Monday, May 11, 2026

ආනන්ද සර්පයා දුටුවාද?



එක්තරා අවස්තාවක බුදු රජාණන් වහන්සේ ගාවට එනවා ඒකාලේ හිටපු රංගන ශිල්පියෙක් , ඇවිල්ල අහනවා ස්වාමීනී අපේ පරම්පරාවේ සියලු දෙනාම කරේ මේ  රංගන කලාව , එයාල නාට්‍ය හදලා ඒවා රඟපාලා වේදිකාවල පෙන්නලා මිනිස්සුන්ව පිනෙව්වා  , ඉතින් අපේ අය කියනවා අපි එහෙම මිනිස්සුන්ව පිනවපු නිසා මරණින් පසු දිව්‍ය උත්පතියක් ලබනවා කියලා. මේක සත්‍යක්ද කියලා .

උන්වහන්සේ කියනවා ඕක මගෙන් අහන්න එපා කියලා,
අර මනුස්සයා නැවතත් ඒ ප්‍රශ්නෙම අහනවා ,
 බුදුන්වහන්සේ අයෙත් කියනවා ඕක මගෙන් අහන්න එපා කියල,
ඒ උනාට අර මනුස්සයා නැවතත් ඒ ප්‍රශ්නෙම විමසනවා.
මේ වෙලාවේ උන්වහන්සේ දේශනා කරනවා ඔබේ පරම්පරාවේ අය කියන දෙය සත්‍යයෙන් තොරයි. ඔබේ පරම්පරාවේ අය මරණින් පසු පහාස නම් නරකයේ උපදිනවා කියල .
ඔබේ අය  සිදු නොවුණු දෑ  සිදු වුනු දෑ  විදියට පෙන්වලා මිනිසුන්ව මුලාවට පත් කරනවා.
කාමය උපද්දන කතාවෙන් කාමය උපද්දන සිනාවෙන්
කාමය උපද්දන බැල්මෙන්
 කාමය උපද්දන දර්ශන වලින්
මිනිසුන්ගේ මෙතෙක් නොතිබූ කාමයන් සිත් තුල පැල කරවනවා.
ඔබේ රැකියාවේ ආදායම වැඩිකර ගැනීමට මිනිසුන්ව නැවත නැවත ඔබ වෙත ගෙන්වා ගැනීමට උපක්‍රම බාවිතා කරනවා, මිනිසුන් තුල ලෝභය ඇතිකරවනවා.
ඔබේ සමහර නාට්‍ය වල කෙනෙක් වීරත්වයට පත් කර තව කෙනෙක් සතුරෙක් කරනවා.
ඒ තුලින් මිනිසුන් සතුරු පාර්ශවයට  ද්වේශය ඇති කරවනවා.



ඉතින් මිනිසුන් තුල පෙර නොතිබූ ලෝභය ද්වේශය මෝහය ඇති කරවන ,
තිබු ලෝභ ද්වේශ මෝහ මෝරන ක්‍රියාවන් සිදුකරන කෙනෙක්  මරණින් පසු දිව්‍ය අත් බැවක් ලැබීමට හේතු නැහැ.
මේ අත් බවේදී  ධර්ම අවබෝධයට හේතු ඇති කෙනෙක් ඔබේ රසිකයෙක් වෙලා ඒ අවස්ථාව මග අරවා ගත්තොත් ඔබ ඔහුට මහා අවැඩක් සිදු කළා වෙනවා ,
එයින් ඔබට පාප කර්මයක් සිද්ධ වෙනවා නොවේදැයි උන් වහන්සේ අර රංගන ශිල්පියාගේන්  ඇහුවා.



එසේය ස්වාමිනි වැසී තිබු යමක් ඇරලා පෙන්නුවා වගේ , යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ  මට සියල්ල වැටහුනා කියලා  රංගන ශිල්පියා යන්න ගියා.



 මිනිස් සිත කියන්නේ ශක්ති ප්‍රභවයක් සෑම  සිතිවිල්ලකින්ම චිත්තජ ශක්තියක් නිෂ්පාදනය කරලා විශ්වයට මුදාහරිනවා , මුදාහරින්නේ සුද්ධාෂ්ඨක විදියට ,
සුද්ධාෂ්ඨකය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ගති ලක්ෂණ අටකින් යුක්ත අති සියුම් අංශුවක්,
නිෂ්පානය වෙන සුද්ධාෂ්ඨකය නිපදවුනේ අලෝභ අමෝහ අද්වේශ චිත්තයකින් නම් විහිදෙන කිරණය සුදු කිරණයක් කියනවා , නිපදෙව්වේ ලෝභ ද්වේශ මෝහ චිත්තයකින් නම් විහිදෙන කිරණය කළු කිරණයක් කියනවා.



විශ්වයට එකතු වෙන සුදු කිරණ මිනිසුන්ට යහපත උදාවෙන්න හේතු වෙනවා .
ඒවගේම කළු කිරණ ලෝකය අඳුරු කරන්න නැත්තම් අයහපත උදාකරන්න හේතු වෙනවා.
බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා රටක පාලකයා දුෂ්‍ය නම් එහි දේශගුණය පවා වෙනස් වෙනවා කියලා අකලට වැසි වහිනවා .කලට වැසි නොලැබී යනවා අස්වනු කෘමි සතුන්ගෙන් විනාශ වෙනවා .
 රට වැසියෝ දුෂ්‍ය වෙනකොටයි දුෂ්‍ය රජ කෙනෙක් බිහි වෙන්නේ , දුෂ්‍ය මිනිසුන් වැඩිපුර ඉන්නවා නම් වැඩි පුර කළු කිරණ  ඒ ප්‍රදේශයේ එකතු වෙන්නේ. නිතැතින්ම ඒ රටට ප්‍රදේශයට අභාග්‍යය උදාවෙනවා.



ලෝකයේ රටාව දිහා බැලුවත් අපිට බලාගන්න පුළුවන් මේ වෙනස.

සමකයට ආසන්න රටවල් වල ආර්ථික දේශපාලන තත්වයත් බහුතර මිනිසුන්ගේ චිත්ත ස්වභාවයත්  ද්‍රැව ආසන්න රටවල මිනිසුන්ගේ  චිත්ත ස්වභාවයත් ඒ රටවල් වල ආර්ථික දේශපාලන තත්වයත් සංසන්දනය කරොත් යමක් වටහාගන්න පිළිවන් වේවි.

මේ මාතෘකාවට අදාලා නොවෙන කරුණු ගොඩක් විස්තර කරගන ආවේ යමක් ඔබටම අවබෝධ කරගන්න ඉඩ අරින්න.



මුහුණු පොත ඇතුළු  සමාජ ජාල සහ  රුපවාහිනි සන්නිවේදන මාධ්‍ය දැන් බොහෝ වෛරය පතුරන, කාමය උද්දීපනය කරන මිනිසුන් මෝහයට පත් කරන දේවල් වලින් පිරිලා , රුපහිනියෙන් පෙන්වන දෙයක් මිනිසුන් දකින්නේ එකවරයි නමුත් දැන් කිසියම් ද්වේශය උපද්දන රූප රාමුවක් ,කාමය උපද්දන රූප රාමුවක් මෝහ උපද්දන රූප රාමුවක් ක්ෂණයකින් සමාජ මාධ්‍ය තුල කවුරුන් හෝ ඇතුලත් කරනවා. ඔබ එය බෙදා හරිනවා , රටේ සිද්ධ  වෙන කිසියම් සිද්ධියක් විවිධ පුද්ගලයින් තම තමන්ගේ මතිමතාන්තර විදියට සමාජ මාධ්‍යය මුදාහරිනවා .ඔබ එය විඳගන ලෝභ ද්වේශ මෝහ සිතිවිල්ලක් පහල කරනවා .කළු කිරණයක් ලෝකයට මුදා හරිනවා, ඊළඟට ඔබේ මිතුරන්ට එය බෙදා හරිනවා ඔවුනුත් කළු කිරණ ලෝකයට මුදා හරිනවා, ඊළඟට මිතුරන් ඔවුන්ගේ මිතුරන්ට ,ඔය වගේ මහා විශාල පිරිසක් එක රුපයක් රුප රාමුවක් දැකල ලෝකයට කළු කිරණ මුදා හරිනවා.

පහුගිය කාලේ අරගන බලන්න රටේ සමහර පැති වලට අධික වැසි ලැබෙනකොට සමහර පැති නියඟයට මුණ දීල . වැස්ස පටන්ගත්තාම කෙළවරක් නැතුව වහිනවා රෙදි ටිකක්වත් වේලාගන්න බැරි තරමට. ජලවිදුලි නිෂ්පාදන ජලාශ වලට දරා ගන්න බැරි තරමට වහිනවා . අයෙත් කලෙකදී ජලාශ හිඳෙන තරමට පායනවා, වැසි රටාව අක්‍රමවත් වෙලා. වැස්ස නිසා භව භෝග විනාස වෙනවා. නියඟය නිසා විනාස වෙනවා. සේනා දළඹුවන් නිසා භෝග විනාස උනා.




ආනන්ද සර්පයා දුටුවාද?









No comments:

Post a Comment