Monday, May 11, 2026

කොන්ඩයගේ කතාවස්තුව


 කාලෙකට කලින් රටේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කොන්ඩයා කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධ වුනා මතක  ඇති.
මේක ඔහුට කරන අපහාසයක් නෙවෙයි අවශ්‍යය කාරණේ පැහැදිලි කරන්න නිධාන කතාවක් විතරයි.

මේ අපරාදෙට කොණ්ඩයත් එයාගේ සහෝදරයෙකුත් අත්අඩංගුවට ගත්තා සැක පිට, ඉතින් තහවුරු කරගන්න මේ දෙන්නගෙම DNA පරීක්ෂාවක් කරා, එතකොට තව කාරණයක් එලිවුනා , ඒ තමයි මේ දෙන්නගෙම තාත්තා එක්කෙනෙක් නෙවෙයි කියලා . ගම්වල නම් ඕක මහලොකු දෙයක් නෙවෙයි,
කොහොමහරි එකම තාත්තා මේ ළමයි දෙන්නවම හදාවඩා ගත්තනේ. එතකොට මේ එක දරුවෙක් තමන්ගේ තාත්තා බව නොදැන ඇත්තටම තමන්ව බිහිකරන දායකවුන කෙනාව මැරුවොත් එයාට සිද්ධ වෙන්නේ කොහොම පාපයක්ද. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංග භේදය ,බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම ආනන්තරීය  පවක් කියල.
 ඒවගේම තවත් දේශනා කරලා තියනවා තමන්ව මේලෝකෙට ජාතක කරන්න සම්බන්ධ වෙච්ච දෙන්නව  තමන්ට පුළුවන් වෙච්ච දවසේ  ඉඳලා උරහිස් දෙකේ දෙපෙත්තේ තියාගන  සාත්තු සප්පායම් කරත් තමන්ට මේ ලෝකෙට එන්න කරපු උදව්වට ණය ගෙවන්න බෑ කියලා.
එතකොට ළමයින්ව ඉපදුන ගමන් කැලේට විසි කරලා යන අම්මලටත් එහෙම සලකන්න ඕනද. ගැහැනියක් බලෙන් දුෂණය කරලා ජාතක වුන දරුවෙක් තමන් සැබෑ පියාට  එහෙම සලකන ඕනද.
නැත්තම් තමන් ඉපදුනාට පස්සේ හදාවඩා ගත්ත කවුරු හරි කෙනෙක්ටද එහෙම සලකන්න ඕන.
ආනන්තරීය පවක් වෙන්නේ තමන් හදාවඩා ගත්ත දෙමාපියෙක් ඝාතනය කරෝත්ද?
නැත්තම් කවදා හරි තමන්ව අවජාතක කරපු තාත්තව  හොයාගන ගිහින් ඝාතනය කරෝත්ද?
තමන්ව ඉපදුන ගමන් කැලේට විසිකරපු අම්මව ඝාතනය කරෝත්ද?
නැත්තම් තමන් අතින් ඝාතනය වෙච්ච කෙනා තමන්ගේ සැබෑ අම්මා හරි තාත්තා හරි නොදැන සිටියත් ආනන්තරිය පවක් සිද්ධ වෙනවද?
කොහොමද මේ මව්පියන්ගේ ගුණ මහත්වය තීරණය කරන්නේ, එකට අපිට නොපෙනෙන පැත්තක් දිහා පොඩ්ඩක් හොයල බලන්න වෙනවා
එතකොට අපිට අර සියලු ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන් වේවි.
ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්න කලින් හිටියේ කොහෙද ? අන්තරාභවයක  හිටියේ,
කොහොමද හිටියේ ? ගන්ධබ්බ කයකින් හිටියේ.
කොච්චර කාලයක් එහෙම හිටියද? තමන්ගේ කර්ම වලට ගැලපෙන තැනක් හම්බු වෙනකම්,සමහර විට සුළු වෙලාවක්  සමහර විට අවුරුදු  දාස් ගානක්
එහෙම මිනිස් කයක් බලාපොරොත්තුවෙන් කොච්චර පිරිසක් ඉන්නවද ගන්ධබ්බ වෙලා ? අනන්ත පිරිසක් ගණන් කරන්න බැරි තරමක්.
එතැන ඉන්නේ මිනිස් කයක් බලාපොරොත්තුවෙන් ඉන්න අය විතරද ? නැහැ ලෝකේ ඉන්න ක්ෂුද්‍ර ජීවියාගේ ඉඳලා නිල්තල්මසා වෙනකම් සියලුම සත්වයින්ගේ ගන්ධබ්බ කායික ජීවියෝ ඉන්නවා .
මරණින් පස්සේ සියලු දෙනා ගන්ධබ්බ බවට පත් වෙනවද? නැහැ දේව අත් බැව් සහ ප්‍රේත අසුර අත් බැව් ලබන අය කෙලින්ම ඒ තත්වෙට පත් වෙනවා.අපා ගත වෙන අයත් කෙලින්ම ඒ තැන වල උපදිනවා , හැබැයි ඒ ඒ තැන් වල කර්මය ගෙවලා හරි ඉවර වෙලා හරි මිනිස් තිරිසන් අත් බැවක් ලබා ගන්න ගන්ධ්බ්බයෙක් වෙලා බලා ඉන්න වෙනවා.
ගන්ධබ්බ කායික ජීවියාගේ මානසික ස්වභාවය කොහොමද. හිතන්න  කවුරු හරි ඔබට දඬුවමක් දෙන්න මුළු ඇඟම අර අත පය කැඩුනම දාන ප්ලාස්ටර් වලින් වහනවා .කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැති වෙන්න . දිව කපලා දානවා කිසිම රසයක් නොදැනෙන්න. ඇස දෙක බඳිනවා ආලෝකය කියලා මාත්‍රයක්වත් නොපෙනෙන්න . කන්දෙකේ ඇබ  දෙකක් ගහනවා කිසිම ශබ්දයක් නොඇසෙන්න . නාසයත් වහලා කටින් හුස්ම ගන්න සලස්වනවා කිසිම ගඳ සුවඳක් දැනෙන්නෙත් නෑ  එතකොට. හැබැයි ඔබේ මනස හොදින් වැඩ කරනවා බාහිර ලෝකේ මන වඩන  රූප ,ශබ්ද ,රස, ස්පර්ශ තියනවා කියල මනස දන්නාවා .මැරෙන්න හිතුවත් ඒක කරන්නත් බෑ. කොහොම පෙළීමක් දැනෙනවාද මනසට. අන්න ඒ මානසික ස්වභාවය තමයි ගන්ධබ්බ කායිකයට තියෙන්නේ.
ඇයි එහෙම වෙන්නේ ? එයාට කර්මජව හටගත්ත අභ්‍යන්තර ආයතන 6 පිහිටලා තිබුනට  බාහිර ආයතන නැහැ ඉතින් ඒකට මස් ලේ කයක් අවශ්‍යයි ,  චක්ඛු ,ජිව්හා  සෝත  ඝාන කාය     විඤ්ඤාන විදියට බිහිවෙලා තිබුනට එකට අවශ්‍ය කරන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ලබාගන්න බාහිර ඉන්ද්‍රියන්  පහල වෙලා නැහැ.
එතකොට ගන්ධබ්බයා ගැබකට ඔක්කන්ති වෙන්නේ ස්ව කැමැත්තෙන්ද ? නැහැ ගන්ධබ්බයා හරියට හුළඟට අහුවුණ පුළුන් පොදක් වගේ කර්ම ප්‍රවාහය මගින් ඔහේ ගහගන යනවා. කොහේ හරි ඔක්කන්ති වෙන්න සුදුසු පරිසරයක් හැදෙන කොට ( මව්පිය සංවාසයක් ) කෝටී ගානක් ගන්ධබ්බයෝ එතනට ඇදිල එනවා අවස්තාවක් ලබා ගන්න ,ඒවුනාට  අවස්ථාව ලැබෙන්නේ එක්කෙනාටයි කලාතුරකින්  දෙන්නෙක් තුන්දෙනෙක්ට අවස්ථාව හම්බු වෙනවා

ඇයි  එතකොට අඳ ගොළු බිහිරි , මන්දබුද්ධික ළමයි බිහිවෙන්නේ ? එයාලට පුළුවන්නේ ඒ  කළලයට ඔක්කන්ති නොවී ඉන්න . කර්මයෙන් දෙන අවස්තාව මග අරින්න කාටවත් බෑ , අවස්තාව දුන්නේ කාන්තාවක්ව බලෙන් දුෂණය කරන වෙලාවක නම් එකට ඔක්කන්ති වෙන කර්මය අදාළ සංජාතිකයාගේ මිසක් දුෂණය කරන පිරිමියගේවත් දුෂණය වෙච්ච කාන්තාවගේවත් නෙවෙයි.  මහා ගන්වතුරක ගහගන යන මනුස්සයෙක් එල්ලෙන්න මොකක් හරි දෙයක් හොයන කොට ගඟේ පාවෙලා එන කුණු වෙච්ච මළ මිනියක් ආවත් එකේ එල්ලිලා හරි ගොඩට එන්න හදනවා . අර විධියට ලෝකේ කිසිම දැනීමක් ගන්න බැරි විදියට දඬුවමක් දීල ඉන්න වෙලාවක කවුරු හරි කිව්වොත් මං  ඕකෙන් එක ඉන්ද්‍රියක් අරින්නම් කියලා එකත් කොච්චර දෙයක්ද වෙලාවේ හැටියට . නැත්තම් කිව්වොත් මන් ඔයාව නිදහස් කරන්නම් හැබැයි අතාරින්නෙ ඇන්ටාක්ටිකාව මැදට ගිහින් කියලා කව්ද ඒකට  අකමැති වෙන්නේ. අර පංච කාම විඳගන්න බැරුව තියන මානසික පිඩාව මේ ලෝකෙට ඇවිල්ල වැසිකිලි වලක ජිවත් වෙන්න ඉඩ දෙනවටත්  වඩා සැහෙන්න විශාලයි.

 මෙහෙම  බලනකොට ස්ත්‍රී පුරුෂයෝ දෙන්නෙක් මොන පරමාර්ථ යෙන් සංවාසයක යෙදුනත්  අර ගන්ධබ්බ ලෝකේ ඉන්න සංජාතික කට දෙන ලෝකේ තියන උතුම්ම අවස්ථාව තමයි ඒක. එතැන තමයි මව්පිය ගුණ මහත්වය තියෙන්නේ නැතුව මස් ලේ කයක් අරගන ලෝකෙට බිහි වුනාට පස්සේ සලකන විදිය අනුව නෙවෙයි.
ඒ මස් ලේ කයක් අරගන මේ ලෝකෙට එන්න අවස්ථාව දුන්න කෙනෙක්ව ඝාතනය කරොත් පන පිටින අපාගත වෙන කර්මයක් සිද්ධ කරගත්තා වෙනවා.





No comments:

Post a Comment