Monday, May 11, 2026

එසේ වී නම් ~what if @1

 මේක ලියන්න හිතුනේ ඇත්තටම අපේ මිනිස්සුන්ගෙ ඔලු රාමුවක හිරකරගෙන ඉන්නව කියල තේරෙන නිසා. කැමති නැහැ  out of box හිතන්න. එහෙම හිතන උන්වත් පිස්සන් කියල කොන්කරනව.

FB youtube WhatsApp වගේ සමාජ ජාල ජනප්‍රිය වුනාට පස්සේ මිනිසුන්ගේ මනස විහිදෙන්න විදියක් නෑ. මොකක් හරි post එකක් හරි video එකක් හරි බලල අපි ඒකට හිනා වෙන්න ඕනද අඩන්න ඕනද කියලත් ඒකෙම කියල තියනව. 

YouTube එකේ තියෙන What if කියන නාලිකාවෙ තියන අදහස් ටිකක් තමයි මේකෙ ලියන්න හිතුනේ. ලෝකයේ සමහර දේවල් මේ පවතින විධියට වඩා වෙනස් විධියකට තිබුන නම් කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඒකෙ තියෙන්නෙ. 


1. පෘථිවියේ කුහරයක් 

කිලෝමීටර 12742ක්  විෂ්කම්භයක් තියන පෘථිවියේ මතුපිට එක තැනක ඉදන් මධ්‍ය ලක්ෂය හරහා යන විධියට කුහරයක් හෑරුවොත් අනිත් පැත්තෙන් මතු වෙන්න කොහොමද? 


ප්‍රායෝගිකව නම් කරන්න බැරි වැඩක්

හැබැයි ලෝකෙ මිනිස්සු උත්සාහ කරා. 1970දි සෝවියට් දේශයේ මේ විදියට පොළොව විදල බැලුව කොච්චර යටට යන්න පුළුවන්ද කියලා. එයාලට 12 km විතරයි පුළුවන් වුණේ. ඒක තමයි එතෙක් මෙතෙක් වැඩි ගැඹුර මිනිසා පොළොව විදපු. 

https://www.bbc.com/future/article/20190503-the-deepest-hole-we-have-ever-dug

කොහොම හරි ඒවගේ සිදුරක් විද්ද කියමුකෝ. පෘථිවි ගර්භයේ අභ්‍යන්තර උෂ්ණත්වය නොසලකා හැරල අපි පැන්නොත් අර සිදුර ඇතුලට  මොකද වෙන්නේ? 

විද්‍යාඥයන් ගණනය කරල තියනව විනාඩි 38 කින් විතර අපිට පෘථිවියේ අනිත් පැත්තෙන් මතුවෙන්න පුලුවන් බව. 

ආරම්භක අවස්ථාවේදී මතුපිට ඉඳන් පෘථිවියේ කේන්ද්‍රය තෙක් අපි ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කරල උපරිම ප්‍රවේගය මධ්‍යයේ දී ලබා ගන්නවා. මධ්‍යයය පසු කිරීමත් සමග ත්වරණය මන්දනයක් බවට පත්වෙලා අනිත් පස මතුපිටේදී අපේ ප්‍රවේගය 0 වෙනව. අපිව කවුරු හරි අල්ල ගත්තෙ නැත්නම් වෙන්නේ ආපහු සිදුර තුලටම වැටෙනව. ආපහු හිටපු තැනටම එනව. මේ විදියට දෙපැත්තට දෝලනය වෙවී ඉන්න පුළුවන් කවුරු හරි අල්ල ගන්න කම්. 









No comments:

Post a Comment