Monday, May 11, 2026

ජිග් සෝ පසල් - jig saw puzzle




මම හරිම කැමති සෙල්ලමක් තමයි මේක පොඩි කාලේ කරපු . පසල් එකේ මොකක් හරි චිත්‍රයක් තියනවා කලින් අන්දපු ඒක කෑලි වලට කපලා තියෙන්නේ කෑලි හුඟක් ඒවා හැඩයෙන් වෙනස එකිනෙකට. සමහර කෑලි එකම හැඩය තියෙන්නේ එත් චිත්‍රෙට ගැලපෙන්නේ එක කෑල්ලක් විතරයි හිඩැස තියන තැනට අනුව. ඒක නිසා අපිට චිත්‍රය සම්පුර්ණ කරන්න තැනට අදාළ හරිම කෑල්ල තෝරගන , හරි තැනින් තියන්න ඕන . එතකොට තමයි චිත්‍රය සම්පුර්ණ වෙන්නේ. චිත්‍රය කලින් කව්රු හරි අන්දපු එකක් නිසා අපිට බෑ අපිට ඕන ඕන තැන්වල කෑලි තියල චිත්‍රෙ වෙනස් කරන්න.

අපිත් හරියට අර පසල්  එකේ එක කෑල්ලක්  වගේ. ලෝකය අර චිත්‍රය නම් . අපේ  හැඩය, මුණතේ තියන චිත්‍රයේ කොටස නිසා තමයි අපි  ලෝකේ අද ඉන්න තැන ඉන්නේ  , හරියටම කිව්වොත් ලෝකේ කියන චිත්‍රෙ තිබුන හිස් තැනට අපේ හැඩය ගැලපුන නිසා තමයි අපිට මෙතන සෙට් වෙලා තියෙන්නේ.

පසල් එකේ කෑලි වල හැඩේ බැලුවම සමහර තැන් එලියට පැනලා, සමහර තැන් ඇතුලට නෙරලා ,එලියට පැනපු කොටස් වෙන කැල්ලක අස්සට ගානට සෙට් වෙනවා , ඇතුලට නෙරපූ තැන් වලට වෙන කැල්ලක කොටසක් ගානට සෙට් වෙනවා. ඒවගේ ඒවා මේක සෙට් කරන්න කරදරයි කියල අපිට කපල අයින් කරන්න බෑ , එතකොට චිත්‍රෙ සම්පුර්ණ වෙන්නේ නැතිනිසා.



ඒවගේ අපිටත් ලෝකේ ජිවත් වෙනකොට අනිත් අයගේ කෑලි අපේ අස්සේ ගහගන්න වෙනවා අපේ කෑලි  අනිත් අයගේ අස්සේ ගහන්න වෙනවා.
 සමහරු හිතනවා  තමන් ඉපදිලා ඉන්නේ වැරදි තැනක කියල. තමන්ට හම්බු වෙලා ඉන්නේ වැරදි කෙනා කියලා. තමන් විඳින දුක් වෙන කව්රු හරි නිසා තමන්ට උරුම වෙච්ච දෙයක්. ඒවාට වග කියන්න ඕන තමන් නෙවයි කියල. සමහර විට ගත්ත තීරණ ගැන පසුතැවිලි වෙනවා .එහෙම නොකර හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙන වාර අනන්තයි, ඒ උනාට ඒ වෙලාවේ ඒ තීරණේ නොගන ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ.
    සමහරවිට අපිට ඕන උනත් අපේ කෑල්ල දැන් තියන තැනින් ගලවල වෙන තැනකට සෙට් කරන්න අපේ අස්සට රිංගල තියන වෙන අයගේ කෑලි නිසා ඒක අමාරුයි. කොහොමහරි ගැලවුනත් අපේ හැඩේට මුණේ චිත්‍රේට ගැලපෙන තව තැනක් ලෝකේ තියනවද කියන්න අමාරුයි. අපේ හැඩයයි මුනේ චිත්‍රෙයි වෙනස් කරගත්තේ නැත්තම් දෙකම හෝ දෙකෙන් එකක්.
අපේ  හැඩයයි චිත්රේ කොටසයි අපි දන්නේ නැති නිසා අපි බොහොම ලේසියෙන් චෝදනා කරනවා තව කාට හරි අපි දුක් විඳින්නේ එයා නිසා කියලා.

පොඩි කතාවක්  කියනවා නම් .  එක මනුස්සයෙක්    හිටියා එයාගේ රස්සාව හරක් මරණ එක ,එයා ජිවිත කාලේදී හරක්  දහස් ගානක් මරන්න ඇති ,ඉතින් මේ මනුස්සය කාලයක් ජිවත් වෙලා ඉඳල මැරිලා ගිහින් අර කරපු කර්ම ගෙවන්න හරකෙක් වෙලාම ඉපදුනා. ඔන්න මුස්ලිම් මනුස්සයෙක් මේ හරකව සල්ලි දීලා අරගන යනවා මරන්න . මේක දැකල අපේ පින් කැමති අම්මා කෙනෙක් මුස්ලිම් මනුස්සයට සල්ලි දීලා හරකව බේරාගන්නවා. බොහොම ලොකු පිනක් තමයි අපිට .හරකාගේ පැත්තෙන් බැලුවොත් මොකක්ද .


ඒක තේරුම් ගන්න තව කතාවක් කියන්නම් ඉස්සර හිටපු දිසාපාමොක් කෙනෙක් එයාගේ යාග හොමයක් කරන්න එළුවෙක් අරගන ආවා බිලිදෙන්න. දැන් ඔක්කොම ලෑස්ති කරලා එළුවාගේ බෙල්ල කොටයක් උඩ තියලා දිසාපාමොක් ආචාර්ය තුමා පිහිය මුවහත් තියනවා බෙල්ල කපන්න. මේ වෙලාවේ එළුවා හයියෙන් හිනා වෙලා එක පාරටම අඬන්න ගත්තා. ආචාර්ය තුමාට මේක හරි ප්‍රශ්නයක් , වැඩේ නවත්තලා ඇවිල්ලා ඇහුවා එළුවාගෙන් හිනා වෙන්නත් අඬන්නත් කාරණේ මොකක්ද කියලා. එතකොට එළුවා කියනවා මාත් ඔබතුමා වගේම මිනිස් අත් බැවක් ලබල හිටියා ආත්ම 500කට කලින් .මාත් ඔබතුමා වගේම යාගයකට එළුවෙක්ගේ බෙල්ල කැපුවා . ඒ කරපු කර්මයට මං ආත්ම 500ක් එළුවෙක් වෙලා ඉපදුනා දැන් මේ මගේ අන්තිම ආත්මේ මං  දැන් ඔබතුමා අතින් මැරුණම මගේ කර්මය ඉවරයි. එකටයි හිනා ගියේ කියල. එතකොට ඇඬුවේ මොකටද කියල ආචාර්ය තුමා ඇහුව . මං දැන් ඒ කර්මේ ගෙවල ඉවර කරනවා ඔබ තුමා නිසා එත් ඔබ තුමත් මං  වගේ එළුවෙක් වෙන්න කර්මයක් කරගන්න එකට දුක හිතුනා එකයි ඇඬුවේ කියල කිව්වා එළුවා.

ආචාර්ය තුමා ටිකක් මොලේ කල්පනා කරලා එළුවව නිදහස් කරලා ඇරියා . නිදහස් කරපු එළුවා පාර දිගේ ඇවිදගන ගියා , එකපාරටම ළඟ තිබුන කන්දක කළු ගලකට අකුණක් වැදිලා එකෙන් විසි වෙච්ච ගල් පතුරක් ඇවිල්ල එළුවාගේ බෙල්ල කැපිලා ගියා.


ඒ වගේ අර බේර ගත්ත හරකටත් අපි හින්දා තව අත් බැවක් හරකෙක් වෙලා ඉපදෙන්න  සිද්ධවුනා මේ ආත්මෙදි කර්මය ගෙවන්න ඉඩ නොදීපු නිසා .අපි නම් ලොකු පිනක් කරගන්නවා.

එතකොට කොහොමද අර ජිග් සෝ පසල්  එකේ කැල්ලකට වගේ අපිට හැඩයක් සහ ලෝකය කියන චිත්‍රෙ අපිට තැනක් නිර්මාණය උනේ.
ඒක වෙන්නේ ලෝකේ තියන ප්‍රත්‍ය දෙකක් නිසා එකක් අනන්තර ප්‍රත්‍ය අනිත් එක සමනන්තර ප්‍රත්‍
අනන්තර = අන්+ අන්තර - අන් කියන්නේ ආහාරය අන්තර කියන්නේ අඩංගු වෙනවා කියන එක
සමනන්තර = සම+අන්+අන්තර- සම ආහාරයක් අඩංගු වෙනවා
අනන්තරය තමයි අපේ හැඩය එකියන්නේ අපි කරපු  කර්ම බීජ, ගන්ධබ්බයෙක් වෙලා හිටපු අපි මේ ලෝකෙට එන්න බලාගන.
කොච්චර කාලයක් හිටියද කියල අපි දන්නේ නෑ අපිට හරියන හිස්තැනක ලෝකේ හැදෙනකම්. අනන්ත කාලයක් නොඉවසිල්ලෙන් බලා ගන ඉඳල ලැබුන තැන තමයි දැන් අපි මේ ඉන්නේ. ඒකට  කොහොමද තව කෙනෙක්ට චෝදනා කරන්නේ. සමනන්තරය තමයි ලෝකේ අපට හිමි තැන.
අනන්තරය හරියට අටුවක තියෙන බිත්තර වී වගේ ,ගොයම් ගහක් බවට පත් වීමට අවශ්‍ය කරන ගුණාංග , එකේ අඩංගු වෙලා තියනවා , සමනන්ත්රය හරියට සීසාල පිළියෙළ කරපු කුඹුරක් වගේ. දෙක එකට ගලපුනාම පලය විදියට ගොයම් ගහක් ලැබෙනවා. අටුවේ තියන කාර්ම බීජ අපිට වෙනස් කරන්න බෑ දැන් අපිට , කරන්න පුළුවන් කුඹුර වෙනස් කරන එක,
අපල කාලයක් ආවම නක්ෂශ්ත්‍ර කාරයෝ කියන්නේ  බෝධි පුජා තියන්න කියලා ඒ අර කුඹුර වෙනස් කරගන්න.

ගොවියෙක් කොහොමද කැලෑවක  හේනක් කුඹුරක් මුලින්ම  සකස් කරගන්නේ ,  අන්න ඒ විදියට තමයි අපිත් අපේ සිත සකස් කරගන්න ඕන ධර්ම අවබෝදයක් ලබා ගන්න. එවං උප සංහරති
මුලින්ම ගොවියා තමන් වගා කරන්න යන සාවිය ලකුණු කරලා වල් කොටනවා, වල්  කොටන කොට ඒ සාවියේ හිටියනම් සතා සිව්පාවෝ උන් පැනලා යනවා තාවකාලිකව. ඊළඟට රොඩු බොඩු ටික එක තැනකට එකතු කරලා ගිනි තියලා දානවා දැන් ගොවියට තමන් වගා කරන්න යන භුමිය දළ වශයෙන් පේනවා. දැන් තියෙන්නේ මුල් බැහැ ගත්ත  මහා රූස්ස ගස් ටික ඉතුරු වෙලා . ඒවා එක සැරේ ගලවලා අයින් කරන්න අමාරුයි.  මුලින්ම කඳ මුලින් කපලා බිමට පෙරලනවා , කඳ හසුරවන්න පුළුවන්
 තරමේ කුට්ටි වලට කපලා  වගා බිමේ වටේට දඬු වැටක් හිටව ගන්නවා, එතකොට අර පැනල ගිය සතා සිව්පාවෝ ආයේ එන්නේ නැහැ වගාවට හානි කරන්න.
එවං  උප සංහරති කියන බුද්ධ වචනයට අනුව සංසන්දනය කරලා බැලුවොත් , අපේ කෙලෙස් වලින් වල වැදිලා තියන හිතේ ධර්ම බීජය පැල කරන්න බැහැ  එක සැරේ , එක හරියට මහා කාලයක් මැද්දේ තක්කාලි පැලයක් හිටෙව්වා වගේ වැඩක් , ගොළු බෙල්ලෙකුට උනත් පුළුවන් ලේසියෙන්ම ඒක විනාශ කරලා දාන්න,
කොහොමද  කෙලෙස් අර කැලේ  සුද්ද කරනවා වගේ හිතෙන්  අයින් කරගන්නේ, සතර සතිපට්ටානය තමයි ඒකායන මාර්ගය, මුලින් ලොකු දෙයක් නෙවෙයි, අපි කරන සියලු ක්‍රියා ගැන සෙවිල්ලෙන් ඉන්නවා සිහියෙන් ඉන්නවා , අර රූස්ස ගස් තමයි අපේ ඇබ්බැහිවීම් ඒවා එක සැරේ ඇත අරගන්න බැහැ ටික ටික අවබෝධයත් එක්ක අත් ඇරිලා යනවා . දඬු වැට තමයි ධර්මය , තාවකාලිකව ඉවත් වෙච්ච කෙලෙස් නැවත මතු වෙනකොට ධර්මය සිහිකරනවා. එතකොට සත්තු වගේ හිටපු අපේ කෙලෙස් වලට නැවත මේ වගා භූමියට ඇතුල් වෙන්න්න තියන ඉඩකඩ ඇහිරෙනවා.

දැන් ගොවියා පොලොව හොදින් සුද්ද කරගන්නවා , අර රූස්ස ගස් වල මුලට රොඩු එකතු කර කර ගිනි තියනවා , නැවත පැල නොවෙන්න. දැන් පොලොව සුදුසුයි වගා බීජයක් සිටුවන්න  සුදුසු කාලය බලලා.
කෙලෙස් තවා හැරපු සිත සුදුසුයි ධර්ම අවබෝධයට , කල්‍යාණ මිත්‍රයෙක්  ලඟට ගිහින් ධර්මය අහන්න .



මෙතන තියෙන්නේ අසු හාර දහසක් වෙච්ච ධර්ම කාරනා වලින් එක ධර්ම කරුණක් , හැම ධර්ම කරුණක්ම කෙලවර වෙන්නේ නිවන් මාර්ගයෙන් , බුදු රජාණන් වහන්සේ නිවන් දකින්න ක්‍රම අසූහාර දහසක් තමයි දේශනා කරේ, ධර්ම අවබෝදයට අවශ්‍යය එක  ධර්ම කාරණයක්  ප්‍රත්‍යක්ෂයෙන් දැනගැනීමට පමණයි. ගාථා  සුත්‍ර කටපාඩමින් දැන ගැනීම ධර්ම අවබෝධය නොවෙයි. ධර්ම විභාග සමත් වීමත් ධර්ම අවබෝදය නොවෙයි.

No comments:

Post a Comment