Monday, May 11, 2026

බුදු දහමේ අයිතිකාරයෝ.



පස්වග තවුසන්ට ධම්මචක්කත් පවත්තන සුත්‍රය දේශනා කිරීමෙන් ඇරඹුන බුදුරදුන්ගේ ධර්ම දේශනය අවසන් වුයේ
අවසන් බුද්ධ වචනය වන  හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" තෙක් යම් වචනයක් උන්  වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවුයේද ඒ සියල්ල අවසන් වුයේ නිවන අරමුණු කරගනය. යම් ක්‍රියාවක් කලේද කෙනෙකුට නිවන් දැක්මට උපනිෂධ වනු පිණිසය.

උන්වහන්සේ දේශනා පැවැත්වුයේ ශුද්ධ මාගධී භාෂාවෙන් බව සඳහන්වෙයි. මාගධී භාෂාවේ අකුරු ව්‍යාකරණ  නොමැති අතර හැඟීම් මුලික කොට  ගැන ගොඩ නැගුනු භාෂාවකි. හැඟීම් මගින් අදහස උත්දීපනය වන ආකාරයේ භාෂාවක් නිසා නුගත්  උගත් බාල මහලු සියලු දෙනාට අවබෝධයට පහසු විය. . සුනීත , සෝපාක , රජ්ජුමාලා, ආලවක , වැනි පුද්ගලයින් භාෂාව උගත් අය වුයේ නැත . භාෂාව ඉගනීමට පවා තහනම් සමාජ පෙළක ජිවත් වුවන්ය. ඔවුන් පවා එක බුද්ධ දේශනාවකින් ම මාර්ග පල අවබෝධ කරගැනීමට සමත් විය. මාස හතරක් එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුනු චුල්ලපන්ථක ස්වාමින්වහන්සේට එක කර්මස්ථානයකින්  එක දවසකින් අරිහත්වයට පත්වෙන්න පුළුවන් වුන බව සාසන ඉතිහාසයේ තියනවා.
දැනට පවතින ත්‍රිපිඨකය සකස් කරේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවතී පළමුවන ධර්ම සංගායනාවේදීය . බුද්ධ දේශනා ඇසූ  සියලු ස්වාමින්වහන් සේ ලාගේ එකතුවකින්   එක් එක් දේශනය සාරාංශ කොට කට පාඩමින් තබාගත හැකිලෙස මාත්‍රා ගලපා සකස් කර  සුත්‍ර වශයෙන් සියලු බුද්ධ දේශනා සුත්‍ර විනය අභිධර්ම වශයෙන් පෙළ ගැස්වූ දහම පාලි විය. එක එක ධර්ම කොටස් පාරිභාෂිකව පවත්වාගන යාමට සඟ පරපුරවල් වෙන් වෙන්ව අනුයුක්ත විය. බුදු රදුන් ජීවමාන කාලයේ ගාථා තුබූ නමුත් සුත්‍ර තිබුනේ නැත. භික්ෂුන් වළගම්බා රජ දවස ත්‍රිපිටකය පොතක ලියන තුරු ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේලා සිටියේද නැත. පළමු වරට ත්‍රිපිටකය පොත්වල ලිව්වේද සිංහල වට අකුරු වලින් නොව බ්‍රාහ්මී අක්ෂර වලිනි . ඒවන විට වට අකුරු ශාස්ත්‍රය ලංකාවේ නොතිබුණු බැවිනි. වට අකුරු ශාස්ත්‍රය ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ සොයා ගැන මෙරට රැගෙන ආවේ බුද්ධඝෝෂ හිමියන් විසිනි.  උන්වහන්සේ විසින් ත්‍රිපිටකය  බ්‍රාහ්මි අක්ෂර වලින් සිංහල වට අකුරු වලටත් ලියන ලද අතර එය නැවත පාලි භාෂාවෙන් සිංහලටත් පරිවර්තනය කර නැවත සිංහලෙන් පාලි භාෂා වටත් පරිවර්තනය ලදී. දැන් පවතින්නේ එම ත්‍රිපිටකයයි. මේ පරිවර්තන වලදී කොපමණ අඩුපාඩු සිදුවුවාදැයි කිසිවකු නොදනී. මුලික බ්‍රාහ්මි අක්ෂර ත්‍රිපිටකයට ලියන ලද හෙළ අටුවා ග්‍රන්ථ මහසෙන් රජු විසින් මහා විහාරය විනාශ කරන ලදුව විනාස වී ගියේය.

ත්‍රිපිටකය තුල ධර්ම කරුණු අසු හාර දහසක් ඇති බව කියවේ. මේ බොහෝ සුත්‍ර බුදුරජානන් වහන්සේ එක් එක් පුද්ගලයින් දෙවියන් බ්‍රහ්මයන් සඳහා ඔවුන් මතුකළ ප්‍රශ්න හමුවේ හෝ  පිරිසක් කතාබහක යෙදී සිටි කරුණක් මුල් කරගන දේශනා කරන ලද ඒවාය. ත්‍රිපිටකය පොතක ලියන තුරු භික්ෂුන්වහන්සේලා  දේශනා කරන ලද්දේ ඔවුන්ට අවබෝධවූ ධර්මයි.

දැන් ත්‍රිපිටක හරියටම දොස්තර බෙහෙත් තුන්ඩුවක් වැනිය. තුණ්ඩුවේ හරි ලෙඩේට හරි බෙහෙත ලියා ඇත , ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි. නමුත් එය කියවිය හැක්කේ පාමසියේ අයට පමණි.ඉංග්‍රීස් දන්නා ඕනෑම අයෙකුට බෙහෙත් තුණ්ඩුව කියවිය හැකි නමුත් අදාළ බෙහෙත ලබාදිය නොහැක.   ඉංග්‍රීසි දන්නා සිල්ලර කඩ වෙළෙන්දන් පාමසියක් දමාගත් විට සිදු වන්නේ මහා ජන්ජාලයකි.
 ධර්ම දේශනා කරන බොහෝ භික්ෂුන්වහන්සේලා දෙවැනි වර්ගයේය. භාෂාවන් දනී නමුත් අර්ථයන් නොදනී. ඉදින් අකුරු නොමැති වූ මාගධී භාෂාවේ ධර්මයට වචන පද වැල් අල්ලගන අදහස විකුර්ති කරමින් සිටි. ධර්මය තමන්ගේ සංස්කරණයක් ලෙස සකසාගන අනෙකා දෙසන ධර්මයේ අඩුපාඩු කියමින් සිටි. තමන් දෙසන ධර්මය හරි බවත් අනෙකා මින්සුන් මුලා කරන බවත් තමන්ගේ දායක ප්‍රජාවට කියයි.

No comments:

Post a Comment