Monday, May 11, 2026

ආදරයද මේ..

 දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා

මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා.

මේක ඕනම ආදරේ කරන කෙනෙක්ගේ අත්දැකීමක්, ඇයි   එහෙම බාධා ඇති ආදරය වැඩි දැනෙන්නේ? 

කොහොමද කෙනෙක්ට තව කෙනෙක්ට ආදරයක් හිතන්නේ?

විරහව වේදනාවක් නම් ඇයි ඒක විඳින්න කැමති?

විවිධ අයට විවිධ මත මේකට ඇති මේ මගේ අදහස. 

මනෝවිශ්ලේෂණය අනුව ආදරේ කියන්නේ තමන්ගේ අහිමි දෙය තව කෙනෙකුට ප්‍රක්ෂේපණ කිරීම. නැත්නම් තමන්ගේ හිස්කම අනුන් තුලින් පුරවා ගැනීම. 

මොකක්ද මේ හිස්කම නැත්නමි අපි ලග නැති දේ. 

පොඩි කාලේ ගෑනු ළමයි ආස බෝනික්කන්ට පිරිමි ළමයි ආස යෝධයන්ට, ලොකු වුණාම ගෑනු ළමයි ආස යෝධයො වගේ පිරිමින්ට, පිරිමි ළමයි ආස බෝනික්කො වගේ ගෑනු ළමයින්ට. 

ඒකෙන් තේරුම් ගන්න පුළුවන් යම් දෙයක්. පොඩි කාලේදී ළමයින්ගෙ මනස ලිංගික ඛණ්ඩනයක් සිද්ධ වෙලා නැහැ. හැබයි ජානමය වශයෙන් ලිංගිකත්වය වෙන්වෙලා තියනව. ඒ ඔස්සේ තමයි ගැහැණු ළමයි තම මව තමන්ට ආරෝපණය කර ගන්නේ. ඒ එක්කම පිරිමි ළමයි තම පියාව ආරෝපණය කර ගන්නවා. අවිඥානිකව තමන්ගේ අනාගතය ප්‍රතිනිර්මාණය කරනව. 

මව නැමැති මෘදු නම්‍යශීලි දයාබර බවත් පියා නැමැති දෘඩ සෘජු නොපෙනෙන ආදරයත් මගින් තමයි දරුවෙක් තමන්ගේ ලිංගිකත්වය මනසින් බෙදා වෙන්කර ගන්නෙ. තවත් කියනවා නම් දරුවා තමන් අනාගතයේ විය යුත්තේ ගැහැණියක්ද  පිරිමියෙක්ද මනසින් තීරණය කරන්නේ මේ මව සහ පියාගේ භූමිකාව මතයි. 

මේ යම් භූමිකාවක අහිමි වීමක් හෝ අඩුපාඩුවක් සිදු වූව හොත් දරුවාගේ ලිංගික අනන්‍යතාවය අර්බුදයකට යනවා. ශරීරයෙන් ගැහැණියක් පිරිමියෙක් වුනත් මනසින් 100% එහෙම නොවෙන්න පුළුවන්. 

ළමා විය ඉක්මවන දරුවාගේ ශරීරයේ ඇතිවන වෙනස්‌කම් එක්ක ගැහැණු ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමිවන දේ තමයි පියාගේ ශරීරය, ඒ කියන්නේ දැඩිබව  රලු‌‍ බව. ඒ එක්කම පියාගේ පහස ඈත් කරනවා ගැහැණු ළමයින්ට. 

පිරිමි ළමයින්ට තමන්ගේ ශරීරයේ අහිමි වන දේ තමයි මෘදු බව සියුමැලි බව, ඒ එක්කම මවගේ ඇකයත්  පපුවේ උණුසුමත්  වැඩිවිය පත් වන විට අහිමි වෙනවා. 

මව්පිය භූමිකාව හරියට විඳින්න වෙන්නේ නැති ඕනම දරුවෙක් තුලින් බිහිවෙන්නේ අර්බුදයක් තියන ජීවියෙක්. තමන්ගේ ලිංගිකත්වය සුන්නත් කර ගත්තේ නැති. හරියට සර්කිට් එකේ වයර් මාරු වෙච්චි රිමෝට් කාර් එකක් වගේ. හැමවෙලාවෙම අනෙකාව කන්ෆියුස් කරනව. 

ස්ත්‍රිය තම ශරීර සුංගාරය උගසට තියල පිරිමියා ගෙන් බලාපොරොත්තු වෙන්නේ අහිමි වෙච්ච පියාගේ සලකුණ. පිරිමියා සියලුදේ කැප කරන්නේ තමන්ට අහිමි වුන මවගේ සංකේතය යලි ලබා ගැනීමට. 

දෙපාර්ශවයම තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගෙන තියෙන්නේ අහිමි දෙයක්,හිස්කම එක්ක. ඒක නිසා මේ හිස්තැන පිරවූනොත් තමන්ගේ අනන්‍යතාව චකබ්ලාස් වෙනවා. 

ඒක නිසා අනන්‍යතාව පැවත්ම සඳහා හිස්කම පිරෙන්න නොදී  පවත්වන් යෑම අත්‍යවශ්‍ය කරුණක්. 

ඔබේ ආදරය මට දෙන්න ඒත් ඒක පරිපූර්ණ කරන්න එපා මාව විනාස වේවි. ආදරය පැවත්ම තියෙන්නේ ඒ මතයි. 

ඒක නිසා ආදරේ උපරිම වින්දනය විඳින්න නම් උපරිම බාධක තියෙන්න ඕන. බාධක නැත්නම්  තමන් හදා ගන්න ඕන. 

සම්බන්ධතාවයකදි හොයන්නේ සෑබෑ ලෝකයේ ඉන්න පුද්ගලයා නෙවෙයි තමන් මනසින් ගොඩනගාගත් පුද්ගලයාව. අර ගුරාගෙයි ගෝලයගෙයි චිත්‍ර දෙකේ වෙනස හොයනව වගේ නිතරම සැබෑ පුද්ගලයයි මානසික පුද්ගලයයි ගලපනවා.

බඳින්න කලින්  තිබුණු ආදරය බැන්දට පස්සේ අතුරුදන් වෙන මැජික් එකට හේතුව ඕක තමයි. පොතේ අත්සන් කරාට පස්සේ ආදරය කරන්න තියන සියලු සමාජ සංස්කෘතික බාධක ඔක්කොම ඉවරයි. බාධක නැත්නම් ආදරේකුත් නෑ. 

 


ඉතින් ආයෙත් බාධා තියන ආදරයක් හොයනව. අනියම් සම්බන්ධතා ඉහවහා ගිහින් තියෙන හේතුව ඒකයි. 

ලංකාවේ එක දවසකට මිනීමැරුම් අඩුම එකක් හරි සිද්ධ වෙනවා අනියම් සම්බන්ධතා නිසා. 

සම්මත සමාජයේ ආදරය උත්තරීතර දෙයක් විදිහට සලකන්නේ. කවියො, ගීත රචකයො, මල් පත්තර කාරයෝ, මල් නවකතා පොත් ලියන, FB කතා ලියන අය බොහෝ දෙනෙක්  එක්ක කරන්නේ පුද්ගලික මානසික රෝග ආදරය කියල වැරදියට වටහාගෙන ඒවට සමාජ වටිනාකම් දෙන එක. 
























No comments:

Post a Comment