Monday, May 11, 2026

අනේ අනිච්චං කික්කිද මේ



අපේ පොඩි නැන්දලගේ ගේ ඇතුලට බලු නෑම් බියෙක් රිංග ගත්ත වෙලාවට අපේ මම්මා කෑගැහුවේ ඔහොම තමයි. මම්මා කිව්වට එයා අපේ ආච්චි ,තාත්තගේ අම්මා. මම්මා අපෙන් වෙන් වෙලා අවරුදු පහළොවක් විතර උනාට දැන් මට මේ අනිච්ච කියන වචනේ අයෙත් බහුලව ඇහෙන්න ගත්තම එයාව අයෙත් මතක් උනා. එයාගේ ලොකු පුතාගේ පිරිමි දරුවෝ වෙච්ච අයියටයි මටයි මම්මාගේ විශේෂ සැලකිල්ලක් තිබුණා. මොකද පවුලේ නම ගෙනියන්න හිටපු අය නිසා වෙන්නත් ඇති.
අපි පොඩි කාලේ ඉඳල ඉගනගන තිබුන දෙයක් තමයි ලෝකය අනිත්‍යයි කියලා , අනිත්‍ය කිව්වේ ස්ථිර නෑ කියල, ඒක නිසා දුකයි! මිනිස්සු ඉපදෙනවා වයසට යනවා මැරෙනවා , ද්‍රව්‍ය වස්තුත්  එහමයි හටගන්නවා කාලෙකදී වැනසිලා  යනවා . පිටින් බැලුවම කිසිම වැරද්දක් නෑ තමයි ලෝකයේ දේවල් ස්ථිර නෑ. දේවල් වෙනස් වෙනකොට අපිට දුකයි. ළඟ හිටපු  කෙනෙක්  වෙනස් වුනාම පුදුම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලත් බුදු දහමේ කියල තියනවනේ.
එතකොට ලෝකය අනිත්‍යයි නම් මොකක්ද මේ ලෝකය කියන්නේ, බුදු දහමේ ලෝකය විග්‍රහ කරලා තියනවා විවිධ ආකාරයට සරලව කිව්වොත් අපේ ඉන්ද්‍රිය 6ට දැනෙන දේවල් සියල්ල ලෝකය , ඇස සහ  ඇසට පෙනෙන රූප කණ සහ කණට ඇසෙන ශබ්ද , නාසය සහ නාසයට දැනෙන ගඳ සුවඳ දිව සහ දිවට දැනෙන රස ,ශරීරය සහ ඊට දැනෙන ස්පර්ශ ,මනස සහ ඊට දැනෙන සිතිවිලි.

 තවත් ඉතින් ධාතු විදියට ඒ කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි , ස්කන්ධ විදියට රූප වේදනා සංඥා සංකාර විඥ්ඥාන විදියටත් විග්‍රහ කරලා තියනවා.
මට කියන්න ඕන උනේ ලෝකය කියන්නේ මේ පෘතුවිය කියන එකම නෙවෙයි කියල බුදු දහමේ විදියට,
එතකොට අපේ මරණය ලෝකෙට අයිති දෙයක් නෙවෙයිද? එතකොට එක ස්ථිර දෙයක් නෙවෙයිද?
මට පිළිකාවක් හැදුනොත් එක ස්ථිර දෙයක්ද අස්ථිර දෙයක්ද?

ඔයවගේ ගොඩක් උදාහරණ දෙන්න පුළුවන් ලෝකේ ස්ථිර දේවලුත් තියනවා කියල. එතකොට ස්ථිර නැති ඒවා අපිට දුකයි නම් ස්ථිර ඒවා අපිට සැප වෙන්නත් එපයි.
මේකේ එතකොට මොකක් හරි කොස්සක් තියනවා කියල නිකමට හිතෙන්නේ නැද්ද . බුදු දහම කියන්නේ මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ධර්මයක් නිසා අරෙහේ මෙහෙ කොසු තියෙන්න විදියක් නෑ කියලා.

No comments:

Post a Comment