදුලි නිෂ්පාදන ජලාශ වලට දරා ගන්න බැරි තරමට වහිනවා . අයෙත් කලෙකදී ජලාශ හිඳෙන තරමට පායනවා, වැසි රටාව අක්‍රමවත් වෙලා. වැස්ස නිසා භව භෝග විනාස වෙනවා. නියඟය නිසා විනාස වෙනවා. සේනා දළඹුවන් නිසා භෝග විනාස උනා.
ආනන්ද සර්පයා දුටුවාද?
අනේ අනිච්චං කික්කිද මේ
අපේ පොඩි නැන්දලගේ ගේ ඇතුලට බලු නෑම් බියෙක් රිංග ගත්ත වෙලාවට අපේ මම්මා කෑගැහුවේ ඔහොම තමයි. මම්මා කිව්වට එයා අපේ ආච්චි ,තාත්තගේ අම්මා. මම්මා අපෙන් වෙන් වෙලා අවරුදු පහළොවක් විතර උනාට දැන් මට මේ අනිච්ච කියන වචනේ අයෙත් බහුලව ඇහෙන්න ගත්තම එයාව අයෙත් මතක් උනා. එයාගේ ලොකු පුතාගේ පිරිමි දරුවෝ වෙච්ච අයියටයි මටයි මම්මාගේ විශේෂ සැලකිල්ලක් තිබුණා. මොකද පවුලේ නම ගෙනියන්න හිටපු අය නිසා වෙන්නත් ඇති.
අපි පොඩි කාලේ ඉඳල ඉගනගන තිබුන දෙයක් තමයි ලෝකය අනිත්‍යයි කියලා , අනිත්‍ය කිව්වේ ස්ථිර නෑ කියල, ඒක නිසා දුකයි! මිනිස්සු ඉපදෙනවා වයසට යනවා මැරෙනවා , ද්‍රව්‍ය වස්තුත් එහමයි හටගන්නවා කාලෙකදී වැනසිලා යනවා . පිටින් බැලුවම කිසිම වැරද්දක් නෑ තමයි ලෝකයේ දේවල් ස්ථිර නෑ. දේවල් වෙනස් වෙනකොට අපිට දුකයි. ළඟ හිටපු කෙනෙක් වෙනස් වුනාම පුදුම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලත් බුදු දහමේ කියල තියනවනේ.
එතකොට ලෝකය අනිත්‍යයි නම් මොකක්ද මේ ලෝකය කියන්නේ, බුදු දහමේ ලෝකය විග්රහ කරලා තියනවා විවිධ ආකාරයට සරලව කිව්වොත් අපේ ඉන්ද්රිය 6ට දැනෙන දේවල් සියල්ල ලෝකය , ඇස සහ ඇසට පෙනෙන රූප කණ සහ කණට ඇසෙන ශබ්ද , නාසය සහ නාසයට දැනෙන ගඳ සුවඳ දිව සහ දිවට දැනෙන රස ,ශරීරය සහ ඊට දැනෙන ස්පර්ශ ,මනස සහ ඊට දැනෙන සිතිවිලි.
තවත් ඉතින් ධාතු විදියට ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි , ස්කන්ධ විදියට රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන විදියටත් විග්රහ කරලා තියනවා.
මට කියන්න ඕන උනේ ලෝකය කියන්නේ මේ පෘතුවිය කියන එකම නෙවෙයි කියල බුදු දහමේ විදියට,
එතකොට අපේ මරණය ලෝකෙට අයිති දෙයක් නෙවෙයිද? එතකොට එක ස්ථිර දෙයක් නෙවෙයිද?
මට පිළිකාවක් හැදුනොත් එක ස්ථිර දෙයක්ද අස්ථිර දෙයක්ද?
ඔයවගේ ගොඩක් උදාහරණ දෙන්න පුළුවන් ලෝකේ ස්ථිර දේවලුත් තියනවා කියල. එතකොට ස්ථිර නැති ඒවා අපිට දුකයි නම් ස්ථිර ඒවා අපිට සැප වෙන්නත් එපයි.
මේකේ එතකොට මොකක් හරි කොස්සක් තියනවා කියල නිකමට හිතෙන්නේ නැද්ද . බුදු දහම කියන්නේ මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ධර්මයක් නිසා අරෙහේ මෙහෙ කොසු තියෙන්න විදියක් නෑ කියලා.
පැන්ඩෝරගේ පෙට්ටිය
ග්‍රීක දේව කතාවල සියුස් කියන්නේ දෙවියන්ගේ නායකයා . එයාට ඕන වෙනවා මනුස්ස ලෝකෙට කාන්තාවක් යවන්න , ඉතින් ඒක එයා බාර දෙනවා හෙපිස්ටස්ට . හෙපිස්ටස් මැටිවලින් කාන්තා රුපයක් හදල බාර දෙනවා සියුස්ට . සියුස් එකේ නහයට පිඹලා පණ දීලා පැන්ඩෝරා කියලා නමකුත් දෙනවා තමන්ගේ දුව හැටියට.
පැන්ඩෝරා මනුස්ස ලෝකෙට එන්නේ පොඩි පෙට්ටියකුත් අරගන හැබැයි ඒක කවදාවත් අරින්නේ නෑ කියලා පොරොන්දුවකුත් පැන්ඩෝරාගෙන් අරගන.
මනුස්ස ලෝකෙදි පැන්ඩෝරා ගේ ස්වාමි පුරුෂයා උනේ එපිමෙතියස්.
එත් සියුස්ගේ බලාපොරොත්තුව මේක කොහොම හරි ඇරවන්න ,පැන්ඩෝරා මගින් නෙවෙයි එයාගේ ස්වාමි පුර්ෂයා මගින්. මොකද සියුස්ට පොඩි ඇරියස් එකක් තිබුන මිනිහගේ සහෝදරයත් එක්ක එකියන්නේ ප්රෝමිතියස් එයා තමයි දෙවියලොකෙන් ගින්දර හොරකම් කරලා මනුස්ස ලෝකෙට අරන්ගිහිපු කෙනා.
අර පෙට්ටියේ යතුර දීල තිබුනේ එපිමෙතියස්ට , හැබැයි මිනිහට ඕක අරින්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඒ උනාට පැන්ඩෝරා කොයිවෙලෙත් ඇවිටිලි කරා එපිමෙතියස්ට පෙට්ටිය ඇරලා බලන්න. බැරිම තැන මිනිහා නැති වෙලාවක පැන්ඩෝරා යතුර හොරකම් කරගන පෙට්ටිය ඇරලා බැලුවා. ඊට පස්සේ උනේ මොකද කියලා සමහරු නම් දන්නවා .ඊට කලින් මන් කියන්න හදන්නේ අපේ පෙළ දහමේ තියන මිට සමාන සිද්ධි දෙකක් ගැන.
පලවෙනි එක තමයි අග්ගඤ්ඤ සුත්‍ර දේශනාවේ තියන ආහාරයේ රසය අඩු වෙන්න හේතු වුන කතාව. ලෝක ආරම්භයේදී සත්වයින්ට ආහාර වලට කිසිම මහන්සියක් වෙන්න උවමනාවක් තිබුනේ නෑ ස්වයං ජාත හැල් ඉබේ පහල උනා. සියලු රස ගුණ වලින් යුක්ත වෙලා තිබුනා ඒවා අඩුම ගානේ පොත්තක්වත් තිබුනේ නෑ .කිසිම දෙයක් එක්ක කවලම් කරන්න ඕන උනෙත් නෑ කෑමට ගන්න. මේ කාලේදී ස්ත්‍රී පුරුෂ එකට ජිවත් වුන නිසා ස්ත්රීන්ට ප්‍රශ්නයක් උනා පුරුෂයින් උදේ හවස ආහාර අරගන එන්න එලියට යන එක. ඒක නිසා ඉල්ලීමක් කරා දවසේ ආහාර එක වර අරගන එන්න කියලා වැඩි වෙලාවක් එකට ඉන්න බලාපොරොත්තුවෙන් මේක පිලිගත්ට පුරුෂයෝ ඒ විදියට වැඩිපුර ටිකකුත් ආහාර විදියට අරගන එන්න පුරුදු උනා. තව ටික කාලෙකදී දවස් කීපෙකට ඇතිවෙන්න එක සැරේ ගෙනිච්චොත් වැඩි වෙලාවක් එක සිටීමට පුළුවන් කියල හිතුන. මේ විදියට දුෂ්‍යතාවය වැඩි උනා සත්වයින්ගේ හිත් තුල. වැඩි වෙලාවක් පංච කාම ආස්වාදය විඳීමේ අරමුණෙන් අනුන් වෙනුවෙන් පහල වෙච්ච ආහාරත් තමන් තන්හාවෙන් රැස්කරගන්න හිතපු නිසා ස්වයං ජාත හැල් නැවත පහල වීම අඩු උනා. ආහාරය පොත්තකින් වැහුනා රසය අඩු උනා කියල සුත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.
දෙවෙනි සිද්ධිය ඔක්කාස කියන සක්විති රජ්ජුරුවොන්ගේ කාලේදී ,රජ්ජුරුවෝ බමුණන්ට දානයක් දීපු වෙලාවක එතන තිබුන පස්ගෝ රස ඒ කියන්නේ කිරි, දී කිරි, මෝරු ,වෙඬරු ,එළඟි තෙල් . ආහාරයට ගත්ත බමුණන්ට හිතුනලු මේවා මෙච්චර රසනම් මේ ඔක්කොම දෙන ගවයාගේ මස් කොච්චර රස ඇතිද කියල. එච්චර කල් ලෝකේ මස් ආහාරයට ගන්න සිරිතක් තිබිලා නෑ. ඒවගේම සියලු මිනිසුනට ලෙඩ රෝග කියල දෙයකුත් තිබිලා නෑ ඒ වෙනකම්.
ඉතින් මේ ගව මස් රස බලන්න බමුණෝ රජ්ජුරුවන්ව රැවට්ටුවා , කොහොමද මාලිගාවේ ඉන්න මංගල ගවයා මරලා ඒ මස් දානයක් දුන්නොත් රටට මහා වාසනාවක් පහල වෙනවා කියලා.
මේ උප්පරවැට්ටියට අහු උන රජතුමාත් එහෙම කරන්න නියෝග කරා. මේ කරපු දුෂ්යය ක්‍රියාව නිසා එදා ඉඳල මිනිසුන්ට ලෙඩ රෝග වසංගත ව්‍යාධි වලට ගොදුරු වෙන්න සිද්ධ උනා කියලා පෙළ දහමේ සඳහන් වෙනවා.
දැන් බලමු අර පැන්ඩෝරා ගේ පෙට්ටිය ඇරියට පස්සේ මොකද උනේ කියල. පෙට්ටිය ඇරියගමන් එකේ ඇතුලේ ඉඳල පුංචි පුංචි සත්තු වගයක් පියඹලා ගියා එලියට. ඒ තමයි සියුස් විසින් හිර කරලා තිබුන මිනිස්සුන්ගේ දුක් වේදනා කරදර ලෙඩ රෝග. එයින් පස්සේ මිනිස්සුන්ට ඒ සියලු දේවල් වලට ගොදුරු වෙන්න සිද්ධ උනාලු. හැබැයි එකක් අර පෙට්ටියේ ඇතුලේ ඉතුරු උනා කියනවා ඒ තමයි බලාපොරොත්තුව . දැන් අර දුක් වේදනා කරදර ලෙඩ රෝග ඔක්කොටම මුණ දෙන මිනිස්සු ජිවත් වෙන්නේ එක හේතුවක් නිසා ඒ ඉතුරුවෙච්ච බලාපොරොත්තුව නිසා.
මේ කතා තුනෙන්ම කියවෙන්නේ එකම සිද්ධාන්තයක් , තන්හාව එහෙමත් නැත්තම් ආශාව නිසා මිනිස්සු දුෂ්යත්වයට පත් වෙලා දුක්ඛ දෝමනස්ස සෝක පරිදේව ව්‍යාධි මරණ වලට ගොදුරු උනා කියන එක.
එතකොට මොකක්ද මේ ඇත්තටම ,පටිච්ච සමුප්පාදය ,
තන්හාව නිසයි මෙහෙම උනේ
තණ්හා පච්චයා උපාදාන ,
උප ආදාන ඒ කියන්නේ ආසන්නයට ඇදී සිටිනවා කියන එක . හිතේ තන්හාව හට ගත්තම එක ඉෂ්ඨ කරගන්න කිසියම් පෙර නොසිටි තත්වයකට හිත ඇදිල යනවා. අරමුණ ඉෂ්ඨ කරගන්න මනස පොළොඹ වන්නේ උපාදානය. වෙන දෙයක් ගැන හිතන්න ඉඩ දෙන්නේ නෑ. තණ්හා වෙච්ච දේටම සිත ඇදල තියාගන්නවා. පැන්ඩෝරා ට පෙට්ටිය අරිනකම් වෙන කොච්චර දේවල් ලෝකේ විඳින්න තිබුනත් ඉවසිල්ලක් නෑ සිත් එකටම ඇදිලා තිබුනේ. බමුණන්ට රාජ භෝජන කොච්චර තිබුනත් ගව මස් රසට හිත ඇදිල තිබුනේ. සත්වයින් කාම පහසට හිත ඇදිල තිබුනේ , පෙනුනේ නෑ වැඩිපුර ආහාර රැස්කරන එකේ අසාධාරණය.
ඊළගට උපාදාන පච්චයා බවෝ
බව කියන්නේ මොකක්ද. පැන්ඩෝරා තන්හාව උපාදාන කරගත් නිසා සොරබවට පත් උනා , බමුණෝ පස්ගෝ රසය උපාදාන කරගත් නිසා වංචාකාරී බවට පත් උනා .අසාධාරණ විදියට වැඩිපුර ආහාර රැස්කරගත්ත සත්වයෝ තන්හාව උපාදාන කරගත් නිසා සොරබව වංචාකාරී බව දෙකටම පත් උනා.
බව පච්චයා ජාති
එතකොට මේ සියලු දෙනා තමන් කලින් හිටපු ජාතියේ අය නෙවෙයි තව දුරටත් . සොර වංචාකාරී ජාතියේ අය. අලුත් ජාතියේ කෙනෙක් බවට පත් උනා.
ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව
ඊළගට මේ අලුත් ජාතිය නිසා මොකද උනේ මරණය හෝ මරණය සමාන දුකකට පත් වෙන්න සිද්ධවුණා
එතකොට පටිච්ච සමුප්පාදයේ ඉතුරු ටික.
තන්හාව ඇති උනේ කොහොමද
වේදනා පච්චයා තන්හා
විඳීමක් එහෙම නැත්තම් වීමක් දැනවීම නිසා තමයි තන්හාව හට ගත්තේ. පැන්ඩෝරා ට තිබුනා පෙට්ටියේ ඇරියොත් මොකද වෙන්නේ කියල විඳගැනීමේ උවමනාවක්. බමුණන්ට තිබුනා ගව මස් රසය විඳීමේ උවමනාවක්. සත්වයින්ට තිබුන වැඩිපුර කාම රසය විඳීමේ උවමනාවක්. එක නිසා ඒ ඒ තැන් වල හා උනා තන්හා උනා.
වේදනාව හටගත්තේ මොකක් නිසාද
ඵස්ස පච්චයා වේදනා
ස්පර්ශය නිසයි වේදනාව හට ගන්නේ.
පැන්ඩෝරා හේ සිතට ස්පර්ශ වෙලා තිබුනේ සියුස් දීපු අවවාදය එකනිසයි මේක කොහොම හරි ඇරලා බලන්න ඕන උනේ , බමුණන්ට පස්ගෝ රස දිවට ස්පර්ශ උන නිසා තමයි මස් රස බැලීමේ තන්හාව හට ගත්තේ. සත්වයින්ගේ කයට කාම පහස ස්පර්ශ උන නිසයි වැඩිපුර ආහාර රැස් කරන්න තන්හා උනේ.
ස්පර්ශය හට ගත්තේ කොහොමද.
සලායතන පච්චයා ඵස්සෝ
ආයතන හය නිසයි ස්පර්ශය දැනුනේ.
ඇස දිව කණ නාසය මනස ශරීරය ඔය ටික නිසයි ස්පර්ශ උනේ. හැබැයි ඉන්ද්රිය හය තිබුනටම ඒවා ආයතන වෙන්නේ නෑ . ආයසතාන එහෙම නැත්තම් එකතු කරන තැනක් උනොත් විතරයි ඒවා ආයතන බවට පත් වෙන්නේ. මොනවද එකතු කරන්නේ. මන වඩන රූප, මන වඩන රස ,මන වඩන ශබ්ද ,මන වඩන ඝන්ධ , මන වඩන පහස ,මන වඩන ධර්ම .
සලායතන කොහොමද හට ගත්තේ
නාමරූප පච්චයා සලායතන.
හිතට යමක් ඉෂ්ඨ කරගන්න බලාපොරොත්තුවක් ලැබුනම ඒක සාක්ෂාත් කරගන්න අවශ්‍යය ක්රමෝපායන් ඉබේම පහල වෙනවා. එකට සම්බන්ධ කරගන්න ඕන පුද්ගලයින් මතක් වෙනවා, බලාපොරොත්තුව ඉෂ්ඨ උනාම කරන කියන කියන දේවල් පිලිබඳ සිතිවිලි පහල වෙනවා, රූප වේදනා සංඥා සංකාර කියන්නේ ඔය ටික තමයි. ඔය හිතට බහින සිතිවිලි තමයි ඉන්ද්රිය විදියට තිබුන ඇස කන නාසය දිව මන ශරීරය ආයතන බවට පත් කරන්නේ.
පැන්ඩෝරා ට පෙට්ටිය ඇරලා බලන්න යතුර හොරකම් කරන්නේ ඕන කියන සංඥා ව හිතට ආවා. බමුණන්ට මස් රස බලන්න රජතුමා සම්බන්ධ කරගන්න ඕන කියන සංඥාව ආවා. රජතුමාව රවට්ටන්න ක්‍රියා කරා , සංකාර , මස් රස පිලිබඳ මනසින් වින්දනය කරා, වේදනා.
එතකොට නාමරූප හටගත්තේ කොහොමද
විඤ්ඤාන පච්චයා නාමරූප
විඤ්ඤාන කියන්නේ කිලිටි ගැන් වුන චිත්තය , වතුර එකක් නම් චිත්තය කිරි තේ එකක් කියන්නේ විඤ්ඤානය. වතුරට කහට සීනි , කිරි කියන භාහිර ද්‍රව්‍ය එකතු වෙලා අව පැහැ ගැන්විලා තියෙන්නේ. ප්‍රබාස්වර වුනු චිත්තය ,මනෝ ,මනායතන , හදයං පංඩරන්... කියලා
ටික ටික පරිවර්තනය වෙලා දුෂ්‍ය වෙලා අවසානේ විඤ්ඤානය බවට පත් වෙන්නේ. වතුර තිබුන වීදුරුවේ පතුල හොදින් පෙනුනා වගේ චිත්ත ස්වාභාවයේදී ලෝකය මනාව දකිනවා. කිරි තේ එකේ පතුල පෙනෙන්නේ නෑ වගේ විඤ්ඤානය බවට පත් උන සිතට ලෝකය විනිවිද දකින්න බැහැ . එවැනි සිතකින් දෙන තීරණ නිවැරදි වෙන්නේ නැහැ.
පැන්ඩෝරා හිතුවේ පෙට්ටියේ මහා වටිනා දෙයක් ඇති කියලා, තාත්තා දුන්න අවවාදය අමතක උනා . බමුණන්ට හිතුනා පස්ගෝරස වලට වඩා ගව මස් රසයක් ඇති කියල. සත්වයෝ හිතුවා අන් අයගේ ආහාර හොරා ගන්නවට වඩා තමන්ගේ කම් සැප විඳීම වැදගත් කියල. එක තමයි විඤ්ඤානයේ ස්වභාවය.
එතකොට විඤ්ඤාන හටගත්තේ කොහොමද
සංකාර පච්චයා විඤ්ඤානය.
සං + කාර කාර කියන්නේ ක්‍රියා සං කියන්නේ මොකක්ද , එකතු වූ දෙයකට සං කියන්නේ.
සං +ඛයා =එකතු වීම ක්ෂය කිරීම.
සං +සරණය = සරි සැරීම් වල එකතුව.
සං +වාද = වාදයන්ගේ එකතුව
සං +සර්ග = කොටස් එකතු කිරීම.
මේ උදාහරණ වලින් යම් තාක් දුරකට වැටහේවි සං කියන්නේ එකතුවට නැත්තම් එකතු වූ දෙයකට කියලා.
එතකොට යමක් එකතු කිරීමට කරන ක්‍රියා කාරකම් සංකාර කියනවා.
පැන්ඩෝරා තමන්ට ලැබුණු පෙට්ටිය වටිනා දෙයක් ඇති බව හිතලා මේක ඇරලා බලන්න ඕනා කියල ඒ ගැන හිතුවා ක්‍රියා කරා. බමුණන් තමන් විඳපු පස්ගෝරස වලට වඩා රස දේවල් ඇති බව හිතුවා , ඒගැන සාකච්චා කරා, සත්වයෝ තමන්ට වැඩි වෙලාවක් කාම ආස්වාදය ලබා ගන්න ක්‍රම පිලිබඳ හිතුවා සාකච්චා කරා . මේ හිතපු කියපු කරපු දේවල් තමයි සංකාර කියන්නේ.
සංකාර කොහොමද හටගත්තේ
අවිජ්ජා පච්චයා සංකාරා
අවිද්‍යාව නිසා තමයි සත්වයෝ සංකාර කරන්නේ . අවිද්‍යාව කියන්නේ නොදැනීම , මොකක් නොදැනීමද , ලෝකය අසාර නොවටිනා දෙයක් බව නොදැනීම.
පැන්ඩෝරා හිතුවා පෙට්ටිය මහා වටිනා දෙයක් කියල. බමුණෝ හිතුවා රස කියන්නේ මහා වටිනා දෙයක් කියලා . සත්වයෝ හිතුවා කම් සැප මහා වටිනා දෙයක් කියලා.
මේ අවිද්‍යා සහගත සිතුවිල්ලෙන් දුන්න තීරණේ නිසා අවසානයේ උරුම උනේ මරණය හෝ ඊට සමාන දුකක්.
ගිනි බෝල කාරයා
ඕනෑම පෙරහැරක තියෙන අංගයක් තමයි ගිනි බෝල කරකැවීම කියන්නෙ.
පෙරහැරට ආලෝකය ගන්න නිකම්ම පන්දම් අරගෙන යනවට වඩා ගිනි බෝල වලින් ඊට වඩා ආකර්ෂණයක් ලැබෙන නිසා හරි පෙරහැර බලන්න ඉන්න මිනිස්සු පාරෙන් අයින් කරන්නත් පුළුවන් නිසා හරි මේ අංගය පෙරහැරට එකතු වුනා වෙන්න පුළුවන්.
මොන අරමුණකින් පෙරහැරට ඒක එකතු වූණත් අර කලින් හේතු වලට වඩා ලෝකෝත්තර අර්ථයකුත් ගිනි බෝලය තුලින් අපිට දකින්න පුළුවන්.
ඔය කරකවන ගිනි බෝල ටික නිසොල්මන්ව තියෙද්දි පන්දම් ටිකක් විතරක් වුණාට කරවද්දි අපිට දර්ශනීය ගිනි වලල්ලක් පේනවා.
කවුරු හරි ඇහුවොත් අතන ගිනි වලල්ලක් තියනවද කියලා උත්තරය ඔව් සහ නැහැ.
එතන ඇසට ගෝචර වන වලල්ලක් විද්‍යාමාන වෙනව, ඒත් ප්‍රඥා ඇසෙන් බලන කෙනෙකුට විස්තර කරන්න පුළුවන් ඒතන කරකැවීම කියන ක්‍රියාවලිය නිසා ගිනි වලල්ලක මායා දර්ශනයක් විද්‍යාමාන වෙනව කියලා.















